දියේ ගිලුන අයෙකු බේරා ගැනීමේදී අනුගමනය ක&#3525

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    දියේ ගිලුන අයෙකු බේරා ගැනීමේදී අනුගමනය ක&#3525

    1-දියේ ගිලෙමින් පවතින අයෙකු බේරාගැනීමේදී ඔබට ඒ පිළිබද පළපුරුද්දක් නැතිනම් ඒ සදහා පළපුරුදු ඇති කෙනෙකුගේ උදව් ඉල්ලා සිටින්න.
    7QQKShJ.jpg


    2-පළපුරුදු කෙනෙකු නිවැරදි පිළිවෙත් අනුගමණය කරමින් ඔහු ගොඩට රැගෙන ආ යුතුය. ඔහු හුස්ම නොගන්නේනම් සහ ඒ සදහා බොහෝ කාලයක් ගත වන්නේනම් ගොඩට එන අතරතුරද මුඛයට ,මුඛය තබා හුස්ම ලබා දිය හැකිය. එනමුදු ඒ සදහා මනා පළපුරුද්දක් තිබිය යුතු අතර පළපුරුදු නැතිනම් කඩිනමින් ගොඩට ඒම කළ යුතුය.
    hReXj12.jpg


    3-එසේ නැතිනම් වෙනත් විකල්ප ක්‍රම මගින් ඔහු බේරන්න උත්සාහ කරන්න.
    ඔබ ආරක්ෂිතවී සපයා ගත හැකි ඕනෑම උපකරණයක් මගින් රෝගියා බේරන්න උත්සාහ ගන්න. උදා. කඹයක් , දිග ලීයක් . පාවෙන උපකරණයක් හෝ මිනිස් දම්වැලක් මගින් කෙනෙකුගේ ජීවිතය බේරා ගත හැකිය.
    Ru65VyI.jpg

    3fbpgsO.jpg

    AtSM6zS.jpg

    cuIr0jc.jpg


    4-ගොඩට ගත් පසු හිස, ගෙළ සහ කෂේරුකා ස්ථාවරව තබා ගන්න .
    නිකට මදක් ඔසවා නළල මදක් පහත්කර හුස්ම ගන්නා මාර්ගය නිවැරදිව පවත්වාගන්න.
    vRfluVk.jpg


    5-මුඛය ආසන්නයේ යම් දෙයක් සිරවී ඇතිබව පෙනේනම් එය තම ඇගිළි මගින් ආරක්ෂිතව ඉවත් කළ හැකිය. එය සංයමයෙන් කළ යුතුය. නැතිනම් එමගින් තව දුරටත් ශ්වසන මාර්ගය අවහිර විය හැකිය.
    zDGOxLb.jpg


    6-තම කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය අසළ තබා හුස්ම වැටේදැයි ඇසීමෙන් . දැනීමෙන් විනිශ්චය කරන්න. ඇස්දෙකෙන් රෝගියාගේ පපු ප්‍රදේශය උස්පහත් වන්නේදැයි තත්පර 5 ක් 10 ක් පමණ බලා හුස්ම ඇති නැති බව විනිශ්චය කරන්න.
    UQjxrnV.jpg


    7-රෝගියා හුස්ම ගන්නේනම් පැත්තට හරවන්න. රෙදි පොරවනයකින් හොදින් පොරවන්න.
    අධීක්ෂණය කරමින් රෝහල කරා රැගෙන යන්න.
    6YH6ESU.jpg


    8-හුස්ම නැතිනම් හෝ ඉතා අපහසුවෙන් අසීරුව හුස්ම ගන්නේනම් වහා හුස්ම වාර 5 ක් ලබා දෙන්න. (තත්පරයකට එක ගානේ)
    ඉන් අනතුරුව පපුව මධ්‍යයට පපු තෙරපුම් වාර 30 ක් ලබා දෙන්න.
    s1UMbYo.jpg


    9-ඉන් අනතුරුව පපුව මධ්‍යයට පපු තෙරපුම් වාර 30 ක් ලබා දෙන්න.

    අඛන්ඩව පපු තෙරපුම් වාර 30 - හුස්ම වාර 2 ක්‍රියාත්මක කරමින් සුදුසු වාහනයක දමා පහසුකම් ඇති රෝහලක් කරා රැගෙන යන්න.
    ශරීර උෂ්නත්වය පාලනය කිරීමට රෝගියා රෙද්දකින් පෙරවීමටත් අමතක නොකරන්න
    W3Hkw4Z.jpg



    උපුටා ගැනිමකි​