දිවිලි පැනිලි දැඟලිලි

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දිවිලි පැනිලි දැඟලිලි

    අදී මනවයා තම එදිනෙදා අහර හා අරක්ෂාව සපයා ගැනීම වස් සතුන් දඩයම් කිරිම සඳහ ඔවුන් පසුපස හඹා යැම,දඩු මුඟුරු වලින් පහරදීම,දුනු ඊතල වලින් විදිම අදී ක්‍රියාවල නියැලිණි.එමඟින් තම අවශ්‍යතා සපුරා ගැනිමට අමතරව ශරිරයෙ ඇති ශක්තිය ඔවුන් විසින් එසෙ පර්සරයට මුදා හැරිණි.

    ඉහත දැක්වුයෙ අතීත සිද්ධි දාමයකි.නමුත් නූතන මිනිසා ආදි මිනිසා මෙන් නොව ඊට ඉදුරාම වෙනස් වූ ඉතා සැප පහසු ජීවිත ගත කිරීමට වාසනාවන්ත වී ඇත.අධ්‍යාපනික වශයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබා ඇති ඔවුන් තම ශරීර සුවතාවය උදෙසා විවිධ වූ දිවීම්,පැනීම්,විසි කිරීම් සිදු කිරීම මගින් සිය ශරීර ශක්තිය පරිසරයට මුදා හරී.ආදි මානවයා මෙන් නොව නූතන මිනිසා මෙම ක්‍රියාවන් ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ”ක්‍රිඩාව” යන නාමය මුල් කොටගෙන සිදු කිරිම පමණක්ම මෙම යුග දෙකෙහි මුලික වෙනස් කමකි.මෙසෙ ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමෙන් ක්‍රිඩාව අද පවතින තත්වය දක්වා දියුණු වී අත.

    මෙම ලිපියෙහි මුලික අරමුණ වනුයෙ ක්‍රිඩාව වඩා සාර්ථකව සිදු කිරිම සඳහ භෞතික විද්‍යාවෙ මුලධර්ම ඉවහල් කරගත හැකි ආකරය පිලිබඳ සකච්චා කිරිමයි.මෙහිදි මුලිකවම අවස්ථිති ඝුර්ණය හා එහි යෙදීම් පිලිබඳව සලකා බලමු.

    අවස්ථිතිය යනු කුමක්ද??,මෙ සඳහා කෙටිම පිලිතුර ලෙස”වස්තුවක් තම චලිත ස්වභවය වෙනස් කිරිමට දක්වන අකමැත්ත්”ලෙස දැක්විය හැකිය.තව දුරටත් එ පිලිබඳ සලකා බැලිමෙදී නිස්චලව ඇති වස්තුවක් චලනය කරවීම සඳහා බලයක් යෙදිය යුතු බව අපි සැවොම දනිමු.නැතහොත් එය නිස්චල තාවයේම පැවතිය යුතුය.එසෙම චලිත වන වස්තුවක් නිස්චල තාවයට ගෙන ඒම සඳහා,බලයක් යෙදිය යුතුය.මෙසෙ බලන විට සියළුම වස්තු එවායෙ චලිත ස්වභාවය ඒ අයුරින්

    පවත්වා ගැනිමට යත්න දරයි.ඒ ඒවයෙ චලිත ස්වභාවය වෙනස් කර ගැනිමට දක්වන අකමැත්ත නිසාය.මෙ අනුව එම අකමැත්ත පොදුවේ එම වස්තූන්ගෙ ‘වස්ථිතිය’ ලෙස හදුන්වයි.රෙඛිය චලිත ස්වභාවයෙ ඇති මෙම අකමැත්ත අවස්ථිය ලෙසඳ,කෝණික චලිතයෙදී අවස්ථික ඝුර්නය ලෙස දක්වයී.මෙය සරල සමීකරණයකින් දක්වන්නේ නම්,

    I=Mr^2

    I=වස්ථිතිය

    M=වස්තුවෙ මුලු ස්කන්ධය

    r=අංශුව වෙත එහි භ්‍රමණ අක්ෂයෙ සිට දුර​

    මෙම සමීකරණයට අනුව වස්තුවක වස්ථිතිය ඒහි ස්කන්ධයෙ ම්නුමක් ලෙසද දැක්විය හැක.එනම් වස්ථිතියෙන් වැඩි ද්‍රවය ස්කන්ධය වැඩි ලෙසද,වස්ථිතිය අඩු ද්‍රව්‍ය ස්කන්ධය අඩු ලෙසද්,හදුනාගත හැකිය.අපි දැන් කෙටිදුර දිවීමෙදී මෙම මුලධර්ම යොදාගත හැකි ආකාර පිලිබඳව සලකා බලමු.

    මෙහි තවත් යෙදිමක් ලෙස සර්කස් දර්ශන වලදී දිග රිටක් ආධාරයෙන් තන්තුවක් මත ගමන් කරන පුත්ගලයෙකු සැලකිය හැක.ඔහු තන්තුව මතදී ඔහුගේ සමතුලිත තාවය පවත්වා ගනුයේ මෙම රිටහි ආධාරයෙනි.මෙම රිටහි ස්කන්ධයෙන් වැඩි කොටසක් එහි දෙකෙළවරට යොදා ඇත.එම නිස දර්ශනකරුට රිට අල්ල ගත් ස්ථානයේ සිට රිටෙහි කෙළවරට ඇති දුර වැඩි බැවින් අවස්ථිති ඝුර්ණය වැඩිය.එවිට භ්‍රමණය සඳහා වැඩි ප්‍රතිරෝධයක් දක්වන අතර ,එමගින් මෙම පුද්ගලයා තන්තුව මතදී ඔහුගේ සමතුලීත තාවය රැකගනි.ඔබටම මෙය අත්හදා බැලිය හැකි අවස්ථාවක් නම්,ඒදණ්ඩකින් ගමන් කිරීමෙ දී ඔබට අල්ලා ගෙන ගමන් කිරීමට යමක් නැතිනම්,ඔබගේ දේඅත් ඉබේම දෙපසට විහීදෙන බව ඔබ දනී.එනම් මෙය වස්ථිති ඝුර්නය වැඩි කර ගැනීම සඳහා ඉබේම සිදුවන්නකි,එමගීන් ඔබට ඔබගේ සමතුලිතතාවය රැකගෙනඒදන්ඩෙන් එගොඩ විය හැකිය.

    ඉහත සකච්චා කරන ලද්දේ ක්‍රීඩා අවස්ථා දෙකක් සඳහා අවස්ථිතික ඝුර්ණයෙ බලපෑමයි.දුර පැණිම හා විසි කිරිමෙ ඉසව් සඳහා ද අවස්ථිතික ඝුර්ණ මුලධර්ම යොදාගත හැකිය.තවද,මෙම ක්‍රීඩා පිලිබඳ විස්තර කිරීමෙදී භෞතික විද්‍යා මුලධර්ම එක්නොවන යම් යම් අවස්ථා වලදී මුලධර්ම වල එකතුවක් භාවිත කළ යුතු වන අවස්ථාද ඇත.මෙසෙ අප විසින් අධ්‍යනයකරනු ලබන මුලධර්ම ක්‍රීයාවට යොදවා ක්‍රීඩාවෙ දී ඉහල දක්ෂතා පෙන්විය හැකි බව ඔබට මින් වැටහෙනු ඇතිබව මා විශ්වස කරමි.