VPS එකේ Cores ගානට වඩා "Generation" එක වැදගත් ඇයි? මෙන්න සිරාම හේතු!

Rexi

Junior member
  • Dec 14, 2025
    39
    25
    18
    කලින් පෝස්ට් එකෙන් අපි කතා කළානේ CPU එකේ බලය ලිමිට් කරන හැටි. දැන් බලමු අපි ගන්න VPS එකේ Hardware පරණ වුණාම අපිට වෙන පාඩුව මොකක්ද කියලා. මේක හරියට 2010 ආපු ඩිෆෙන්ඩර් එකකුයි, 2024 ආපු ඇල්ටෝ එකකුයි රේස් එකක් දානවා වගේ වැඩක්. ඩිෆෙන්ඩර් එක ලොකු වුණාට, අලුත් තාක්ෂණයත් එක්ක එන පොඩි වාහනේ වේගවත් වෙන්න පුළුවන්.

    1. IPC (Instructions Per Clock) කියන රහස

    CPU එකක වේගය මනින්නේ GHz වලින් විතරක් නෙවෙයි. එකම 2.5GHz තියෙන අවුරුදු 10ක් පරණ ප්‍රොසෙසර් එකකට වඩා, අලුත් 2.5GHz ප්‍රොසෙසර් එකක් 40% - 60% ක් වේගවත්. ඒකට හේතුව IPC. අලුත් ප්‍රොසෙසර් එකකට එක තත්පරයකදී කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩියි. ඉතින් ඔයාට පරණ සර්වර් එකකින් Core 4ක් දුන්නත්, අලුත් සර්වර් එකක Core 1ක වේගයවත් ඒකේ නැති වෙන්න පුළුවන්.

    2. RAM එකේ Speed එක (DDR3 vs DDR4 vs DDR5)

    ගොඩක් ලාභ VPS වල තියෙන්නේ පරණ DDR3 RAM.
    • DDR3: මේවායේ වේගය සෑහෙන අඩුයි (1600MHz වගේ).
    • DDR5: අලුත්ම සර්වර් වල තියෙන මේ RAM වල වේගය 4800MHz - 5600MHz වගේ වැඩියි. ඔයාගේ වෙබ් අඩවියට හෝ සොෆ්ට්වෙයාර් එකට දත්ත හුවමාරු කරන්න යන වෙලාව මේ නිසා සෑහෙන වෙනස් වෙනවා. RAM එක 8GB තිබුණට වැඩක් නැහැ ඒකේ බස් ස්පීඩ් (Bus Speed) එක අඩු නම්.

    3. Storage එකේ ඇත්ත තත්ත්වය (IOPS)

    Cores වලටත් වඩා වැදගත් වෙන්නේ IOPS (Input/Output Operations Per Second).
    • HDD: තත්පරයට මෙහෙයුම් 100-200 යි.
    • SATA SSD: තත්පරයට මෙහෙයුම් 50,000-100,000 යි.
    • NVMe Gen4/Gen5: තත්පරයට මෙහෙයුම් 1,000,000 කට වඩා වැඩියි.
    ඔයාගේ VPS එකේ Cores 16ක් තිබුණත්, හාඩ් ඩිස්ක් එක පරණ එකක් නම් Data කියවනකම් CPU එකට "Wait" කරගෙන ඉන්න වෙනවා. එතකොට ඔයාගේ සර්වර් එක නිකම්ම "Hang" වෙනවා.

    4. Single-Core Performance vs Multi-Core

    ගොඩක් PHP වෙබ් අඩවි (WordPress වගේ) සහ ගේම් සර්වර් දුවන්නේ Single-core performance මත. පරණ Xeon ප්‍රොසෙසර් වල Core ගාන වැඩි වුණාට එක Core එකක තියෙන හයිය හරිම අඩුයි. ඒ නිසා Core 8ක පරණ VPS එකකට වඩා Core 2ක අලුත් AMD EPYC VPS එකක් දහ ගුණයක් වේගවත් වෙන්න පුළුවන්.

    VPS එකක් ගන්න කලින් මේ ප්‍රශ්න ටික හොස්ටිං එකෙන් අහන්න:

    1. පාවිච්චි කරන CPU මොඩල් එක මොකක්ද? (Intel Gold ද? AMD EPYC ද? පරණ E5 Series ද?)
    2. RAM එක DDR කීයේ ඒවාද?
    3. Storage එක NVMe ද?
    මතක තියාගන්න: ලාභයට දෙන හැම VPS එකක්ම පරණ Hardware වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. "ගාණ අඩුයි, සම්පත් වැඩියි" කියන්නේ අනිවාර්යයෙන්ම කොහේ හරි ලොකු අඩුවක් තියෙනවා කියන එකයි.