දිල්ෂාන්ට_වරෙන්තු නිකුත් කෙරේ
තිලකරත්න දිල්ෂාන් දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
පළමු බිරිදගේ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ අධිකරනය හමුවේ පෙනී නොසිටියේ යයි මෙම අධිකරණය විසින් මෙම වරෙන්තු නියෝගය නිකුත් කර තිබේ.
ඊයේ දිනයේ අධිකරණය හමුවේ දිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරුවන් පෙනී නොසිටි අතර එහිදී තව දුරටත් හෙලි වූයේ දිල්ෂාන් පළමු බිරිදට නඩත්තු ගෙවීම්ද පැහැර හැර ඇති බවයි.
කෙසේ වෙතත් අද දිනයේ නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර දිල්ෂාන් මේ වන විට අධිකරණයට බාර වී ඇත.
ඒ අනුව අධිකරණය විසින් නකුත් කර තිබූ වරෙන්තුව අත්හිටුවන ලද අතර නඩුව මැයි මස 31 වන දින නැවත කැදවීමට නියමිතය.
.