දිල්ලි_ස්ත්‍රී_දුෂකයා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දිල්ලි_ස්ත්‍රී_දුෂකයා

දිල්ලි ස්ත්‍රී දුෂකයා: බීබීසි වාර්තාව මතභේදයට

150304171023_india_rape_624x351_afp_nocredit.jpg

2012 වසරේ දී දිල්ලියේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දී ඉන්දීය ශිෂ්‍යාවක් සාහසික ලෙස දූෂණයට ලක් කෙරිණ.
භයංකර ලෙස අභ්‍යන්තර තුවාල ලත් ඇය පසුව මිය ගියාය.
මෙම දූෂණ සිද්ධිය සම්බන්ධ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත කළ ලෙස්ලී උඩ්වින්, ඉහත කී තරුණිය දූෂණය කිරීමේ වරදට දැනට මරණීය දඬුවමට නියම කොට සිටින පුද්ගලයන්ගෙන් අයකු සමඟ සාකච්ඡාවකට එක් විය.
සිය තොරතුරු ගවේෂණයෙන් පසු ඉන්දියාව කාන්තාවට සලකන ආකාරය ගැන ලත් තොරතුරුවලින් ලෙස්ලී උඩ්වින් අතිශයින් කම්පාවට පත් වූවාය.
නමුත් ඉන්දීය සමාජය තුළ වෙනසක් සිදු කළ යුතු බවට හඬ නඟන පිරිස් වලින් ඇය උත්ප්‍රේෂනයක් ලැබුවාය.

ලෙස්ලී උඩ්වින් ගේ සටහන

එම බියකරු දූෂණ සිද්ධිය තුළින් මතු කෙරුණ තොරතුරු මගින් මා බලාපොරොත්තු වූයේ ව්‍යාකුල මානසිකත්වයෙන් යුත් භයානක මිනිසුන්. මානසික ව්‍යාධිවලට ලක් වූවන්.
එහෙත් සත්‍ය ඊට වඩා බොහෝ බියකරුයි. ඔවුන් සාමාන්‍ය මිනිසුන්, බැලූ බැල්මට සාමාන්‍ය තත්වයෙන් පසු වන අය, ඇත්ත වශයෙන් ම සුවිශේෂී මිනිසුන් නම් නොවේ.
2012 දෙසැම්බර් 16 වැනිදා, 23 හැවිරිදි තරුණියක් තම මිත්‍රයකු සමඟ Life of Pi චිත්‍රපටය නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියා.
රාත්‍රී 8.30 ට පමණ ඔවුන් සේවා මුරය අවසන් කොට ආපසු යමින් තිබුණු බස් රථයකට ගොඩ වුනා. ඒ වන විටත් බස් රථයේ පිරිමි හය දෙනෙක්; වැඩි හිටි පස් දෙනෙක් සහ බාල වයස්කාර තරුණයෙක් ගමන් කරමින් සිටියා.

150304083828_leslee_udwin_624x351_afp.jpg

ඔවුහු තරුණිය සමඟ සිටි ඇගේ මිතුරාට පහර දී පෝලිමේ ඇය දූෂණයට ලක් කළා. පසුව ඔවුහු කුරිරු ලෙස යකඩ කූරකින් ඇයට පහර දුන්නා.
මුකේෂ් සිං එම බස් රථයේ රියදුරායි. මේ දූෂණ සිද්ධිය වන අවස්ථාවේ දී සහ ඉන් පසුව සිදු වූ දේ ඔහු මට විස්තර කළේ මේ ආකාරයට.
පුරුෂයන් සියලු දෙනා ම මාරුවෙන් මාරුවට බස් රථය පදවමින් තරුණිය දූෂණය කළ බවට පැමිණිලි පක්ෂය කියා සිටියත් මුකේෂ් සිං පවසන්නේ තමන් දිගටම බස් රථය පැදවූ බව.
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු සමඟ මුකේෂ් සිං මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
මුකේෂ් සිං සමඟ පැය 16 ක් පමණ මා සාකච්ඡා පැවැත්වූවා. එහිදී ඔහු තුලින් කිසිදු අනුකම්පාවක් පල වූයේ නැහැ.
දූෂණ සිද්ධියට සියලු දෙනාම හවුල් කරුවන් වන නිසා මේ සම්බන්ධයෙන් මෙතරම් කලබලයට පත් වන්නේ ඇයිද යනුවෙන් ඔහු සිය කනස්සල්ල පල කළා.

150303135448_singh_624x351_bbc.jpg

'දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට' මුකේෂ් සිං

“වැදගත් ගැහැණු ළමයෙක් රාත්‍රී 9 ට මේ විදිහට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට,” මුකේෂ් සිං.
“ගෙදර වැඩ ආදිය ගැහැණු ළමයින්ට අයිති වැඩ. නොගැලපෙන ඇඳුම් ඇඳගෙන රෑට ඩිස්කෝ වලයි බාර්වලයි ගැවසෙමින් වැරදි වැඩ කරන එක නොවෙයි. ගැහැණු ළමයින්ගෙන් සියයට 20 විතර හොඳ අය,” මුකේෂ් සිං තවදුරටත් කියා සිටියා.
මිනිසුන් විසින් එවැනි අයට පාඩමක් ඉගැන්විය යුතු බවට අදහස් දැක්වූ මුකේෂ් සිං කාන්තාව එවැනි තත්වයන් විඳ දරා ගත යුතු බවයි පැවසුවේ.
“දූෂණයට ලක් වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනැ. එහෙම කළා නම් ඔවුන් ‘වැඩේ ඉවර කරලා’ ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි,” ඔහු වැඩිදුරටත් මට කියා සිටියා.
‘මරණීය දඬුවම මගින් සිද්ධ වන්නේ ගැහැණු ළමුන් තවදුරටත් භයානක තත්වයකට ඇද දැමීම. එතකොට ඔවුන් දූෂණය කරලා තරුණියන් පණ පිටින් තියල යන එකක් නැහැ. අපි කළා වගේ මරලා දමාවි. දැන් සිද්ධ වන්නේ මෙහෙමයි. දූෂණය කරලා ඉවර වෙලා ඔවුන් කියන්නේ ඔහේ ඉන්න ඇරපන් ඇය කාටවත් කියන එකක නැහැ කියල. මරණ දඬුවම හින්ද, ඔවුන්, විශේෂයෙන් අපරාධකාරයෝ කරන්නේ දූෂණය කරලා තරුණිය මරල දාන එක’ මුඛේෂ් සින්ග් ඇඟ කිලි පොළා යන ආකාරයටයි ඒ සම්බන්ධයෙන් විස්තර කළේ.
දූෂණයට ලක් වූ තරුණිය ලත් සිත් කම්පා කරවන සුළු තුවාල කිරීම් එකින් එක ඔහු හමුවේ කියා පෑවත් පශ්චාත්තාපයට පත් වූ ආකාරයක සේයාවක් හෝ ඔහුගෙන් දිස් වුයේ නැහැ.
මෙම දූෂණයට සම්බන්ධ තිරිසනුන් නම්, එම බිහිසුණු අපරාධයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම පහසු දෙයක්. නමුත් මේ සියලු දෙනාම එකම විදිහට මේ සිද්ධියට සම්බන්ධයි.
සමහර විට මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.පුද්ගලයන් එල්ලා මරණ විට සැනසීම පමණයි ලැබෙන්නේ.

150303135643_protest1.jpg

මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.-ලෙස්ලී උඩ්වින්

සත්‍යය පවතින්නේ මේ තුළම වන අතර ඇතැම් විට එල්ලා මැරීම මගින් සැබෑ ප්‍රශ්නය තවදුරටත් වසන් කෙරෙනවා.
මේ පුද්ගලයන් ‘රෝගය’ වශයෙන් සැලකිය නොහැකියි. ඔවුන් රෝග ලක්ෂණ පමණයි.
මුඛේෂ් සින්ග් සහ සෙසු ස්ත්‍රී දූෂකයන් හතර දෙනකු මුණ ගැසීමෙන් පසු මගේ ආත්මය තාර ගොඩක ඔබා ගත් බවක් හැඟෙනවා.
එම තාර පැල්ලම ඉවත් කිරීමට ගැළපෙන පිරිසිදු කිරීමේ රසායනයක් ලෝකයේ සොයා ගත නොහැකියි.
ගව්රව් අවුරුදු පහක දැරියක් දූෂණය කළ පුද්ගලයෙක්.
පැය තුනක් පුරා කළ වීඩියෝ සාකච්ඡාවේ දී ඔහු, දැරියගේ හැඬීම් පිට නොවන ලෙස සිය අතින් වසා ගෙන සිටි ආකාරය ද ඉතා පැහැදිලිව විස්තර කළා.
ඔහු සාකච්ඡාව පුරාම වාඩි වී සිටි අතර දෙතොල් අතර දිගටම ඍජු නොවන අඩ සිනහවක් පාමින් සිටියේ කැමරාව ඉදිරියේ හට ගත් චකිතය නිසා විය හැකියි.
එක් අවස්ථාවක දී දැරියගේ උස කෙතරම් දැයි ඇසු විට නැගී සිටි ඔහු සිය දන හිස පෙන්වා දක්වා සිටියේ ඇයගේ උස පිළිබඳව අදහසක් දක්වමින්.
දැරියගේ උස, ඇගේ බැල්ම සහ හැඬීම් ආදිය සලකා බැලීමේ දී ඇත්ත වශයෙන්ම තමන්ට අවශ්‍ය වූ දේ කිරීමට කෙලෙස පෙලඹුණේ දැයි විමසූ විට මෝඩ ප්‍රශ්නයක් ඇසූ කලක් මෙන් ඔහු මා දෙස බැලුවා.
“ඇය හිඟන කෙල්ලක්. ඇගේ ජීවිතයේ වටිනාකමක් නැහැ,” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා.
කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව නගන මෙවැනි අපවාද, කථාවේ කොටසක් පමණි.
එහි සම්පූර්ණ කථාව ආරම්භ වන්නේ උපතේ පටන් ම පිරිමි දරුවකු පිළිගන්නා මෙන් ගැහැණු දරුවකුට පිළිගැනීමක් ලබා නොදෙන ස්ථානයේ සිටයි.
පිරිමි දරුවකු උපන් විට පැණි රස කෑම බෙදා දුන්නත් ගැහුණු දරුවකුගේ උපතේ දී එසේ නොකරන අවස්ථාවේ සිටයි.

150303135643_protest2.jpg

එසේම ගැහැණු දරුවකුට වඩා පිරිමි ළමයකු පෝෂණය කිරීම ආරම්භ කරන දවසේ සිටයි.
ගැහැණු දරුවකුගේ ගමන් බිමන් සීමා කර ඇගේ නිදහස සහ කැමැත්තට ඉඩ ලබා නොදෙන දා සිටයි.
ඇය සිය ස්වාමි පුරුෂයාගේ මෙහෙකාරිය ලෙස සේවය කිරීමට පිටත් කළ දා සිටයි.
දැරියකට වටිනා කමක් ලබා නොදෙන්නේ නම්, පිරිමි දරුවකුට වඩා දැරියක් නොවටිනා ලෙස සලකන්නේ නම් ගැහැණු ළමයෙකුට ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇති බව විශ්වාස කරන මිනිසුන් සිටීවි.

'ස්ත්‍රී පුරුෂ අසමානතාව ප්‍රාථමික පිළිකාවයි'

ස්ත්‍රී දූෂණය, මිනිස් ප්‍රවාහනය, ළමා විවාහය, දැරියන් ගබ්සා කිරීම, ගෞරවය රැක ගැනීමට මිනී මැරීම ආදිය ඉන් පසුව රෝගය පැතිර යාමේ අවස්ථායි.
ඉන්දියාවේ මේ ප්‍රශ්නයට හේතුව නීති නොමැති කම නොවෙයි. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ශිෂ්ට සම්පන්න රටකි. එසේම සීග්‍රයෙන් දියුණුවන රටකි. ප්‍රශ්නය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුවයි.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් කාන්තාවට සම්පූර්ණයෙන්ම සම අයිතීන් ලැබිය යුතු බව දක්වා තිබෙනවා.
විවාහයක දී දායාද ඉල්ලා සිටීම නීතියෙන් වරදකි. එහෙත් සියලු පවුල් මේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වා ගෙන යනවා.
ඉන්දීය සමාජය සිතන පතන ආකාරය වෙනස් නොවන තාක් කල් මේ පිළිකාව තවදුරටත් ශක්තිමත් වී වැඩේවී, ව්‍යාප්ත වෙවී.ඒ ලෙස්ලී උඩ්වින් මේ ප්‍රශ්නය දකින ආකාරයයි.

=========================================
Full episode of India's daughter - BBC documentary . Delhi rape victim nirbhaya documentary .

Last edited:
  • Like
Reactions: argan

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් මරණීය දණ්ඩනය නෙවෙයි පිළිතුර, ඒක නිකම් පැලැස්තර අලවනවා වගේ වැඩක්. මම හිතන්නේ ස්ත්‍රී දූෂණයට හේතුව බටහිර අධික කාම භෝගි ජීවන රටාව සහා ඒක ලෝකය පුරාම පැතිරිලා යාමයි නැත්නම් ලංකාවේ වුනත් ඉස්සර ස්ත්‍රී දූෂණ තිබ්බේ නෑ වැඩියේ නමුත් දැන් සෑහෙන දූෂණය වෙනවා. ළමයිද ආච්චිලද සමහර වෙලාවට කොල්ලොත් දුෂණය වෙනවා, සමාජය විනාශ වෙලා තියෙන්නේ.
 
මෙය සම්පුර්ණ වැරදි ප්‍රකාශයක් . අයි එහෙනම් බටහිර රටවල ස්ත්‍රී දුෂණ අවම මට්ටමක පවතින්නේ. අපේ මේ දකුණු ආසියානු කෙහෙල්මල් සංස්කෘතිය හින්ද තමයි මේ දුෂණ ඔක්කොම.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Those lawyers who support these criminals should have their license canceled immediately. What a shame that these criminals and their shameless lawyers are given so much popularity.

Comments
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් මරණීය දණ්ඩනය නෙවෙයි පිළිතුර, ඒක නිකම් පැලැස්තර අලවනවා වගේ වැඩක්. මම හිතන්නේ ස්ත්‍රී දූෂණයට හේතුව බටහිර අධික කාම භෝගි ජීවන රටාව සහා ඒක ලෝකය පුරාම පැතිරිලා යාමයි නැත්නම් ලංකාවේ වුනත් ඉස්සර ස්ත්‍රී දූෂණ තිබ්බේ නෑ වැඩියේ නමුත් දැන් සෑහෙන දූෂණය වෙනවා. ළමයිද ආච්චිලද සමහර වෙලාවට කොල්ලොත් දුෂණය වෙනවා, සමාජය විනාශ වෙලා තියෙන්නේ.

    බටහිර රටවල ජීවන රටාවේ ප්‍රශ්නයක් නෙවෙයි මචන් අපේ රටවල සංස්කෘතිය සහ සභ්‍යත්වය කියන වචන දෙකෙන් ලිංගිකත්වය ගැන මිනිස්සුන්ගේ කුතුහලය තව වැඩි කරලා තියෙන්නේ....:dull:ඒ මදිවට අන්තර්ජාලය, චිත්‍රපටි වගේ දේවල් වලින් දැන් මාකට් කරන්නෙත් ලිංගිකත්වය....:frown:ඉන්දියාවේ උනත් චිත්‍රපටියක් මෙගා ටෙලියක් ගත්තොත් පොඩි හරි රේප් සීන් එකක් හොයාගන්න පුළුවන්...:yes:අපේ උන්ගේ වැඩෙත් පුංචි එවුනුත් එකතු කරගෙන කට ඇරගෙන ඒවා බලන එක....:growl:ඒ විතරක් නෙවෙයි නිව්ස් වලින් පවා මේ වගේ නිව්ස් ඉදිරිපත් කරන්නේ ලිංගිකත්වය ඇවිස්සෙන විදියට...:confused:ලිංගිකත්වය කුතුහලයෙන් තද කරන් ඉන්න මිනිස්සුන්ට ඔය වගේ දේවලුත් දකින්න ලැබුනම අන්තිමේදී තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරුව යනවා....:yes:අන්න ඒකයි බටහිර රටවලට වඩා අපේ රටවල් වල මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මරණීය දණ්ඩනය නෙවෙයි පිළිතුර, ඒක නිකම් පැලැස්තර අලවනවා වගේ වැඩක්. මම හිතන්නේ ස්ත්‍රී දූෂණයට හේතුව බටහිර අධික කාම භෝගි ජීවන රටාව සහා ඒක ලෝකය පුරාම පැතිරිලා යාමයි නැත්නම් ලංකාවේ වුනත් ඉස්සර ස්ත්‍රී දූෂණ තිබ්බේ නෑ වැඩියේ නමුත් දැන් සෑහෙන දූෂණය වෙනවා. ළමයිද ආච්චිලද සමහර වෙලාවට කොල්ලොත් දුෂණය වෙනවා, සමාජය විනාශ වෙලා තියෙන්නේ.

    පිරිමින්ට හැගීම් පාලනය කරගන්න බැරිඑක තමා මූලික හේතුව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මෙය සම්පුර්ණ වැරදි ප්‍රකාශයක් . අයි එහෙනම් බටහිර රටවල ස්ත්‍රී දුෂණ අවම මට්ටමක පවතින්නේ. අපේ මේ දකුණු ආසියානු කෙහෙල්මල් සංස්කෘතිය හින්ද තමයි මේ දුෂණ ඔක්කොම.
    කවුද කියන්නෙ? ඇමෙරිකාවෙ තමා වැඩිම
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මට පේන විදියට තියෙන්නෙ මෙන්න මේවගේ දෙයක් ඔය කියන අති දාවන කාරී කාමභෝගී ජීවන රටාව නිසා මිනිස්සු මේ වගේ දේවල් වලට යොමුවෙන්න පුලුවන්. ඒත් ඒකට නැගෙනහිර බටහිර කතාව අදාල නැහැ. බටහිර අපිට හිතන්නවත් බැරි තරම් දියුනු සංස්කෘතීන් තියෙන රටවල් තියෙනව.අනිත් අතට නැගෙනහිර රටවල් ගත්තම ඉන්දියාව ලංකාව වගේ දකුනු ආසියානු රටවල් කියන්නෙ තනිකරම සංස්කෘතික වශයෙන් නන්නත්තාර වුන රටවල්. ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල් වල කාන්තාවට පිරිමීයාට ලඟාවිය නොහැකි මට්ටමේ වටිනකමක් අරෝපනය කරල තියෙනව. අන්න ඒක ස්ත්‍රී දූශන වැඩිවෙන්න හේතුවක්
     
    • Like
    Reactions: Rosantha

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    බටහිර රටවල ජීවන රටාවේ ප්‍රශ්නයක් නෙවෙයි මචන් අපේ රටවල සංස්කෘතිය සහ සභ්‍යත්වය කියන වචන දෙකෙන් ලිංගිකත්වය ගැන මිනිස්සුන්ගේ කුතුහලය තව වැඩි කරලා තියෙන්නේ....:dull:ඒ මදිවට අන්තර්ජාලය, චිත්‍රපටි වගේ දේවල් වලින් දැන් මාකට් කරන්නෙත් ලිංගිකත්වය....:frown:ඉන්දියාවේ උනත් චිත්‍රපටියක් මෙගා ටෙලියක් ගත්තොත් පොඩි හරි රේප් සීන් එකක් හොයාගන්න පුළුවන්...:yes:අපේ උන්ගේ වැඩෙත් පුංචි එවුනුත් එකතු කරගෙන කට ඇරගෙන ඒවා බලන එක....:growl:ඒ විතරක් නෙවෙයි නිව්ස් වලින් පවා මේ වගේ නිව්ස් ඉදිරිපත් කරන්නේ ලිංගිකත්වය ඇවිස්සෙන විදියට...:confused:ලිංගිකත්වය කුතුහලයෙන් තද කරන් ඉන්න මිනිස්සුන්ට ඔය වගේ දේවලුත් දකින්න ලැබුනම අන්තිමේදී තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරුව යනවා....:yes:අන්න ඒකයි බටහිර රටවලට වඩා අපේ රටවල් වල මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ :yes:
    ඉල්ලුමට සැපයුම තියෙන තැනක ලිංගිකත්වය අවුස්සන එක වලංගුයි. ඒත් එහෙම සැපයුමක් නැති ඉන්දියාව ලංකාව වගෙ රටවල්වලට මේකෙන් ලොකු විනාසයක් වෙන්න පුලුවන්.:yes::yes:
     
    waligamaya

    Well-known member
  • බටහිර රටවල ජීවන රටාවේ ප්‍රශ්නයක් නෙවෙයි මචන් අපේ රටවල සංස්කෘතිය සහ සභ්‍යත්වය කියන වචන දෙකෙන් ලිංගිකත්වය ගැන මිනිස්සුන්ගේ කුතුහලය තව වැඩි කරලා තියෙන්නේ....:dull:ඒ මදිවට අන්තර්ජාලය, චිත්‍රපටි වගේ දේවල් වලින් දැන් මාකට් කරන්නෙත් ලිංගිකත්වය....:frown:ඉන්දියාවේ උනත් චිත්‍රපටියක් මෙගා ටෙලියක් ගත්තොත් පොඩි හරි රේප් සීන් එකක් හොයාගන්න පුළුවන්...:yes:අපේ උන්ගේ වැඩෙත් පුංචි එවුනුත් එකතු කරගෙන කට ඇරගෙන ඒවා බලන එක....:growl:ඒ විතරක් නෙවෙයි නිව්ස් වලින් පවා මේ වගේ නිව්ස් ඉදිරිපත් කරන්නේ ලිංගිකත්වය ඇවිස්සෙන විදියට...:confused:ලිංගිකත්වය කුතුහලයෙන් තද කරන් ඉන්න මිනිස්සුන්ට ඔය වගේ දේවලුත් දකින්න ලැබුනම අන්තිමේදී තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරුව යනවා....:yes:අන්න ඒකයි බටහිර රටවලට වඩා අපේ රටවල් වල මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ :yes:
    :yes::yes:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඉන්දියාවේ ඉන්නෙ බාගෙට බාගයක්ම මානසික ලෙඩ්ඩු.:growl::growl: උන්ගේ රටේ නිතිය තියෙන්නෙ නමට විතරයි:frown::frown:. මහා ජරාම ජරා රටක්.:angry::angry::angry:
     
    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    මෙය සම්පුර්ණ වැරදි ප්‍රකාශයක් . අයි එහෙනම් බටහිර රටවල ස්ත්‍රී දුෂණ අවම මට්ටමක පවතින්නේ. අපේ මේ දකුණු ආසියානු කෙහෙල්මල් සංස්කෘතිය හින්ද තමයි මේ දුෂණ ඔක්කොම.
    Totally
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඉන්දියාවේ ඉන්නෙ බාගෙට බාගයක්ම මානසික ලෙඩ්ඩු.:growl::growl: උන්ගේ රටේ නිතිය තියෙන්නෙ නමට විතරයි:frown::frown:. මහා ජරාම ජරා රටක්.:angry::angry::angry:
    ඒ උනාට අපේ උන් ඉන්දියන්කාරයො කොපිකරන්නෙ:rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බටහිර සංස්කෘතිය මෙහාට ගැලපෙන්නෑ
    ඕනතරම් 60 දශකයේ ඩවල් ඉන්නවා ඒ ලෝක වලම තරුණ උනත්...
    අනික සංස්කෘතිය ලංකාවේ එක පැත්තකට හරි කියාගෙන ඛෑගැහුවට පිරිහෙන
    පැති ඕන හරම් දන්නෝ දනිති ඒවා...දූෂනයක් වෙන්නේ අකමැත්තෙන් උනොත්
    කැමැත්තෙන් උනොත් නතිං නේද ඒ වගේ තමා තේරුන යමක් තියනවා නම් අදහසක් ගනිල්ලා :)
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මට පේන විදියට තියෙන්නෙ මෙන්න මේවගේ දෙයක් ඔය කියන අති දාවන කාරී කාමභෝගී ජීවන රටාව නිසා මිනිස්සු මේ වගේ දේවල් වලට යොමුවෙන්න පුලුවන්. ඒත් ඒකට නැගෙනහිර බටහිර කතාව අදාල නැහැ. බටහිර අපිට හිතන්නවත් බැරි තරම් දියුනු සංස්කෘතීන් තියෙන රටවල් තියෙනව.අනිත් අතට නැගෙනහිර රටවල් ගත්තම ඉන්දියාව ලංකාව වගේ දකුනු ආසියානු රටවල් කියන්නෙ තනිකරම සංස්කෘතික වශයෙන් නන්නත්තාර වුන රටවල්. ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල් වල කාන්තාවට පිරිමීයාට ලඟාවිය නොහැකි මට්ටමේ වටිනකමක් අරෝපනය කරල තියෙනව. අන්න ඒක ස්ත්‍රී දූශන වැඩිවෙන්න හේතුවක්

    ඉල්ලුමට සැපයුම තියෙන තැනක ලිංගිකත්වය අවුස්සන එක වලංගුයි. ඒත් එහෙම සැපයුමක් නැති ඉන්දියාව ලංකාව වගෙ රටවල්වලට මේකෙන් ලොකු විනාසයක් වෙන්න පුලුවන්.:yes::yes:

    100% true :yes: