දිවාගුහාවට එරෙහි අන්‍යාගමික කුමන්ත්‍රණ&#

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දිවාගුහාවට එරෙහි අන්‍යාගමික කුමන්ත්‍රණ&#

    397071_571228136228107_1466599067_n.jpg


    ශ්‍රී පාද අඩවියෙන් පසුගිය දිනවලදී සොයාගත් දිවාගුහාම නමැති පූජනීය ගල්ලෙන හමුවීම පිළිබදව ඓතිහාසික සාක්ෂි විමසීම හා ඒ පිළිබදව විධමත් පර්යේෂණයක් හෝ සිදු කිරීම පසෙක තබා දිවාගුහාවය යනු, විශ්වාසයක් පමණක් බවට පුරාවිද්‍යා බලධරයින් මාධ්‍යයන්ට කර තිබෙන ප්‍රකාශය ඉතා අප්‍රසාදයෙන් යුතු හෙලා දකින බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසයි.

    වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ.... තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු උන්වහන්සේ ස්ථාන 16කට වැඩම කරවා පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පක් කළා. එදා සිටම අපේ බෞද්ධ සැදැහැවතුන් මෙම පූජනීය ස්ථාන එකම ගාථාවකින් වන්දනාමාන කිරීමට පුරුදුව සිටියා. උතුරේ නාගදීපයත්, දකුණේ තිස්සමහාරාම, කතරගම ආදී විහාරත්, නැගෙනහිර දීඝවාපියත් රජරට අටමස්ථානයත් බස්නාහිර කැළණියත් වගේම රට මැද ශ්‍රී පාදය හා දිවා ගුහාවත් බුදුලු මුතියංගණයත් නිසා මේ හෙල දිව ධර්මද්වීපයක් වුණා. නමුත් මේ සොළොස්මස්ථාන අතරින් දිවාගුහාව අප්‍රකටව පැවතුණ අනාදිමත් කාලයක සිට එය සමනළ අඩවියේම ශ්‍රී පාදස්ථානයට නුදුරින්ම දිවාගුහාව පිහිටිය යුතු බවට බෞද්ධ ජනාතාව අතර විශ්වාසයක් තිබුණා. බුදුන් වහන්සේ ශ්‍රීපාද පද්මය පිහිටුවීමෙන් පස්සේ දිවා විවේකය නැති නම් දිවා විහරණය ලබන්න දුර ඈත තැනකට වැඩියේ නැහැ. ශ්‍රී පාද්ස්ථානය අසලම තැනකයි උන්වහන්සේ දිවා විහරණය කළේ. එම ගල් ගුහාව තමයි දිවාගුහාව නමින් පූජනීයත්වයට පත් වුණේ. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විට විවේක ගත් ගල්ගුහාව නිශ්ශංක ලෙන ලෙස සමනළ කන්ද පාමුල තිබෙනවා. රජතුමා ශ්‍රී පාද පද්මය වැදපුදාගෙන ඊට නුදුරින් වූ ගල්ලෙන වැද පුදාගත් බවත් එහි රජතුමාගේ ප්‍රතිමාවක් ගලේ කෙටූ බවත් ඉතිහාසය තොරතුරු පෙන්වා දෙනවා. රජතුමා මේ ගල්ලෙන වැදපුදාගෙන එහි ප්‍රතිමාවක් නෙළුවේ මෙම ස්ථාන බුදුන් වහන්සේ දිවා විහරණය කළ ස්ථානය නිසා නොවේද කියලා මම පුරාවිද්‍යා මහත්වරුන්ගෙන් අහන්න කැමතියි. නැති දේ ඇති කරන්න අපට අවශ්‍ය නෑ. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ අපේ පාරම්පරික උරුමය විනාශ කිරීමේ අරමුණින් විදේශිකයන් ආරම්භ කරපු ආයතනයක් බව අමතක නොකළ යුතුයි.

    එදා බලංගොඩ "කූරගල" බෞද්ධ පූජා භූමිය බෞද්ධයන්ට අහිමි වූණේ පුරා විද්‍යා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසයි. ඒ වගේම උතුරු නැගෙනහිර අපේ බෞද්ධ වෙහෙර විහාර අන්‍යාගමික බලවේග විසින් ඩෝසර් කරනකොට නිහඩව සිටින මේ වගකිව යුතු ආයතන මේ දිවාගුහාව ගැන ඇත්ත හොයන්න අකුල් හෙලන්නේ ඇයි? රටත්, ජාතියත්, ආගමත් විනාශ කරන්න විවිධ බලවේග කටයුතු කරමින් පවතින මොහොතක "දිවාගුහාව මායාවක්" යැයි වගකිවය යුතු බලධාරීන් පැවසීම හරිම පිළිකුල් සහගතයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිවකු මේ ගැන කරුණු හොයන්න තබා මා සමග කතා කලේවත් නෑ.. මේ ආයතන තියන්නේ බෞද්ධ පූජනීය ස්ථාන ඇති කරන්නද නැති කරන්නද කියල අපට හිතෙනවා. යෑයි නා හිමියෝ වැඩි දුරටත් පැවසීය.

    සැබැවින්ම අපට අත් වී ඇති කරුමය මෙයයි. අද මෙරට වගකිවය යුතු ආයතන බොහෝමයක මුල් පුටුවලට අරක්ගෙන සිටින්නේ රටටත් ජාතියටත් තබා තමන්ටවත් වැඩක් නැති අපතයින්ය. බුද්ධාගම සහ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිහිපය මෙයින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. මුන් බෞද්ධ උරුමයන් රකිනවා තබා ඒ වෙනුවෙන් අවම හෝ මැදිහත් වීමක් දක්වන්නට උනන්දු නොවේ. ඒ බව මනාවම පැහැදිලී වූයේ පසුගිය සමයේ නැගෙනහිර පළාතේ මාස තුනක් ඇතුළත එකම ස්ථානයක පිහිට මහා දාගැබ් දෙකක් අන්‍යාගමික අන්තවාදීන් ඩෝසර් කර බිමට සමතලා කරද්දී පවා මුන් නිදිවැදී සිටීමෙන්ය. අඩු තරමේ පුරාවිද්‍යා ස්ථානයක් බවට දැක්වෙන බෝඩ් ලෑල්ලක් හෝ එල්ලන්නට මුන්ට හැකි වී නැත. එසේ හෙයින් දිනෙන් දින අපට අහිමිවීයන ඓතිහාසික ජාතික උරුමයන් මතු පරපුරට රකිනවා තබා අපේ පරපුරේ පණ කෙන්ද ගිලිහී යන තු‍රුවත් රැකගැනීමට හැකි වේ යෑයි සිතිය හැකිද?

    අනෙත් බරපතලම කරුණ නම් අපේ ඓතිහාසික උරුමයන් සහ පූජ්‍යස්ථාන අන්‍යාගමිකයන් අතර ද සමසේ බෙදාගැනීමේ අමුතු මානසිකත්වයකින් පෙළෙන උම්මත්තක "සර්වාගමික" බලුපූට්ටු කාරයින්ගේ ඇල්ම බැල්ම ශ්‍රී පාදස්ථානයත් වැටී තිබීමයි. ප්‍රසිද්ධ කරළියේ රග නොදැක්කුවද තිරය පිටුපස පදනම සැකසෙමින් පවතින්නේ ශ්‍රී පාදස්ථානය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීමේ දිගු කාලීන නින්දිත ප්‍රයත්නයකි. ශ්‍රී පාදස්ථානය හෙවත් සමනොළගිරි බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් බව තහවුරු කිරීම සදහා ඕනෑ තරම් පුරාවිද්‍යාත්මක සාධක ගෙනහැර දැක්විය හැකිය. මහාවංශය, දීපවංශය, චූලවංශය ආදී වංශ කතා හා රාජාවලිය, දඹදෙණි යුගයේ ලියැවුණ සමන්තකූට වර්ණනාව ආදී ඓතිහාසික මූලාශ්‍ර අවශ්‍ය තරමට ගෙනහැර දැක්වි හැකිය. ශ්‍රී පාදය හා එය වැදපුදාගත් රජවරු පිළිබද සදහන් සෙල් ලිපි ගණනාවකි. දැන් එය තහවුරු කිරීම සදහා තවත් සාක්ෂී මතුව තිබේ. සැබෑ ඉතිහාසය එසේ වුවද ලෝක මිත්‍යාවක් වන "ආදම්" නැමති අමු බේගලයක් ශ්‍රීපාදයට සම්බන්ධ කර ඇත. කිසිදු පදනමක් නැති. කිසිදු ඓතිහාසික සාධකයක් නැති මෙම මිත්‍යාවාදය පැතිරවීම අද ඊයේ සිදු වූවක් නොවේ. (ආදම් යනු, බයිබලයට හා කුරාණයට අනුව දෙයියා මැවූ පළමු මිනිසාලු..) ඒ අනුව මුස්ලිමුන් මෙන්ම කිතුණුවන්ද ශ්‍රී පාද්ස්ථානයේ ඇත්තේ ආදම්ගේ පාදය යෑයි විශ්වාස කරයි. ඒ අනුව මෙම ස්ථානය බෞද්ධයන්ට මෙන්ම මුස්ලිමුන්ටත්, කිතුණුවන්ට අයිති තැනකැයි කියාපාමින් මෙම ස්ථානය ත් සර්වාගමික ගුබ්බෑයමක් කරවීමේ කපටි ප්‍රයත්නය මේ වන විට හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතී. පුරාවිද්‍යාවේ මැටිතුමන්ලා ඓතිහාසික සාක්ෂී හමුව තිබියදී පවා දිවාගුහාව මායාවකැයි පවසන්නේ ඒ සර්වාගමික බලුපූට්ටු කරුවන්ගේ උවමනාවටදැයි දැඩි සැකයක් මතුව තිබේ.

    අනිත් කරුණ නම් මේ වන විට මුස්ලිම් දහම්පාසල් හෙවත් 'මද්රසා පාසල් තුළදී' ශ්‍රීපාදය - හෙවත් උන්ගේ බසින් ආදම්ගේ පාදය මුස්ලිම් උරුමයක් බවත්, එම ස්ථානය අයිත් උන්ට බවත්, අමුතු බොරු ඉතිහාසයක් මුස්ලිම් දරුවන්ට උගන්වමින් සිටී. ශ්‍රී පාදය ඩැහැගැනීම් මුස්ලිම් කුමන්ත්‍රණයේ පළමු අදියර දියත් වුණේ මීට මාස කිහිපයකට පෙරයි. ඒ ශ්‍රීපාදස්ථානය ගවේෂණය කිරීමට යෑයි කියමින් මැලේසියාවේ සිට පැමිණි මුහමඩ් මුඛාරබින් මොක්තරුදින් නැමති මුස්ලිමයා ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කල්ලියේ ශ්‍රීපාද තරණයයි. 2011 වර්ශයේ ලංකාවට පැමිණි 'කෙලාබ් එක්ස්ප්ලොරාසි 7 බෙනුආ මැලේසියා' නමැති මූලධර්මවාදී සංවිධානයකට අයත් 11 දෙනෙකුගෙන් යුතු මෙම මහමදික පරයින්ගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ශ්‍රී පාද කන්ද ගවේශණය කරන මුවාවෙන් පුදබිමට සිය අයිතිවාසිකම් කීම සදහා බොරු සාක්ෂි නිපදවා ගැනීමයි. මුහම්මඩ් නබි නමැත්තා කදු 18ක් තරණය කර ඇති බවත්, එයින් ප්‍රමුඛ තැන හිමිවන්නේ ශ්‍රී පාදයට බවත් ප්‍රකාශ නිකුත් කරමින් ලංකාවට පැමීණි මුන් එම වන්දනා ගමන වාර්ෂික එකක් කරන බවටද ප්‍රකාශ කර තිබිණි. "ශ්‍රී පාද පුද බිම නික්ලේෂී මහ රතුන්ගේ පහසින් පිවිතුරු වූ බිමක් මිස සල්ලාල වනචරයෙකුගෙන් පා පහසින් කිළිටි වූවක් නොවන බව ඉතිහාසය විසින්ම මේ වන විටත් සාක්ෂි සහිතව හෙළිදරව් කර ඇති බව කියනු කුමටද?" කෙසේ වෙතත් සිරිපා බිම කෙළෙසන්නට කලින් බුද්ධි අංශ වල මැදිහත් වීම මත උන් ලංකාවෙන් පන්නා දැමීමට හැකි වීම වාසනාවකි.

    නුදුරේදීම ශ්‍රීපාදස්ථනයේ පැත්තකින් පල්ලියක් අටවාගැනීමට මුන් උත්සහා කරොත් පුදුම විය යුතු නැත... මේ කරුණු කාරණා පෙළගස්වමින් පවතින්නේ ඒ සදහායි. එක පයින්ම ඒ සදහා අවසර දීමට දත කට මැදගෙන සිටින සර්වාගමික කරුමක්කාරයින් මහපුටු වල ලැගගෙන ඉන්නා පසුබිමක් තුළ එය එසේ වීමට බොහෝ දුරට ඉඩ ඇත. 'එනපොට හරි නෑ කෙල්ල ගෙට ගනු කීවලු..' එහෙයින් කුරගලට, දීඝවාපියට, මුහුදු මහා විහාරයට, දෙවනගලට සිදු වූ වින්නැහිය ශ්‍රී පාද පින්බිමටත් සිදුවීමට කලින්, අධම ග්‍රෝත්‍රික රැළ විසින් මේ ඓතිහාසික බුද්ධ භූමියත් ඩැහැගන්නට කලින් සියළුම ජාතික සංවිධාන වහා නැගී සිටිය යුතු බව අපි දැඩිය අවධාරණය කර සිටිමු...

    sorry.com/facebook
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම නම් කවදාවත් සමනළ කන්දට ආදම්ගේ කන්ද - Adam's Peak කියන්නේ නෑ ඒකට මම කියන්නේ
    Samanala Peak හෝ Mountain of Butterflies හෝ Sri Pada කියලයි. හැම කෙනාම මීට පස්සේ English වලින් සමනළ කන්ද හදුන්වන කොට
    Samanala Peak
    Mountain of Butterflies
    Sri Pada

    මේ නම් තුනෙක් එකක් භාවිතා කරන්න :)
     
    • Like
    Reactions: siripaala

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම නම් කවදාවත් සමනළ කන්දට ආදම්ගේ කන්ද - Adam's Peak කියන්නේ නෑ ඒකට මම කියන්නේ
    Samanala Peak හෝ Mountain of Butterflies හෝ Sri Pada කියලයි. හැම කෙනාම මීට පස්සේ English වලින් සමනළ කන්ද හදුන්වන කොට
    Samanala Peak
    Mountain of Butterflies
    Sri Pada

    මේ නම් තුනෙක් එකක් භාවිතා කරන්න :)
    :D:D
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම නම් කවදාවත් සමනළ කන්දට ආදම්ගේ කන්ද - Adam's Peak කියන්නේ නෑ ඒකට මම කියන්නේ
    Samanala Peak හෝ Mountain of Butterflies හෝ Sri Pada කියලයි. හැම කෙනාම මීට පස්සේ English වලින් සමනළ කන්ද හදුන්වන කොට
    Samanala Peak
    Mountain of Butterflies
    Sri Pada

    මේ නම් තුනෙක් එකක් භාවිතා කරන්න :)

    :yes::yes::yes:
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මම නම් කවදාවත් සමනළ කන්දට ආදම්ගේ කන්ද - Adam's Peak කියන්නේ නෑ ඒකට මම කියන්නේ
    Samanala Peak හෝ Mountain of Butterflies හෝ Sri Pada කියලයි. හැම කෙනාම මීට පස්සේ English වලින් සමනළ කන්ද හදුන්වන කොට
    Samanala Peak
    Mountain of Butterflies
    Sri Pada

    මේ නම් තුනෙක් එකක් භාවිතා කරන්න :)

    :yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම නම් කවදාවත් සමනළ කන්දට ආදම්ගේ කන්ද - Adam's Peak කියන්නේ නෑ ඒකට මම කියන්නේ
    Samanala Peak හෝ Mountain of Butterflies හෝ Sri Pada කියලයි. හැම කෙනාම මීට පස්සේ English වලින් සමනළ කන්ද හදුන්වන කොට
    Samanala Peak
    Mountain of Butterflies
    Sri Pada

    මේ නම් තුනෙක් එකක් භාවිතා කරන්න :)

    :yes::yes::yes: