දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහ&#3517

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහ&#3517

    අද දිවයින පත්‍රයේ පළවී ඇති පහත ලිපි කියවූ මට මෙසේ ලිවීමට සිත්විය . මහින්ද රාජපක්ෂ රජයේ අඩුපාඩුකම් නිසා හෝ යහපාලන නඩය ගෙනගිය බොරු ප්‍රචාර හෝ නිසා පසුගිය ජනාධිපතිවරණයේදී සිංහලයෝ බොහෝදෙනෙක් හංසයාට කතිරය ගැසු බව ඇත්තකි.
    කම් නැත .


    එහෙත් පහත ලිපි කියවීමෙන් පසුවද ඔවුන් තවමත් මේ යහපාලන ජාති ද්‍රෝහීන්ට ආවඩන අය නම් උප්පැන්න සහතිකවල පියාගේ නම ලෙස සිංහලයකුගේ නම තිබුණත් ඔවුන් ජාතක කළ නියම පියා සොයා යායුතුය .අල්ලපු ගෙදර හිටියේ මොකෙක් දැයි සෙවිය යුතුය.
    ගාමිණී පරාක්‍රම
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා
    ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට උපන් සිංහල කොටි රැළ සිය කුමන්ත්‍රණයට තිත තැබූ බවක්‌ තවමත් පෙනෙන්නට නැත.

    මෙතෙක්‌ කලක්‌ මොවුන් තමන්ගේ දේශෙද්‍රdaහී රංගනයන් කරනු ලැබුවේ මේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ රෙදි අස්‌සේ සැඟවි සිටිමිනි. එහෙත් දැන් මෙසේ එළිපිටම නටමින් සිටිනුයේ "යහපාලනය" යනු මිනීමරු ප්‍රභාකරන්ගේ "ඊළම"යෑයි සිතාගෙනද යන්න මේ දෙස බැලීමේදී අපට වටහාගත නොහැකිව තිබෙන්නකි.

    මේ වන විට රට තුළ ඇත්තේ යහපාලනය ය. ජනතාවට දුන් පොරොන්දු අනුව යහපාලනයෙන් කළ යුතු වැඩ තව බොහෝය. නමුත් ඒවා පසෙක තිබියදී දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? යහපාලනය අපත්‍ය අච්චාරුවක්‌ බව රටේ ජනතාවට හැඟී යද්දී ඒ යහපාලනයේ ඇතැමුන්ද "නයින්ට" නළා පිඹින්නාක්‌ මෙන් මෙකී එන්ජීඕ අප්පුලා සහ සිංහල කොටි සමඟ එක පෙළට සිටගැනීමට සැරසීමය. සිදු වෙමින් ඇත්තේ ඒ ටිකය.

    ඉතින් "නයි" නටන්නේය. රට යක්‍ෂයාගෙන් බේරාගත් යුද හමුදා සහ පොලිසියේ රණවිරුවන්ට එරෙහිව මොවුන් ගෙනයන ෙද්‍රdaහී කුමන්ත්‍රණය තවමත් සජීවී වී තිබෙන්නේ එබැවිනි. අද මෙකී කුමන්ත්‍රණයේදී මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ විජාතික බලවේගයන්ගේ වුවමනාව අනුව රණවිරුවා දංගෙඩියට යවා දැනුදු සක්‍රීයව තිබෙන දෙමළ බෙදුම්වාදය ඉදිරියේ අප බෙලහීනයන් කර අනාගතයේදී බෙදී වෙන්වුණු ශ්‍රී ලංකාවක්‌ බිහි කිරීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

    බෙදා වෙන් කළ ශ්‍රී ලංකාව යන්න ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරේ දීර්ඝ කාලීන අපේක්‍ෂාවය. ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික ඉලක්‌කයන් ඒ පසුපස ඇත. අවසන් සටනේදී මේ රට විශාලා නුවරක්‌ කළ මිනීමරු ප්‍රභාකරන් මරණය අබියස සිටියදී ඔහු බේරා ගන්නට මෙකී විදෙස්‌ බලවේග අපට බලපෑම් කරනු ලැබුවේද එනිසාම විය.

    එහෙත් එදා ඒ සියල්ල පරාජය වූවේය. ඒ හමුවේ මඳ පසුබෑමක සිටියද මෙදා රට තුළ මතුවූ යහපාලනය සමඟ දැන් එකී සියලු විජාතික බලවේග යළිත් සක්‍රීය වී තිබෙන බව පැහැදිලිය. එය සනාථ කරන එක්‌ සාධකයක්‌ වන්නේ අද වැලිකඩ සිද්ධිය ගෙන රට බේරා ගත් රණවිරුවන් මනීමරුවන් කරන්නට වෙහෙසෙන එන්ජීඕ අප්පුලාගේ සහ සිංහල කොටින්ගේ කෙරුවාවය.

    මොවුහු අපට මතක ඒ අමිහිරි අතීතයේදී ද විජාතික අරමුණු වෙනුවෙන් මෙසේම ක්‍රියාත්මක වූහ. එදා ඇතැම් එන්ජීඕ නඩ ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් කඩේ යද්දී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන 2002 එක්‌සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇති කෙරුණු ඊනියා සටන් විරාම ගිවිසුමට මුවා වූ මෙකී සිංහල කොටි කිලිනොච්චියේ කැලයකට ගොස්‌ එල්ටීටීඊයේ යුද පුහුණුව ලැබ පැමිණ ජාති ඝාතක ප්‍රහාරකයන් වූයේ අද මෙන් එදාත් තමන් සිටියේ ෙද්‍රdaහීන් සමඟ බව රටට පැහැදිලි කරමිනි.

    මෙසේ උපන් බිමට එරෙහි විජාතික කුමන්ත්‍රණයේ දේශීය කොටස්‌කරුවන් ලෙස ක්‍රියාත්මක වෙද්දී ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුර සුනඛයාට මස්‌ කටු දෙන්නාක්‌ මෙන් මොවුන් වෙත ඩොලර් මිටි වීසි කළේය. ඒ මුදල් පොදි ඇහිඳ ගත් මොවුහු රට පාවා දී ගත් එකී මුදලින් සිය දරු පවුල්ද පෝෂණය කළහ. එය අද දවසේද නොකඩවා සිදු වන්නකි.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    "වැලිකඩදී" යුද හමුදාවයි, පොලිසියයි මිනී මැරුවා ලෙසින් මෙකී පාවා දෙන්නෝ මේ මොහොතේ නගන හඬ තුළ ඇත්තේද එසේ ඩොලර්වලට බැඳි ලොබ මිස අන් කිසිවක්‌ නොවන්නේය. මෙලෙස මුදල් පොදි ලබන්නට නම් යමක්‌ පාවා දිය යුතුය. එහිදී රට නොව, අම්මා අප්පා වුවද මුන්ට කම් නැත. සත්‍ය, අසත්‍යභාවයෙන් පලක්‌ නැත. පාවා දීම අපූරුවට කරන්නේය. ඒ දෙස බලන කල අපට හැඟී යන්නේ හික්‌කඩුව වැනි තැන්වල "වැල්ලේ ඇවිදින සමහර කොල්ලන්ගේ" රස්‌සාව මීට වඩා වැදගත් යෑයි යන්නය.

    අද වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් එන්ජීඕ අප්පුලා සමඟ එක්‌ව මොරදෙන වුන් සිංහල කොටින් යෑයි මීට ඉහතදීද අපි වගකීමෙන් සටහන් කළෙමු. ඒ මොවුන් සියල්ල පාවා දෙන අතරේ එල්ටීටීඊයට ආත්මය පාවා දුන් අන්දම අප දැන සිටින බැවිනි. මෙතෙක්‌ අප එය රටට නොකියා සිටියද මොවුන් කරනු ලබන කුමන්ත්‍රණයේ සීමාවක්‌ නොමැති බැවින් මෙවර එය ජනතාව ඉදිරියේ දිග හරින්නට අපට සිත් විය. එය සිදු වන්නේ මෙසේය.

    "නෝර්වේ සාම දූතයා" යෑයි කියමින් නිතර නිතර මෙරටට පැමිණි එරික්‌ සෝල්හයිම්ගේ මැදිහත් වීම මත රටටම රහසේ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එවකට පැවති එක්‌සත් ජාතික පෙරමුණු රජය අතර මේ බිම පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ ඉකුත් 2002 වසරේදීය.

    එතැන් පටන් යුද හමුදාව කඳවුරුවලට සීමා කෙරෙද්දී කුප්‍රකට සටන් විරාම ගිවිසුම නිසා දකුණේ ජනතාවට එලිටීටීඊයේ බලය පැවති උතුරට ගොස්‌ පැමිණීමේ අවස්‌ථාවක්‌ ලැබිණි. ඒ නිකම්ම නොව එල්ටිටීඊයෙන් මුදල් ගෙවා ලබා ගන්නා අවසරයක්‌ සහිතවය.

    මෙකී කාලයේදී 88-89 භීෂණ යුගයේ ජනතා විමුක්‌ති පෙරමුණ දේශපාලනයේ යෙදී රජ්‍ය මර්දනයට හසු නොවීමෙන් තවදුරටත් ජීවත් වන්නට වාසනාව තිබූ කිහිප දෙනකු ඇතුළු කණ්‌ඩායමක්‌ද උතුරට ගියහ. නමුත් ඔවුන් උතුරට යනු ලැබුවේ අනෙක්‌ මිනිසුන් මෙන් ඒ ප්‍රදේශය නරඹා එන්නට නොව, එල්ටීටීයට එක්‌වී උපන් බිම පාවා දෙන්නටය.

    මෙසේ ගිය පිරිස කිලනොච්චියේ කැලෑ වක්‌ තුළදී කොටි නායකයකු යටතේ එල්ටීටීඊයේ යුද පුහුණුවද ලැබීය. එතැන් පටන් එම කණ්‌ඩායම පිළිබඳ එක්‌තරා ආරක්‍ෂක අංශ නිලධාරියකු අපට අනාවරණය කර සිටියේ මෙසේය.

    * ඔව්. ඒ 2007 වසර. මේ වෙනකොට ත්‍රස්‌තවාදයට එරෙහිව ආරක්‍ෂක හමුදා ආරම්භ කරලා තිබුණ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණේ. එල්ටීටීඊයේ බෝම්බ ප්‍රහාර නිසා දකුණේ ජනතාවත් හිටියේ දැඩි භීෂණයකට ගොදුරු වෙලා. මේ අතරේ තමයි දවසක්‌ ඔය කියන සිංහල කොටියෙක්‌ පොලිසියට කොටු වුණේ. ඒක වුණෙත් එල්ටීටීඊයෙන් මොවුන්ට ලබා දී තිබූ ගිනි අවියක්‌ අලෙවි කරන්න ගිය අවස්‌ථාවක...

    * පසුව පොලිසිය හා ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී ඒ වගේ සිංහල කොටි රංචුවක්‌ම අල්ල ගන්න පුළුවන් වුණා. ඒ කණ්‌ඩායමට දුම්රිය සේවකයන් කිහිප දෙනකු සහ තැපැල් ස්‌ථානාධිපතිවරයෙක්‌ද අයත් වුණා.මේ කණ්‌ඩායමෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක්‌ මොවුන් පොලිසිය ඉදිරියේ වමාරා තිබුණා...
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    * මේ කණ්‌ඩායම යුද පුහුණුව සඳහා උතුරට ගිය අවස්‌ථාවේ එල්ටීටීඊයේ බුද්ධි අංශ නායකයාව සිටි පොට්‌ටු අම්මාන් පවා මුණ ගැසුණ බව පොලිසියට පවසා තිබුණා. ඔවුන්ට එල්ටීටීයෙන් පවරා තිබුණු කාර්යය වුණේ කොළඹ ප්‍රහාර සඳහා උතුරේ සිට පැමිණෙන කොටි ත්‍රස්‌තවාදීන්ට රැකවරණ ලබා දීම සහ දකුණේ ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම...

    * මොවුන් තමයි ඒ දිනවල කොළඹ ඇතුළු දකුණේ ඇතැම් ප්‍රදේශවල බස්‌ රථ තුළ බෝම්බ පුපුරුවා හැර තිබුණේ. විදුලි ට්‍රාන්ස්‌ෙµdaමර්වලට බෝම්බ තබා පුපුරුවා හැර තිබුණෙත් මොවුන්මයි. මේවා පොලිසියට කොටු වූ සිංහල කොටි කණ්‌ඩායම විසින්ම හෙළි කරපු කාරණා...

    * මේ කණ්‌ඩායම ඉතාම සූක්‍ෂමව ක්‍රියාත්මක වුණේ. මොවුන් කොටි පුහුණුව ලබා දකුණට පැමිණිමෙන් පසුව ඒ අය මෙහෙයවලා තිබුණේ කැනඩාවේ සිටි කන්නන් කියන ත්‍රස්‌තවාදියෙක්‌. ඒ ජංගම දුරකථන හරහා. මේ අයගෙන් මුල්ම කෙනා පොලිසියට කොටු වුණේ ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිටියදී...

    * ඔහු ඒ දිනවල දුම්රිය සංගමයක ප්‍රධානියෙක්‌ ලෙස හිඳිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අයෙක්‌. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව දෙවැනියට කොටු වුණේ ගම්පහ ප්‍රදේශයේ සිටි අයෙක්‌. ඔහු රැකියාව කළේ තැපැල් ස්‌ථානාධිපතිවරයෙක්‌ ලෙස. තැපැල් ස්‌ථානාධිපතිවරයාගේ තොරතුරු අනුව තමයි අනෙක්‌ පිරිස කොටු කර ගන්න හැකි වුණේ...

    * කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීමේදී සහ උතුරේ සිට ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදියෙක්‌ දකුණට පැමිණි අවස්‌ථාවල මොවුන්ගේ වියදම් සඳහා එල්ටීටීඊය මුදල් එවා තිබුණෙත් කැනඩාවේ සිටි කන්නන් හරහා. මට මතකයි මොවුන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඒ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන් වැඩවර්ජනයක්‌ පවා ආරම්භ කළා...

    * නමුත් පසුව ආරක්‍ෂක අංශ එම දුම්රිය සේවකයන් වෙත ගොස්‌ කරුණු පැහැදිලි කළාට පසු ඔවුන් රජයෙන් සමාව ගෙන වැඩවර්ජනය නවතා දැම්මා. දකුණට පැමිණීමෙන් පසුව කැනඩාවේ සිටි කන්නන් හරහා මේ පිරිස මෙහෙයවලා තිබුණේ එල්ටීටීඊයේ සිටි ප්‍රධානියෙක්‌ වන තවන් මාස්‌ටර් විසින්...

    මේ කණ්‌ඩායම අත්අඩංගුව අරගෙන මාසයකට පමණ පස්‌සේ අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසිය පියවර ගත්තා. නමුත් මොවුන් මොන අපරාධ සිදු කර තිබුණත් පැහැදිලි සාක්‍ෂි නොමැති වීම නිසා නෛතික වශයෙන් ඒ කරුණු ඔප්පු කරන්නපොලිසියට බැරි වීම හේතුවෙන් එයින් සමහර අය නිදොස්‌ කොට නිදහස්‌ කරන්න අධිකරණය පියවර ගත්තා.

    ඒත් මේ අතරේ හිටියා සුදේශ් නන්දිමාල් ද සිල්වා කියලා අයෙක්‌. ඔහුට නම් ඒ වගේ නිදහස්‌ වීමක්‌ ලැබුණේ නැහැ. එයාගේ නඩුව තිබුණේ ගම්පහ මහා අධිකරණයේ. මේ සිද්ධිය නිසා බොහෝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටි සුදේශ් නන්දිමාල් පසුව වරද පිsළිගැනීම නිසා වසර විස්‌සක අත්හිටවූ සිරදඬුවමකට යටත් කොට මුදා හැර තිබුණා.

    මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වුණු තවත් වැදගත් දෙයක්‌ තමයි කොටි සංවිධානය විසින් මොවුන් වෙත එවා තිබුණු ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක්‌ සොයා ගන්නට පොලිසිය සමත්වීම. මට මතකයි ඒ ආයුධ අතරේ තිබී හමුවුණා මහා විනාශයන් සිදු කළ හැකි අධි බල පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බ ගණනාවක්‌.

    අද එන්ජීඕ අප්පුලා සමඟ එක්‌ව වැලිකඩ බන්ධනාගාරයේදී රණවිරුවන් මිනී මැරුවේ යෑයි කියන සිංහල කොටින්ගේ සැබෑ පැටිකිරිය මේ මොහොතේ දිගහැරෙමින් තිබෙන්නේ එසේය. මෙහිදී මොකා නැතත් වැලිකඩ සිද්ධිය හමුවේ "මමත් ඇතුළේ හිටියා" කියමින් රණවිරුවන්ට එරෙහි ප්‍රධාන සාක්‍ෂිකරුවා ලෙස පෙනී සිටින සුදේශ් නන්දිමාල් ද සිල්වා යනු පැහැදිලිවම රට වැනසූ කොටි ත්‍රස්‌තවාදියකු බව කියන්නට අපට හැකියාව ඇත.

    මන්ද කවුරුන් මොන තර්ක ගෙන ආවද සුදේශ් නන්දිමාල් යනු ත්‍රස්‌තවාදී පනත යටතේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු වරද පිළිගෙන මේ මොහොතේත් දඬුවමකට යටත්ව සිටින්නකු වන බැවිනි. ත්‍රස්‌තවාදීන් කිසිවිටකත් උන්ට එරෙහි වූ මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් රණවිරුවන්ට ආදරය කළේ නැත.

    ත්‍රස්‌තවාදියා කළේ සමාජය අතර සැඟවී රණවිරුවන් මරා දැමීමය. සත්‍ය එය වන බැවින් සුදේශ් නන්දිමාල් වැනි ත්‍රස්‌තවාදියකු එන්ජීඕ අප්පුලා සමඟ එක්‌වී වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කීමේ යටි අර්ථය කුමක්‌ද යන්න වටහා ගැනීමට මේ රටේ ජනතාවට අපහසු නොවන්නේය.

    ඒ තුළ ඇත්තේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළා වූ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ විරුවන් කෙරෙහි වන වෛරයමය. මේ අතරේ ඉකුත් සතියේ වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන්ට පහර දීමට සැරසෙන කුමන්ත්‍රණයට අදාළ තවත් වැදගත් කතාවක්‌ද වැලිකඩ ඇතුළෙන්ම අපට අනාවරණය විය.

    "මහත්තයෝ.. අද වැලිකඩ සිද්ධිය ගැන කතා කරන සිංහල කොටි මේක ඇතුළේ ඉන්න කුඩු ඕනර්ලත් එක්‌ක දුර කථනයෙන් කතා කරනවා. පසු ගිය කාලේ මේ කුඩු ජාවාරම්කාරයන්ව එක එක බන්ධනාගාරවලට මාරු කරලා හිටියේ. ඒත් දැන් උන් ඔක්‌කොම වැලිකඩට ගෙනල්ලා. ඒ ජාවාරම්කාරයෝ සල්ලි වගේම කුඩු බොන එවුන්ට කුඩු පවා දීලා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්තයෙක්‌ට විරුද්ධව සාක්‌කි දීපන් කියලා උන්ට කියනවා.

    සාක්‌කි දෙන්න කියන්නේ දැන් දාලා තියෙන කමිටුවට ගිහින්. ඒ වගේම මේක මෙහෙයවන සිංහල කොටින්ටත් කුඩු ජාවාරම්කාරයෝ සල්ලි දෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ දැනට දීර්ඝ කාලීන සිර දඬුවමක්‌ විඳිමින් සිටින රැඳවියකු ඒ අනාවරණය අපට කරනු ලැබුවේ එලෙසිනි.

    ඔහුගේ අනාවරණය එසේ වෙද්දී වැලිකඩ සිද්ධියෙන් රණවිරුවන්ට පහර දීමේ කුමන්ත්‍රණය කරළියට පැමිණි ආරම්භයේ පටන්ම එයට සම්බන්ධ සුදේශ් නන්දිමාල් නමැති ප්‍රධාන සාක්‌කිකාර සිංහල කොටියා ඇතුළු ඇතැම් එන්ජීඕ අප්පුලා කී එක්‌තරා කතාවක්‌ද තිබිණි. ඒ වැලිකඩ සිද්ධියේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක්‌ බන්ධනාගාරය තුළට පැමිණාය යන්න විය. ඔවුන් ඒ කතාව කියනු ලැබුවේ එකී නිලධාරියාගේ නමද සඳහන් කරමිනි.

    සැබවින්ම එකී නිලධාරියා කවරෙක්‌ද? අප මේ ටික සටහන් කරනුයේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්‍රණයේ සත්‍යය මෙන්ම එකී නිලධාරියා සහ දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරමුන්ගේ වුවමනාව කුමක්‌ද යන්න රටේ ජනතාවට පැහැදිලිවම අවබෝධ කරගනු පිණිසය.

     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අද දවසේ සුදේශ් නන්දිමාල් ඇතුළු සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා චෝදනා එල්ල කරන මෙකී පොලිස්‌ නිලධාරියා වන්නේ දැනට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටිමින් මේ රටේ කුඩු ජාවාරමට පහර දී දැවැන්ත කුඩු ජාවාරමුන් ඇතුළු ජාවාරම්කාරයන් දෙසියයකට ආසන්න පිරිසක්‌ අත්අඩංගුවට ගෙන මහාධිකරණය ඉදිරියේ නඩු පවරා සිටින අයෙකි.

    පසුගිය කාලයේ මෙරට කුඩු රජා වන වෙළේ සුදාගේ මත්කුඩු ජාලයට නොකඩවා පහර දුන්නේද ඔහුය. එහිදී වෙළේ සුදා විදේශයකට පැන සිටියදී වෙළේ සුදාගේ බිරිඳ, නැන්දම්මා, බිරිඳගේ නැගණිය ඇතුළුව වෙළේ සුදාගේ කුඩු ජාවාරමට සම්බන්ධ ජාලයේ හතළිස්‌ දෙදෙනකු අල්ලා මහ උළු ගෙදරට යෑව්වේ මෙකී නිලධාරියාමය.

    එසේම වෙළේ සුදා පාකිස්‌ථානයේදී කොටු වන තැන දක්‌වාම සුදාගේ කුඩු ජාලයට පහර දුන් හේ දැනුදු ඒ විමර්ශන අවසන් කර නැත. එමෙන්ම කලකට ඉහත අල කන්ටේරයකින් මෙරටට ගෙන්වා තිබූ කුඩු තොගය සොයා ගනු ලැබුවේද ඔහුය. දෙවුන්දර තමිල්, කුඩු තිලාන්, ලාලිත ආදී ලෙසින් වූ රට වැනසූ කුඩු ජාවාරමුන්ගේ රජධානි සුණු විසුණු කරමින් මෙකී නිලධාරියා සිදු කළ වැටලීම් අනන්ත අප්‍රමාණය.

    පැහැදිලිවම කිවහොත් අද දවසේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින් අතරින් ඉතාම ප්‍රබල ඔත්තු ජාලයක්‌ ගොඩනගා ගනිමින් මෙරට කුඩු ජාවාරමට එරෙහිව නැගී සිටිය හැකි නිලධාරියකු ලෙස හේ සිටිනුයේ ප්‍රබල ස්‌ථානයක වන්නේය.

    මෙදා වැලිකඩ කුමන්ත්‍රණයේ යෙදී සිටින සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා වැලිකඩ සිද්ධිය දා සිවිල් හමුදා පිරිසක්‌ සමඟ මෙකි නිලධාරියාත් පැමිණියේ යෑයි කීමෙන් ඔවුන් සැරසෙන්නේ කුමක්‌ කරන්නටද? ඒ තුළ ඇත්තේ රට වනසන කුඩු ජාවාරමුන්ගේ වුවමනාව මිස අන් කුමක්‌ද? මේ දෙස බැලීමේදී වැලිකඩ රැඳවියා ඉකුත් සතියේ අපට කී කතාව ලෙහෙසියෙන් බැහැර කළ හැකිද?

    රටට ෙද්‍රdaහී වූ සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා වැලිකඩ සිද්ධිය ගෙන සිදු කරනු ලබන කුමන්ත්‍රණයේ හතර අතට විහිදෙන සැඟවුණු යථාර්ථය එසේ වෙද්දී මොවුන් දැන් තවත් නැටුමක්‌ද ආරම්භ කර තිබේ. ඒ සත්‍යය හෙළි කරන මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට තරම් තොත්ත බබාලා බවට පත්ව සිටීමය.

    එසේ රඟන අතරේ කොටි ලේබලය අලවාගෙන සිටින සුදේශ් නන්දිමාල් වියරු වැටුණකු මෙන් ඉකුත් සතියේ මේ ලියුම්කරු සම්බන්ධවද අපහාසාත්මක ප්‍රකාශයක්‌ නෙත් එµaඑම් ගුවන් විදුලියේ "බැලුම්ගල" වැඩසටහනට කරනු ලැබිණි. ඒ අරබයා කරන්නේ නම් නෛතික වශයෙන් ගන්නට ඇති පියවර බොහෝ වේ. එහෙත් නරි හූ කියන විට සිංහයන්ද හූ නොකියන බැවින් අපි කිසිත් නොකරන්නෙමු.

    සමන් ගමගේ
    නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

    ප්‍රශ්නය - ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක්‌ යනවා. මොකක්‌ද මේ කඳවුර?

    පිළිතුර - එහෙම කඳවුරක්‌ තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක්‌ නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක්‌ තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක්‌ මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක්‌ ඉල්ලුවාම ලබා දෙන්න. නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක්‌ කළා. කිලෝ මීටර් දහස්‌ ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක්‌ විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්‌මවා ගිsහිල්ලා කරපු දෙයක්‌. එහෙම විශිෂ්ට සේවයක්‌ කරපු නාවික හමුදාවට අපකීර්තියක්‌ වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලිs කිරීමක්‌ කරන්නට.

    ප්‍රශ්නය - නේවි සම්පත් නම් චරිතයක්‌ විසින් කරන හෙළිදරව් කිරීම ඔස්‌සේයි, නාවික හමුදාවට අද චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔබ නාවික හමුදාපති ලෙස කටයුතු කරන ගමන් ඔබගේ ආරක්‍ෂක අංශයේ සිටි ඔහු ලවා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සිදුකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

    පිළිතුර - මමත් ඒ බව මාධ්‍යවලින් දැක්‌කා. නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මම ඉතා විමසිල්ලෙන් කටයුතු කළා. එතැනදී මට දැනගන්නට ලැබුණා මගේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ වන සම්පත් මුණසිංහ, ළමයි පස්‌ දෙනෙක්‌ අත්අඩංගුවට අරගෙන කප්පම් ලබා ගත්තා යෑයි කියා. එවිට මා විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු කළා. ඒ පරීක්‍ෂණය සිදුකරගෙන යනවිට ඒ නිලධාරියා නාවික හමුදාවෙන් පැනලා ගියා. ඒ නිසා අප ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ පිළිබඳව මම පොලිස්‌පතිවරයා, සී.අයි.ඩී. එක, නාවික හමුදාවේ නීති අංශය මගින් දැනුවත් කළා. පසුව ඔහුව සී.අයි.ඩී. යට භාර දුන්නා.

    ප්‍රශ්නය - ඒ කියන්නේ, මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක්‌ කළේ ඔබද?

    පිළිතුර - මම තමයි මුලින්ම මේ ගැන පැමිණිල්ලක්‌ කළේ. ඔහුව අල්ලන්නත් මම කටයුතු කළා. නමුත් නාවික හමුදාවට ඔහුව අල්ලගන්න බැරිවුණා.

    ප්‍රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක්‌ පැතිරුණා.

    පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන්සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න. අප විසින් පොලිස්‌පතිතුමා හා සී.අයි.ඩී. ය දැනුවත් කිරීම මත සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණා, ඔහුව සී.අයි.ඩී. යට භාරදෙන්න.

    ප්‍රශ්නය - නේවි සම්පත් විසින් කරන හෙළිදරව්වක්‌ යෑයි කියමින් නාවික නිලධාරීන් වෙත චෝදනා එල්ල වීම පිටුපස සරත් ෆොන්සේකා මහතා සිටිනවා යෑයි ඔබ හිතනවාද?

    පිළිතුර - ඔව්... සරත් ෆොන්සේකා මහතා හා මා අතර තද මත ගැටුමක්‌ තිබ්බා යෑයි කියන එක රහසක්‌ නොවෙයි. මා විසින් ලියන ලද අධිෂ්ඨානය පොතෙත් මම ඒ ගැන කියා තිබෙනවා. මටත් එහෙම හිතෙනවා. 2009 දී මම මේ ගැන වාර්තා කළාට පස්‌සේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක්‌ තිස්‌සේ පරීක්‍ෂණ කරලා 2011 දී අධිකරණයට වාර්තා කරලා තියෙනවා. පැහැරගැනීම් සම්බන්ධව සම්පත් මුණසිංහ කියන පුද්ගලයා වරදකරු බවට සාක්‍ෂි තිබෙන බවට. එහෙම තිබියදී මේ චෝදනා වෙන කෙනකුට, ඒ කියන්නේ කැප්ටන් ඩී. පී. කේ. දසනායක වෙත පවරා දෙන්න හදන්නේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බැහැ.

    කැප්ටන් දහනායක ඒ කාලයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික මෙහෙයුම් හැටියටයි. කොටින්ම නාවික හමුදාව තුළ මෙවැනි දේවල් සඳහා කිසිම ඉඩක්‌ දීලා තිබුණේ නැහැ. මෙවැන්නක්‌ වූ පළමු අවස්‌ථාවේදීම අපි ඒ ගැන නීති ප්‍රකාරව වාර්තා කළා. ඒ නිසයි මම මෙහෙම සාකච්ඡාවක්‌ ඔබ ඉල්ලුවාම ලබා දෙන්නෙත්, මොකද නාවික හමුදාව සතුව තියෙන කීර්තිනාමය කැළැල් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ.

    ප්‍රශ්නය - මේ ගැන පරීක්‍ෂණයක්‌ කරනවාට ඔබ අකමැතිද?

    පිළිතුර-ඔව්... අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ තියෙනවාට මම කැමතියි. රටට මෙච්චර විශාල සේවයක්‌ කරපු නාවික හමුදාවට මෙහෙම දෙයක්‌ වෙන්න දෙන්න හොඳ නැහැ.
    සමන් ගමගේ


     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොකු කට්ටක් කාලා ත්‍රිවිධ හමුදාව රට බේරගත්තා. දැන් බුරැතු පිටින් මැරෙන්නෙ නැ. එහෙනම් ඇයි ආය පහුගිය දේවල් හාරා අවුස්සන්න උවමනා වෙලා තියෙන්නෙ. කාටහරි පොරොන්දු වුනාද එහෙම දෙයක් කරන්න. දින 100 පොරොන්දු පත්තරේ නම් එහෙම දෙයක් තිබුනෙ නැ
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්,මේ සතියේ දිවයින පත්තරේ ලිපි ගොඩක් තිබුන,සින්හලයොන්ට කෙලවෙන දිනය වැඩි ඈතක නැහැ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    දිවයින_කතෘතුමා_සහ_හංසයාට... 03-09-2015 11:40 AM MAHINDAGE WESA PACHA

    reputation_neg.gif
    දිවයින_කතෘතුමා_සහ_හංසයාට... 03-09-2015 09:45 AM 123 umbe ammai mamai

    reputation_neg.gif
    දිවයින_කතෘතුමා_සහ_හංසයාට... 03-09-2015 08:36 AM owa demmata wedak ne pons... appachchi mala.. dan ithin ube ammata hukanna wenne ubata thamai
    He hee heeee
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබත් එහෙනම් දිවයින පත්තරේ කියවන බුද්දිමත් පාඨකයෙක්. :lol::lol::lol::lol:

    ඒකෙන් කමක් නෑ. මේකෙ ඉන්න උන්ගෙ ඇස් පේනව අකුරු ටිකක් පොඩියට දාපන්..
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උබත් එහෙනම් දිවයින පත්තරේ කියවන බුද්දිමත් පාඨකයෙක්. :lol::lol::lol::lol:

    ඒකෙන් කමක් නෑ. මේකෙ ඉන්න උන්ගෙ ඇස් පේනව අකුරු ටිකක් පොඩියට දාපන්..


    Thanks for the complements, fonts adjusted......
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලොකු කට්ටක් කාලා ත්‍රිවිධ හමුදාව රට බේරගත්තා. දැන් බුරැතු පිටින් මැරෙන්නෙ නැ. එහෙනම් ඇයි ආය පහුගිය දේවල් හාරා අවුස්සන්න උවමනා වෙලා තියෙන්නෙ. කාටහරි පොරොන්දු වුනාද එහෙම දෙයක් කරන්න. දින 100 පොරොන්දු පත්තරේ නම් එහෙම දෙයක් තිබුනෙ නැ
    :rolleyes: