දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,

    දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,
    ====================

    ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති හා ඔබ අතර ඇති වූ දුරකතන සංවාදය සම්බන්ධයෙනි.

    ▪️දුරකතන සංවාදයේ දී ඔබේ හෘදසාක්ෂිය අනුව ඇවන්ට්ගාර්ඩ් සමාගම කරුමක්කාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වූ බව පිළිගන්නා නිසා ඔබට එසේ සිදුකරන්නට ඔබට අණදුන් මුල් පෙලේ දේශපාලනඥයා හෝ දේශපාලනඥයින් කවුද?

    ▪️ඔබ පැවසූ ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගම ලංකාවේ තිබූ හොඳම ව්‍යාපාර වලින් එකක් බව දැනගෙනත් එම සමාගමට එරෙහිව බොරු අල්ලස් නඩුවක් පවරන්නට ඔබගේ හෘදසාක්ෂිය ඉඩ දුන්නේ ඇයි?

    ▪️ඔබට මේ ගැන කුඩා හෝ දැනුමක් තිබුණේ නම් එසේ නොකරන බවට නිහතමානීව පැවසීම නිසා ඔබව තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙහයවා ඇතිබවට හැඟී යයි...ඔවුන් කවුද ?

    ▪️මෙය ඇවන්ට්ගාර්ඩ් සමාගම බිඳ දමන්නට කළ කුමන්ත්‍රණයක් ද? එසේත් නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලන ගොදුරක් කරගැනීමට කළ උත්සාහයක් ද? නැතිනම් ඒ දෙකම ද?

    ▪️ඔබගත් ක්‍රියාමාර්ගය පිළිබඳව පසුව කණගාටු වුවත් එම සමාගමට වූ අසාධාරණය, අහිමි වු රැකියා,රටට අහිමි වු විදෙස් විනිමය නැවත ලැබෙනවා ද?

    ▪️"ඔබට නීතිය හදන්නටත් එමෙන්ම කඩන්නටත් හැකිබව පවසා ඇත." එයින් ඔබ අදහස් කළේ කුමක්ද ?

    ▪️මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් ඔබ ඔබෙගේ ෆේස්බුක් පිටුවේ දැමූ සටහන පැය කීපයකට පසුව ඉවත් කළේ ඇයි? ඔබට එසේ කරන්නට කවුරුන් හෝ බලපෑම් කළේ ද?

    ▪️ එය විකෘති කළ දුරකතන ඇමතුමක් බව එහි සඳහන්ව තිබූ නිසා එය ඔබේ කටහඬ බව වක්‍රාකාරයෙන් පිළිගන්නවා නේ ද?

    ▪️එය විකෘති කර ඇත්නම් සැබෑ සංවාදයේ තිබුණේ මොනවා ද ?

    ▪️මෙම දුරකතන සංවාදයට තවත් ඇමතිවරයෙක් සම්බන්ධ වූ බව ඔබ පවසයි...ඔහු කවුද?

    ▪️ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයකරන ඔබ රජයෙන් පැවරූ නඩුවක චූදිතයෙකු හා එම නඩුව සම්බන්ධයෙන් කතාකිරීම නීතී විරෝධී කටයුත්තක් නේ ද?

    ඉහත ඇත්තේ සඳහන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මහජනතාවට ඇති ප්‍රශ්න ය..හැකිනම් ඔබේම වචනයෙන් පවසන කරුමක්කාර දේශපාලනඥයන් පිළිබඳව රටට ප්‍රසිද්ධියේ හෙළිකරන්න...එසේ කළහොත් වැරදි කිරීම මිනිස් ස්වභාවය නිසා මහජනතාව ඔබට සමාව දෙනු ඇත, ගෞරව කරනු ඇත. ඔබගේ කීර්තිනාමය යථාතත්වයට පත්වෙනු ඇත.එසේ කළහොත් එළැඹෙන මැතිවරණයේදී ජනතාව එම කරුමක්කාර දේශපාලනයට පමණක් නොව දේශපාලනඥයන්ට ද තිත තබණු ඇත.

    ====================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: netlife007

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න බයියොන්ට තියෙන ප්‍රශ්න.

    අල්ලස් කොමිසමේ සබාපති චූදිතයෙක් එක්ක සංවාසයේ යේදීම ප්‍රශ්නයක් නෙවෙයි.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඔන්න බයියොන්ට තියෙන ප්‍රශ්න.

    අල්ලස් කොමිසමේ සබාපති චූදිතයෙක් එක්ක සංවාසයේ යේදීම ප්‍රශ්නයක් නෙවෙයි.

    sansargaye da
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    • නැත්නම් මෙයත් ජනතාව ගොනාට අන්දන නරි නාටකයක් ද

    :yes:
    ඔන්න ඒ ගෑණී කියනව ඔය හඩ පටය හදපු(EDIT) එකක කියලා. සම්පුර්න කතාව දාන්න
    තලතා කියනවා වහා සොයා බෑලිය යුතුයි කියලා
    තවත් 225හේ නාටකයක් තමා බන්
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මූ මේ කියන්නේ රටට අපමන අගයක් වන මෛත්‍රි යුගය ගැන :



     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි හෑමිනිලා හෑමිනිලා, කොල්ලන්නට රස්සාවල් දීපු ව්යාපාරයක් වහලා දෑම්මා නේද? මේ බිස්නස් එක තිබ්බා නම් රටට වෙන හානිය මොකක්ද කියලා කවුරු හරි දන්නවද? රටට හානියක් වෙන එකක් නම් කොහොම හරි වහලා දෑම්මට කමක් නෑ