දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන&#35

දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන&#35

“මහාචාර්යතුමා…. තමුන්නාන්සෙට උගත්කම තිබුණට මොළේ කඳුලක්වත් නැති මිනිහෙක්….”
නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය නාරද වෛද්‍යසේකර මහතාට කළකිරුණු හැඟීමක් මුහුණට ආරූඪ කරගෙන දොස් නැඟුවේය.
“මම කිවුවෙ ඇත්ත මිස්ටර් ජයසේකර…”
“මිස්ටර් ජයසේකර ? තමුන්නාන්සෙට මම කියලා තියෙනව නේද මට මිස්ටර් ජයසේකර කියලා කියන්න ඕන නෑ කියලා… එක්කෝ ඇමතිතුමා කියනවා… නැත්තං සර් කියනවා අනිත් මිනිස්සු වගේ…..”
දහය ශ්‍රේණිය පමණක් සමත් මැර බලයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ආ නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ලොව පුරා රටවල් රාශියක විවිධාකාර උසස් තනතුරු දැරූ මහාචාර්ය වෛද්‍යසේකර වෙත නිර්දය ලෙස කඩා පැන්නේය….
“මම තමුන්නාන්සෙ මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට බඳව ගත්තෙ ජනාධිපතිතුමියගෙ උවමනාවට මිසක් මට උපදෙස් ගන්න නෙවෙයි… මට උපදෙස් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා… තමුන්නාන්සෙගෙ පර්යේෂණයෙ ප්‍රතිඵල ඕන කෙනෙකුට පෙන්වගන්න… මට ඔය පර්යේෂණයෙන් ලාභයක් නෑ.. මට ලැබෙන්නෙ පාඩුවක් විතරයි… මම තමුන්නාන්සෙට කිවුවෙ නෑනෙ ඔය පර්යේෂණය කරන්න කියලා.. තමුන්නාන්සෙ පත් කළේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න…. මේ පර්යේෂණය ඕකට අදාල නෑ…”
“එහෙම කියන්න එපා ඇමතිතුමා.. මේ නිසා රටට කොච්චරක් කියලා සල්ලි ඉතිරි වෙනවද ?”
“රටට සල්ලි ඉතුරු කරලා කාටද හලෝ හරි ගියේ ? බලනවා.. තමුන්නාන්සෙ අවුරුදු හතරක් විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන.. තවත් අවුරුදු ගානක් ආචාර්ය උපාධිය කරලා… රට රටවල ගිහින් වැඩ කරලා.. මොනවද හම්බ කළේ ? ආ ? අඩුම ගානෙ ඉන්න ගෙයක්වත් තියෙනවද ? පාරට පැස්සම මිනිස්සු තමුන්නාන්සෙ අඩුම ගානෙ කවුද කියලවත් දන්නවද ? මොකද්ද තියෙන පිළිගැනීම ?”
“බලනවා.. මම පාරට බහින්නෙ ආරක්‍ෂකයො පිරිවරාගෙන… කිසිම සාමාන්‍ය මිනිහෙකුට මගේ ළඟටවත් එන්න බෑ ඒ අයගෙ අවසරයක් නැතුව… පාරෙ යනකොට අනිත් වාහන ඔක්කෝම අයින් කර ගන්නවා මම එනකොට.. ටී වී එකේම මගේ ගැන කී පාරක් කියනවද ? ලංකාවෙම මිනිස්සු මගේ නම කිවුව ගමන් කවුද කියලා දන්නවා… මම කාගෙන් හරි උදව්වක් ඉල්ලුවාම ඒ මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුව.. හරි සර්… මොනවද වෙන්න ඕන කියලා අහනවා…. බලනවා… ඔය කියන එක දෙයක්වත් තමුන්නාන්සෙට තියෙනව ද ?”
“ඔන්න ඕකයි මහාචාර්යතුමා මම තමුන්නාන්සෙට කියන්නෙ….. උගත්කම තිබුණට මදි… ඒක හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන්න ඕන…. තමුන්නාන්සෙට මොළේ නෑ…… මට උගත්කම නෑ… කවුද දිනුම් ?”
