මේ තියෙන්නේ ඊයේ, (11/06/2021) දිවයින පත්තරේ සහ ලංකාදීප පත්තරේ තියන පුවත් දෙකක්.
මේක තියෙන්නේ ලංකාදීප පත්තරේ .
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි
(සුජිත් හේවාජුලිගේ සහ සහ නිමන්ති රණසිංහ)
දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
රට පුරා ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා පෙර තීරණය කරගත් පරිදි ලබන 14 වෙනිදා ඉවත් කිරීමට පෙරේදා (10) තීරණය කර තිබිණ. එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අද පුළුල් ලෙස සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන කාලය මෙසේ දීර්ඝ කරන ලදැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කෙරුණද කර්මාන්තශාලා, ප්‍රධාන වැඩබිම් හා ආර්ථික මධ්‍යස්ථාන, පොළවල් හා කාබනික පොහොර නිෂ්පාදන යනාදි කටයුතු සෞඛ්‍ය නීතිවලට දැඩිව අනුගත වෙමින් කටයුතු කිරීමටද අවසර හිමි වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන සේවා කටයුතු වලටද වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහාද අවසර හිමිවනු ඇත.
කොවිඩ් 19 පාලනය කිරීම සඳහා දිවයින පුරා සංචර සීමා ක්‍රියාත්මක කෙරුණේ පසුගිය මැයි 21 වැනි දා සිට ය.
රටපුරා සංචරණ සීමා අද (11) වන විට දින 23ක කාලයක් ක්‍රියාත්මක කර ඇත.
මේක තියෙන්නේ දිවයින පත්තරේ.
June 11 2021
Views 2595
අලූත් සීමා එයි: 14 වැනිදා රටම අරියි සමාජ මාධ්‍යවල යන කතා බොරු
කලින් තීරණය කළ පරිදි ලබන 14 වැනිදා අලූයම 4.00 සිට සංචරණ සීමා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින’ට ඊයේ සඳහන් කළේය. 02 - පිටුවට
සංචරණ සීමා එසේ ඉවත් කරනු ලැබුව ද පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා වෙනත් සීමාවන් පැනවීමට නියමිත බවද කී යුද හමුදාපතිවරයා එ් පිළිබඳ ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්නේ යැයිද පැවසීය.
සංචරණ සීමාවන් තවදුරටත් දීර්ඝ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප‍්‍රචාරයන් සිදු වෙමින් තිබෙන අතර එ්වායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා කීවේය.
පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඉකුත් 21 වැනිදා සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත රජය කටයුතු කළේය. එහිදී ඉකුත් 25 වැනිදා අලූයම 4.00 සිට පැය 19 ක සහන කාලයක් ලබා දෙමින් එම සීමාවන් ලිහිල් කිරීමට ද කටයුතු කෙරිණි.
එහිදී ජනතාව අවදානම්කාරී ලෙස කි‍්‍රයා කළ අන්දම පිළිබඳ සැලකිලිමත් වූ රජය අනතුරුව ලබන 14 වැනිදා අලූයම 4.00 දක්වා අඛණ්ඩව දින විස්සක කාලයක් රටපුරා සංචරණ සීමාවන් පැනවීමට කටයුතු කළේය.