ඕක පෙනුනේ කැමරාවට විතරයි නේද ? (කව්ද කියනවා මගේ එකේ පේනවා කියල. ඒ කියන්නේ කැමරාවේ / ෆෝන් කැමරාවේ)
මම හිතන විදිහට සිද්දිය මේකයි
චයිත්යේ කොතට පිටුපසින් ඉර තිබේ.
කැමරාවේ වීඩියෝ කරද්දී හෝ ෆොටෝ ගනිද්දී පරිසර ආලෝක තත්වය අනුව සෙන්සරයේ සංවේදීතාවය වෙනස් වේ. (ISO, එක්ස්පොෂර් වගේ දේවල්)
ඔයාලත් කැමරාව කෙලින්ම දැඩි ආලෝකයට අල්ලලා බලන්න මුළු විව් ෆයින්ඩරයම සුදු වෙලා පසුව සාමාන්‍ය ගානට ඇජස් වේ.
දැන් වෙන්නෙ මේකයි
ඉර කොතට මුවා වෙච්චි ගමන් අදුරු වෙනවා (සාමන්‍ය අවස්තාව)
එත් එහෙම උනාම සෙන්සරය අපහු ISO වැඩි කරගන්නවා -> දීප්තිමත් ආලෝකයක් දර්ශනය වේ (ෆ්ලෑෂ් එකක් වගේ)
අපහු ISO අඩු කරයි
දැන් ආපසු සාමාන්‍ය ලෙස දිස් වේ.
චගු;15438979 said:
කොහොම උනත් මේ දේවල් වල ආශ්චර්යයන් වලට අපි ඇලෙන්න අවශ්‍ය නෑ.. ඒත් මේ දේවල් ඔබේ ශ්‍රද්ධාව වැඩි කරනව නම් (ශ්‍රද්ධාව කියන්නෙ නිවනට අවශ්‍ය ප්‍රබල ඉන්ද්රිය ධර්මයක්), ඒක හොඳයි.
මේ සසර ගමනේ ඔබට තෙරුවන් සරණයි

චගු;15438979 said:මේ සටහන බෞද්ධයන් ට හා "බෞද්ධයන් ට".. අනිත් අය ට මේ මොනවද කියන්නෙ කියල තේරෙන එකක් නෑ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සෝමාවති චෛත්‍යරාජයාණන් සමීපයේ මේ සිදුවන සිදුවීම්, "අදට සම්මත විද්‍යාවෙන්" සොයන ඔබ, උප්පැන්නෙන් හෝ සම්මතයෙන් හෝ ප්‍රතිපත්තියෙන් හෝ නිකන් හිතලා හෝ "මම බෞද්ධයෙක්" කියල කියා ගන්නෙක් නම්.........
ඔබ පැත්තකින් වාඩි වෙලා, දස වස්තුක සම්මාදිට්ඨිය ලෙසින් තථාගතයන් වහන්සේ දේශනා කල කරුණු හොඳින් තේරුම් ගන්න.
ඔබට වැටහේවි මේ මැජික් එකක් ද ? නැතිනම් කර්ම, කර්මඵල යන්හි ආර්චර්යවත් ප්රථිඵලයක් ද කියල.
කොහොම උනත් මේ දේවල් වල ආශ්චර්යයන් වලට අපි ඇලෙන්න අවශ්‍ය නෑ.. ඒත් මේ දේවල් ඔබේ ශ්‍රද්ධාව වැඩි කරනව නම් (ශ්‍රද්ධාව කියන්නෙ නිවනට අවශ්‍ය ප්‍රබල ඉන්ද්රිය ධර්මයක්), ඒක හොඳයි.
ඔබට සත්‍යාවබෝධය ලැබේවා.
මේ සටහන තිබ්බෙ ඔබ බෞද්ධයෙක් ද ? යන පැනයට ... "ඔව් ඔව් මම බෞද්ධයෙක්" ලෙස පිළිතුරු දෙන ඔබ සඳහාම පමනි.
මේ සසර ගමනේ ඔබට තෙරුවන් සරණයි
බුදු දහමේ ආස්චර්යන් නැහැ යාලුවා බුදු දහමේ තියෙන්නේ හේතු පල වාදයක් පමණයි. අන්ධ ශ්‍රධාව බුදු දහමේ සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරල් තියන දෙයක්.