මහාචාර්යවරයා නිරුත්තර විය.. ඔහුට සිය සගයෙකු විසින් සුහද හමුවකදී පැවසූ යමක් මතක් විය..
“නාරද…. මෝඩයොත් එක්ක වාද කරන එක පරිස්සමින් කරන්න… මොකද උන් අපිව උන්ගෙ තත්ත්‍වයට අරගෙන බිමට දාලා අපට ගහන්න යනවා.. අපි ඒ තත්ත්‍වයට ගියාම අපි අසරණයි… මොකද අපට මෝඩයෝ වගේ හිතන්න බැරි නිසා.. ඔය උපදේශක තනතුර ගත්තට කමක් නෑ… නමුත් ඕකෙ අවදානම හොඳට හිතට අරගෙන වැඩ කරන්න… ඔයා වැඩ කරන්නෙ කාටද කියලා හොඳට මතක තියාගන්න… මෙතන තියෙන්නෙ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්….”
“ඔබතුමා දිනුම්… හරි… මම මේ පර්යේෂණය නවත්වන්නම්….”
“නැවැත්තුවට කමක් නෑ.. මේවා ඉහළ තැන්වලට යවන්නෙ නැතුව… මොකද අපිට බොහොම සමාදානෙන් මෙතන වැඩ කරන්න තියෙන අවස්ථාව නැති කරගන්න ඕන නෑනෙ.. ඔබතුමාට අවශ්‍ය නම් මම අළුතෙන් වාහනයක් ගන්න කටයුතු කරවන්නම්… දැන් පාවිච්චි කරන වාහනෙත් ඉතිං පරණයිනෙ… ආණ්ඩුවට කියන පරක්කුවෙන් වාහනයක් ගෙන්වලා දෙන්න පුළුවන්… “
“කමක් නෑ ඇමතිතුමා… මේ තියෙන වාහනේ මට හොඳටම ප්‍රමාණවත්…. මම ඉතිං වයසක මනුස්සයා… රෝද හතර හරියට කැරකුණාම ඇති…”
“ඕකනෙ කියන්නෙ මහාචාර්යතුමා… ඔබතුමාට හිතන්න බෑ කියලා… පින නෑ… පින නෑ… කමක් නෑ… අපි සහයෝගෙන් කටයුතු කරමු…. ඔන්න ඔය පර්යේෂණේ නවත්තලා දාන්න… මම වාහනයක් එවන්නම්…… අමාත්‍යාංශෙට අළුතෙන් ජීප් දෙකතුනක් ආවා…. අළුත් ජීප් එකක යනකොට ඉතිං ඔබතුමාටත් ගතියක් තියෙනව නෙ…”
“ඇමතිතුමාගෙ කැමැත්තක්…”
෴෴෴෴෴
මහාචාර්යවරයා නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ සිට සිවිලිමේ කොටු ගණන් කරන අතරතුර ඔහුගේ බිරිඳ,
“මොකද නාරද දාහට අරන් සීයට දීල වගේ ? මොකද ? අදත් ලෙඩක්ද ?”
“එහෙමමත් නැහැ ශීලා…නමුත්, මම හිතන්නෙ අපි මෙහාට ආපු එකෙන් කර ගත්තෙ ලොකු වැරැද්දක්… හිටපු විදියට ජපානෙට වෙලා හිටිය නං.. අඩුම ගානෙ හිතට සැනසීමෙන්වත් ජීවත් වෙනවා.”
“ඉතිං මහ ලොකුවට ඔයාමනෙ උඩ දාගෙන ආවෙ…. ඉගෙන ගත්ත රටට සේවය කරන්න ඕන කියලා…. විශ්‍රාම ගියාට පස්සෙ ලංකාවට ඇවිත් වැඩ කරනවා කියලා ඔයාම නෙ තීරණය කළේ…. මම ලොකු දුවගෙන් අහන්නද අපි ආයෙම එයා ගාවට එන්නද කියලා ? ඔයාට වැඩ හොයා ගන්න අමාරු මනුස්සයෙකුත් නෙවෙයි නෙ…”
“එපා ශීලා… තව ටිකක් බලමු…. මම කවුරු කිවුවත් මේක දිගටම කරගෙන යනවා… අපි දැන් අපට අයිති නැහැ.. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නෙ.. ඒ ටිකේ අපි මේ රටට යමක් කරන්න ඕන… මම ලෝකෙටම වැඩ කළත් මේ රටට යමක් කළේ නැහැ…. කවුරු මොනවා කිවුවත් මේ රට පිං බිමක්…. අපට පුළුවන් මේ රට හදන්න… මට හොඳටම විශ්වාසයි මේ පර්යේෂණයෙන් සෑහෙන දෙයක් රටට කරන්න පුළුවන්…”
“මොනවා කළත් කමක් නෑ… පරිස්සමින්… ඔයා වැඩ කරන්නෙ සෑහෙන සල්ලි පාවිච්චි වෙන තැනක… මේක පිටරට වගේ නෙවෙයි.. ඒ රටවල අඩුම ගානෙ නීතියවත් තියෙනවා පිහිටට. මේ රටේ සල්ලිවලට කරන්න බැරි දෙයක් නැහැ…. ඒ නිසා ඔයාගෙ වැඩ ගැන පරිස්සම් වෙන්න… මම අළුතෙන් ඔයාට මතක් කරලා දෙන්න ඕන නැහැනෙ බ්‍රසීලෙදි වුන දේ ?”
මහාචාර්ය නාරද වෛද්‍යසේකරට බ්‍රසීල ඛණිජ තෙල් පර්යේෂණාගාරයේ ප්‍රධාන විද්‍යාඥ තනතුර ලැබුණේ ඔහුගේ කීර්තිමත් පර්යේෂණ ඉතිහාසයට පින් සිදු වන්නටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් බලශක්ති කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් හෙතෙම ඉන් අනතුරුව වසර අටක්ම සේවය කළේ ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ බලශක්ති පර්යේෂණ අංශයේ ය. වසරින් වසර සේවයේ ඉහළට ගිය ඔහු වසර අටක් ඇතුලත මහාචාර්ය තනතුරට උසස් විය… ඔහුගේ පර්යේෂණ සඳහා බොහෝවිට මූල්‍යමය ප්‍රතිපාදන ලැබුණේ ටෙක්සාස් හි ශෙල් ගෑස් ආයතනයේ පර්යේෂණ අරමුදලිනි. .. එසේම ඒ අරමුදල් ලබා දීමේ එක් කොන්දේසියක් වූයේ ඒ මුදල්වලින් කෙරෙන ඔහුගේ සොයාගැනීම් වල පේටන්ට් අයිතිය ශෙල් ගෑස් සමාගම සතුවීමයි. මුලදී මුදල් හිඟකම නිසා එයට එකඟ වූවද, පසුව කීර්තිය සහ තනතුරු ඔහු කරා පැමිණෙන විට ශෙල් ගෑස් සමාගම හා තිබූ ගිවිසුම් අවලංගු කරන්නට ඔහු කටයුතු කළේය… එය විරසකයක ආරම්භය විය… හූස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුදල් සපයන්නා වන ශෙල් ගෑස් සමාගමේ බලපෑම මතම මහාචාර්ය නාරද වෛද්‍යසේකර හූස්ටන් වලින් පිටකිරීමට විශ්ව විද්‍යාල බලධාරීන්ට සිදු විය… එයට සුවිශාල වන්දියක් ලැබුණත්, ඒ සියල්ල සිය දරුවනට බෙදා දී ඔහු නැවතත් සිය පර්යේෂණ කටයුතු සඳහා බ්‍රසීලය තෝරා ගත්තේය.
ඒ සමය උක් වගාවෙන් සරුසාර වූ බ්‍රසීලයේ එවකට පැවති පාලනය ඛණිජතෙල් භාවිතය අවම කර උක් සාරයෙන් ලබා ගන්නා එතනෝල් භාවිතයෙන් රථවාහන ධාවනයට කටයුතු කළ කාළයයි. බ්‍රසීලයේ වූ ඛණිජතෙල් සමාගම් මේ පර්යේෂණ වලට දැඩි ලෙස අකුල් හෙලන්නට විය… සමහර අවස්ථාවලදී මැරයන් විසින් එල්ල කළ මරණීය තර්ජන හමුවේ බොහෝ පර්යේෂකයින් බ්‍රසීලය හැර දමා ජීවිතය බේරා ගන්නට රටින් පිට වූහ… කවදත් සිය රාජකාරිය දේවකාරිය ලෙසම සළකන මහාචාර්ය නාරද ජයසේකර ඒ කිසිදු තර්ජනයකින් නොසැලී සිය කාර්යය නිසි ලෙස කරගෙන ගියේ, රජයෙන් ලැබුණ සහයෝගය තමන් දැඩිව විශ්වාස කළ බැවිනි. ඒ අනුව ප්‍රථම වතාවට සියයට සියයක් එතනෝල් භාවිතයෙන් රථ ධාවනය කිරීම මගින් ලැබෙන ආර්ථික සහ බලශක්ති ප්‍රතිලාභය ඔහු ලෝකයට හඳුන්වා දුන්නේය… මේ නිසාම බොහෝ රටවලින් පැසසුම් ප්‍රශංසා සහ සම්මාන පිරිණැමුනද, ඔහු බලශක්ති සමාගම්වල ප්‍රධාන හතුරා බවට ද නිතරඟයෙන් පත්විය… අවසානයේ ඒ නිසාම ජීවිතය රැක ගැනීම සඳහා ඔහු කිසිවෙකුට නොදන්වා ජපානයට පැමිණියේ අප්‍රකට ජීවිතයක් ගත කිරීමේ අටියෙන් වුවත්, නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳුන පසු නැවතත් ජීවිතය වෙනස් වන්නට විය. එහි වූ ශ්‍රී ලාංකික උත්සවයකදී හමු වූ සිය පැරණි සිසුවෙකු මාර්ගයෙන් ලාංකික රජයට ඔහුගේ තොරතුරු දැනගන්නට ලැබිණ.. එවකට රට වටා ඛණිජතෙල් සම්පත් හමු වෙද්දී, ජනාධිපතිනිය විසින් ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඛණිජතෙල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කරන ලදී. ඛණිජතෙල් සංවර්ධන අමාත්‍යාංශය ඇය සතුව තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණක් පත් කර එය පාලනයට කටයුතු කළද, නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර විසින් අමාත්‍යාංශය පුරා සිය බලපරාක්‍රමය විහිදවාගෙන සියල්ල පාලනය කරමින් සිටියේය. ජනාධිපතිනිය විසින් පත් කළද, මහාචාර්ය වෛද්‍යෙස්කරට කිසිදු බලයක් නොමැති වූයේ ඔහු නියෝජ්‍ය ඇමතිවරයාගේ අණසකට යටත්ව සිටිය යුතු නිසාය.
“මම දන්නවා ශීලා…. කොයි රටෙත් පොලිටීශියන්ස් ලා එකම වගේ…. තමන්ට වාසියක් වෙනව නම් අම්මා තාත්තා උනත් උගස් තියයි. මෙහෙයි කියලා වෙනසක් නෑ… මට නම් දැන් එපා වෙලා.. නමුත් මාත් එක්ක වැඩ කරන පොඩි එවුන් ටික රටේ හොඳම මොළ ටිකක්.. උන් ටිකවත් අඩුම ගානෙ හොඳ තැන් වලට යවලා මම මෙතැනින් අයින් වෙන්නයි ඉන්නෙ… ඊට ඉස්සර තව කරන්න වැඩ ටිකක් තියෙනවා… උන්ට සුදුසුකම් හදා ගන්න මේ පර්යේෂණය කොහේ හරි පබ්ලිෂ් කරන්න ඕන.. ඊට පස්සෙ අපි යමු..”
“ඔයා ඔය දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා…. දන්නවනේ මෙහේ මිනිස්සුන්ගෙ හැටි… අපට ලොකු දුව දැන් කී පාරක් කියලා තියෙනවද එහේ එන්න කියලා… ඔයාට මොනෑෂ් වලම මොකක් හරි හොයා ගන්න පුළුවන්….”
“ඉන්න ශීලා… අපි තව ටිකක් බලමු… අර මනුස්සයා එහෙම කෑ ගැහුවට මම ආයෙම කතා කළාම සමහරවිට මේකට කැමති වෙන්න පුළුවන්…”
“ඔයාගෙ මහා කරුණාව නිසා තමයි අපි අමාරුවෙ වැටෙන්නෙ… එක පාරක් යන්තම් නොමැරි බේරුණා… මේ පාර මොනවයින් මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.”
“දෙයියො මේ ලෝකෙ ඉන්නව නං මෙහෙම දේවල් වෙන්නෙ නෑ ශීලා…. මම කියලා තියෙනව නෙ මාත් එක්ක දෙයියො ගැන කතා කරන්න එපා කියලා… අපි බලමු… හැම දේටම වෙලාවක් එයි…”
“මම දන්නෙ නෑ නාරද….. කරන දෙයක් පරිස්සමින්….” අවසානයේ ශීලා වෛද්‍යසේකර මහත්මිය පුටුවෙන් නැගිට කාමරය කරා පා නැඟුවේ සිය සැමියාගේ මුරණ්ඩුභාවය ගැන කණස්සල්ලක් ද සමඟිනි.
෴෴෴෴෴
බ්‍රසීලයෙන් අතුරුදහන් වූ මහාචාර්ය නාරද ජයසේකර නතර වූයේ ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය ධූරයක වැඩ භාර ගැනීමෙනි. ෆොසිල ඉන්ධන මතම යැපුණ ජපාන ආර්ථිකයේ බලශක්ති සමතුලිතතාවයේ වෙනසක් කිරීමට ජපාන රජය කටයුතු කරමින් සිටි කාළයේ ජපානයට මහාචාර්ය නාරදගේ පැමිණීම දෙආකාරයකින් ආශිර්වාදයක් විය. බලශක්ති කළමණාකරණය පිළිබඳ ඔහුගේ හසළ දැනුමත්, ඉංජිනේරු වරයෙකු වශයෙන් බලශක්ති පරිවර්තනය පිළිබඳ වූ සුවිසල් ඥාණ සම්භාරයත් නිසා ඔහු ඉල්ලූ වේතනයටත් වැඩි වේතනයක් සහිතව නගෝයා විශ්ව විද්‍යාලයට මහාචාර්ය නාරද බඳවා ගත්තේ ඔහුගේ වටිනාකම දන්නා නිසාමය. එතැන් පටන් මහාචාර්යවරයා කටයුතු කළේ කසළ කළමණාකරණයෙන් පිටවන ජීව වායුව භාවිතයෙන් මෝටර් රථ ධාවනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීම උදෙසා කරන පර්යේෂණ සිදු කිරීම පිණිසය. මේ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට සහ අවශ්‍ය වූ මෝටර් රථ සහ ඉංජිනේරු ශිල්පීන් සහ උපකරණ සියල්ලම ලබා දීමට ටොයොටා සමාගම එකඟ වීමත් නිසා මහාචාර්ය වරයාට සම්පත්වලින් කිසිදු හිඟයක් නොවීය… බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙන බලශක්ති කෝෂ (Fuel Cell) තාක්‍ෂණයට වඩා කෙළින්ම ජීව වායුව දහනය සඳහා වාහනවල එන්ජිම වෙනස් කිරීම සහ ක්‍රමාණුකූල ඉන්ධන නිකුතුව මඟින් බලශක්ති උත්පාදනය උපරිම කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ඉක්මනින්ම ජීව වායුව දහනයෙන් වාහන ධාවනය පිළිබඳ තරඟයේ ඉදිරියෙන්ම සිටීමට සමත් විය. මේ නිසා මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බලශක්ති ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් අතර නැවතත් කරලියට පැමිණුනි. මේ නිසා විදේශයන්හි මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බොහෝ සේ ප්‍රචලිත විය. ජපානයේ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ හමුවකදී මහාචාර්ය නාරද වෛද්‍යසේකරට තමන් යටතේ පවතින විදුලිබල, බලශක්ති සහ ඛණිජතෙල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට ඇරයුම් කළාය… වසර තිහක්ම උපන් රටින් පිටත ජීවත් වෙමින් ලෝකයටම සේවය කළත්, තම රටට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් ඉටු කරනු පිණිස හෙතෙම සිය බිරිඳද කැටුව, ඇගේද අකැමැත්ත පිටම පැමිණ ලංකාවේ පදිංචි වී අදාල තනතුරෙහි සේවය කළේය.. ඔහුගේම ඉල්ලීම පරිදි මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ සිසුන් පිරිසක් සමඟ ජීව වායුව දහන ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් ලංකාවේ මෝටර් රථ ධාවනයට ඇති හැකියාව පිළිබඳ සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල සිය ප්‍රධානියා වන සරත් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයාට පෙන්වා දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ තමන්ට සිදු වූ අකරතැබ්බය ගැන මහාචාර්යවරයා නැවත නැවතත් කල්පනා කළේය..
කමක් නෑ… මම මේක ජනාධිපතිනියට දන්වනවා.. මාව පත් කළේ එයානෙ… අඩුම ගානෙ එතකොට මේක ක්‍රියාවට නංවන්න වැඩ පිළිවෙලක් හරි යොදයි නෙ… හෙතෙම තමාටම කියා ගත්තේය….
෴෴෴෴෴
“සර් කියන්නෙ අපි මේ පර්යේෂණය කළා ඇති කියලද ?”
“ඔව් විපුල… දැන් අපි අපේ ඉලක්කයෙන් සෑහෙන ප්‍රතිශතයක් දිනාගෙන අවසන්… දැන් තියෙන්නේ මේ රථය දිගු කාලීන පාවිච්චියට ඔරොත්තු දෙනවද කියන දේ කරන්න විතරයි… ඒක ඉතින් අපි කිහිප දෙනෙකුට කරන්න පුළුවන්… ඒ නිසා ඔයා ළමයින්ට කියන්න අපි පර්යේෂණය මෙතැනින් නතර කරනවා කියලා…”
“ඒ වුනාට සර්, ඒ දරුවො සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියෙ මේක ප්‍රසිද්ධ කරන්න…”
“ඇත්ත විපුල… මට තේරෙනවා.. නමුත්, අපට දැන්ම මේක ජනමාධ්‍යයට ප්‍රසිද්ධ කරන්න බැහැ.. ඔයා දන්නවනේ අර වතුරෙන් දුවපු මෝටර් රථයට වෙච්ච දේ ? ප්ලාස්ටික් වලින් පැට්‍රෝල් හදපු මනුස්සයා කරපු දේ ? ඔය වගේ මේ පර්යේෂණයත් නිකම්ම පුස්සක් වෙනවා අපි හරියට අවසාන නිගමනය ගත්තෙ නැති වුනොත්… මේ නිසයි මම කියන්නෙ අපි මේ රථය මාස තුනක් දුවලා බලමු.. කොච්චර ඉන්ධන ඉතිරියක් අපට කර ගන්න පුළුවන් ද කියලා.”
“එහෙනම් සර් මම කියන්නම් දැනට අපි පර්යේෂණය අත්හිටෙව්වා කියලා.. මාස තුනක ටෙස්ට් රන් එකකින් පස්සෙ නැවත පටන් ගන්නවා කියලා…. එතකං කාටවත් කිසිම දෙයක් කියන්න එපා කියන්නම්… නැත්නම් ඉතිං අපේ දත්ත දාලා වෙන කවුරු හරි ලොකු කතාවක් කියාවි… සර් දන්නෙ නෑනෙ ලංකාවෙ කට්ටියගෙ හැටි…”
“මම නොදන්නවා නෙවෙයි විපුල…. මමත් මේ ගෙන්දගම් පොළවෙ ඉපදිලා හැදුන වැඩුන මිනිහෙක්… දැන් මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩ කළාට ඉස්සර නම් සාරධර්ම කියලා දෙයක් තිබුණා…. මම දන්නවා ඔය කට්ටියගෙ හැටි… එහෙනම් මම දැන් තියන්නම්… අර වාහනයෙ ධාවන කාළයයි දුරයි හරියට මැන ගන්න… එක ජීව වායු සිලින්ඩරයකින් කොච්චර කිලෝමීටර ගණනක් ගමන් කරන්න පුළුවන්ද කියන එක තමයි අපට වැඩියෙන්ම වැදගත්.. ඒ වගේම කඳු සහිත ප්‍රදේශයක ධාවනය වෙනකොට ඉන්ධන දහනයේදි සිදුවන වෙනසත් ගණනය කරන්න ඕන.. මෙන්න මේ පරාමිතීන් දෙක අනුව අපට කියන්න පුළුවන් මේ ක්‍රමය කොයි තරම් කාර්යක්‍ෂමද කියන එක… මාස තුනක ධාවනයෙන් පස්සෙ ඒ සියල්ල ගණනය කරලා අපි අවසාන නිගමනය දෙමු….”
“හොඳයි සර්… ඔබට සුභ දවසක්….”
“සුභ දවසක්….”
෴෴෴෴෴
මැතිණියනි, මහාචාර්ය නාරද වෛද්‍යසේකර ඇවිත් ඉන්නවා ඔබතුමිය හමුවෙන්න…
එවන්න….
ආ නාරද මහත්මයා…. කොහොමද වැඩ කටයුතු…. කාලෙකින් කතා කරන්නත් බැරි වුනා….
ජනාධිපතිතුමියනි, මෙන්න පර්යේෂණයෙ ප්‍රතිඵල… මේ පර්යේෂණයට අනුව අපට කසළ පූතිභවනයෙන් ඇතිකෙරෙන ජීව වායුව එකතු කිරීමෙන් සෑහෙන ප්‍රමාණයක ජීව වායුවක් එකතු කරගන්න පුළුවනි. මේ ජීව වායුව අපට කෙළින්ම දහනයට යොමු කරලා වාහන ධාවනයට යොදා ගන්න පුළුවනි. එසේත් නැතිනම් ඉන්ධන කෝෂයකට (Fuel Cell) යොමු කිරීම මගින් විදුලිය නිපදවලා මෝටර් රථවල මෝටර් කරකැවීමට යොදා ගැනීමට පුළුවනි.
නාරද මහත්මයාගෙ හයිඩ්‍රජන් පර්යේෂණයට මොකද වුනේ ? මුලින්ම හයිඩ්‍රජන් යොදාගෙන පර්යේෂණයක් කළා නේද ?
ඔව් මැතිණියනි. නමුත් හයිඩ්‍රජන් වල තිබෙන ප්‍රශ්නය ඉන්ධනයක් විදියට තවමත් භාවිතා කරන්න බැරි ප්‍රශ්න තිබෙනවා. ආරක්‍ෂාව වගේම හයිඩ්‍රජන් භාවිතයේ සහ ගබඩා කිරීමේ ගැටළු තිබෙනවා. ඒ වගේම එය කාර්යක්‍ෂමව භාවිතා කරන්නනම් තවත් ප්‍රායෝගික ගැටළු රාශියක් තිබෙනවා. නමුත් ජීව වායුව දැනටමත් භාවිතා වෙනවා. අපට කරන්න තිබෙන්නේ අපේ මෝටර් රථවලට සරිලන විදියට වෙනස් කරන්න පමණයි. මම හිතන්නෙ මගේ රාජකාරිය මෙතැනින් අවසාන කරන්නයි. මම ලබන සතියෙ නැවතත් මගේ දුව ඉන්න රටට යනවා. මම ඒ ගැන කියන්නත් එක්කයි ඔබතුමිය හමු වෙන්න ආවෙ.
ඒ මොකද හදිසියෙම ? ඒ තරම් ඉක්මනට මේ රට එපා වුනාද ?
අනේ නැහැ මැතිණියනි, මම සෑහෙන කළක් වැඩ කළානෙ.. දැන් පොඩි විවේකයක් අරගෙන අවුරුද්දක් දෙකක් දුවගෙ ලඟ ඉඳලා දරු මුණුපුරන්ගෙ වැඩකටයුතුත් බලලා එන්නයි කියලා හිතාන ඉන්නෙ…
නාරද මහත්මයාගෙ කැමැත්තට පිටුපාන්න මට බැහැ.. මම දන්නවා ඔබතුමා කොච්චර වටිනා කෙනෙක්ද කියලා.. මගෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න.. මම අදම ඔබේ ලිපි ලේඛණ සකස් කරන්න කියලා දන්වන්නම්.. ලැබෙන්න අවශ්‍ය ගෙවීම් ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්නම්… මට ඔබතුමා වගේ අවංක මිනිස්සු ලැබෙනවා අඩුයි.. හැකිනම් ආයෙම අපට එකතු වෙන්න.. ඔබතුමාගෙ දැනුම අපට හරිම වැදගත්, මේ වාර්තාවෙ ඇති දේ මම ඉක්මනින්ම ක්‍රියාවට නංවන්න සලස්වන්නම්. අපේ රටට දියුණුවක්, ඉතිරියක් කරගන්න ලැබෙනවා නම් මේ වගේ පර්යේෂණ ක්‍රියාවට නංවන්න මම පසුබට වෙන්නෙ නෑ.. බොහොම ස්තුතියි මේ කෙටි කාළයෙ කරපු සේවයට… මම මේක සරත් ජයසේකරට දෙන්නම් ඉක්මනට ක්‍රියාවට නංවන්න.
හොඳයි, මම එහෙනම් ගිහින් එන්නම්……..
෴෴෴෴෴
සර්, කවුද නාකි මනුස්සයෙක් කහ ඉර අයිනෙදි අපේ එස්කෝට් වෙහිකල් එකේ හැපුනා… නියෝජ්‍ය ඇමති සරත් ජයසේකරට සිය වාහන පේළියේ පසුපසින්ම පැමිණි වාහනයකින් ඇමතුමක් ලැබුණි…
හරි, තමුසෙලා එක්කෙනෙක් නැවතිලා බලනවා. මම දිගටම පාර්ලිමේන්තුවට යනවා. මොනවා හරි වෙලා නම් පොඩ්ඩක් බලනවා ශේප් කරගන්න…. වාහන යනකොට අයින් වෙන්න දන්නෙ නැති බූරු මිනිස්සු….
෴෴෴෴෴
ඊට මාස තුනකට පසු………….
කොළොන්නාව කුණු කන්ද අසළ සැකසුන මහා පරිමාණ ජීව වායු නිෂ්පාදනාගාරය – ජයලංකා ගෑස් – විවෘත වන අවස්ථාව. ප්‍රධාන අමුත්තා රටේ ජනාධිපතිනිය…
සරත්, ඇත්තෙන්ම මට හරිම සන්තෝසයි ඔයා මේ ප්‍රශ්නෙට අතගහපු එක.. නැතිනම් කවුරුවත් මේ කුණු ප්‍රශ්නය නිරාකරණය කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.. කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවෙ ?
ඇත්තෙන්ම මැතිණියනි, මේකෙ මූලික අදහස නම් නාරද මහත්මයාගෙ.. නමුත් ඒ මහත්මයා අකාළයෙ මිය ගියානෙ රට යන්න ඉස්සර. කාගෙදෝ වාහනයක් හප්පගෙන ගිහින් පාරෙ අයිනෙ ඉන්නකොට.. මතක නෙ ඔබතුමිය ශෝකප්‍රකාශයකුත් නිකුත් කළේ… මම ඒ අදහස ගැන ටිකක් හිතලා මේක වැඩිදියුණු කළා. කොහොමත් රජයේ ආයතනයක් කරලා මේක කරන්න ගියා නම් ටික කළක් යන නිසා තමයි මම ම ආයෝජනය කරලා මේක පටන් ගත්තෙ.. අපරාදෙ නිකං තියෙන කුණු.. ඒ වගේම ඉතිං දැන් කුණු ප්‍රශ්නෙත් ඉවරයි නෙ..
බොහොම හොඳයි… මටත් ඕන මෙන්න මේ වගේ හිතන අය තමයි.. අපි බලමු ඉස්සරහට, මටත් දැන් මේ ඇමතිකම් ගොඩක් ඔළුවෙ තියාගෙන ඉඳලා ඇතිවෙලා තියෙන්නෙ….

උපුටා ගැනීම





 
ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !


.
අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ #ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe # මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා. පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය.




1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් ඒ මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්‍යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්‍යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්‍රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබූවක්.


මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්‍රියාකරන බ්‍රිතන්‍ය මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ.


ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්‍යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්‍රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්‍රිතන්‍ය මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්‍යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්‍රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි.
.
. .



මේ අතර තුර උපාලි මහතාගේ මිත්‍රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .

නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.

. .
එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.


ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්‍රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.
11111111111

මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )


මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }


( මෙවකට පැවති රජයන් ගැන වැටහීමක් නැත්තන් මෙය පරිශීලනය කරන්න මෙවැනි තවත් විස්තර මෙම පෝස්ටුවේ ඇත. මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...
60 මාර්තු unp රජය ආසන එකකින් ජය .ජාතික ආණ්ඩුව නොබෝ දිනකින් බිඳවැටුණි.
60 ජුලි මැතිවරණයෙන් සිරිමාවො පත් වූවා .
64 දෙසැම්බර් වනතෙක් මෙම සභාග රජය පැවතුණා..
65 දී ආවා unp ජාතික ආණ්ඩුව
70 ජුලි නැවතත් මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ .
72 ජන රජ ව්‍යවස්ථාව එළි දැක්වුණා .ස්වාදීන කොමිසම් වල බීජ පළවුණේ එවකට.
77 දී ජේ ආර්...)


....

 
උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.
..... ...
එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.




.
.
එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.


දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )
..
එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේපාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.

කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.


කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.
..
උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)
..
.
කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.
පැයට කිලෝ මීටර 850 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි ලියර් ජෙට් ගුවන් යානාව. නියමුවන් ඇතුළත්ව 10 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 6 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 2800 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1967 . වත්මන් මිළ රුපියල් ලක්ෂ 4800 පමණ . .
. පැයට කිලෝ මීටර 242 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි හෙලිකොප්ටර යානාව. නියමුවන් ඇතුළත්ව 20 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 12 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 830 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1975 .එක් තටුවක දිග මීටර් 15 , දළ වශයෙන් අඩි 50ක් පමණ .එන්ජිම මෙගා වොට් 1.6 ක බලයකින් සමන්විතයි, එනම් අශ්ව බල 2250 පමණ . ඉන්ධන සහ භාණ්ඩ රහිත මුළු බර ටොන් 6 හමාරයි . වත්මන් මිළ රුපියල් ලක්ෂ 8800. .

එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් .





.

.











..
කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ . ..


පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි.






****************************

දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි. .
විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට
****** *************************

කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන
උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.
..
....


ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

උපුටා ගැනීම
 
  • Like
Reactions: Nu1Dnk

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
TFS. උපාලි විජේවර්ධන ගැන ඔයා දාල තියෙන post 2 මීට කලින් Bruce Wayne කියන මෙම්බර් මේකෙ දාලා තිබුන. rep+
 
Rep දෙන්නෙ නැතුව කොහොම?

TFS. උපාලි විජේවර්ධන ගැන ඔයා දාල තියෙන post 2 මීට කලින් Bruce Wayne කියන මෙම්බර් මේකෙ දාලා තිබුන. rep+




lipi dekatama sthuthi machan.....


thank you all for reps & comments
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ela post ekak:D...mama me lagadi kiyewwa upali w. marune ne koheda manda latin ratakata panala giya kiyala..mokak aththada danne ne:oo::oo::no:..anyway thanx api ekka meka beda gaththata...
     
    Last edited: