දිවි තොරකර ගැනීම තෙක් ගෝල්ඩන්කී කතාව
දිවි තොරකර ගැනීම තෙක් ගෝල්ඩන්කී කතාව
ආණ්‌ඩුවෙන් හා අධිකරණයෙන් පිහිට අයදිමින් සිටින ගෝල්ඩන් කී මුදල් තැන්පත්කරුවෝ තවමත් දෙලොවක් අතර මංමුලාවී සිටිති. තමන්ගේ මුලු මුදලම නොවුනද සැනසිය හැකි මට්‌ටමේ කොටසක් ලැබෙතැයි වූ අපේක්‌ෂාවද ඉටු නොවන විට දැන් ඔවුන්ගෙන් සමහරෙකු තීරණය කර ඇත්තේ පවුල පිටින් උපවාසයකට පැමිණ විරෝධතා දක්‌වා මුදල් ලබා ගන්නා තැනකට යැමටය. රඹුක්‌කන පදිංචි හත්තොට රාළලාගේ සමන් නිශාන්ත මේ ආකාරයෙන් තමන්ගේ තැන්පත් මුදල ලබා ගැනීම සඳහා සිය පවුල සමඟ වීදි බැස තිබේ. 48 හැවිරිදි ඔහු, රුපියල් ලක්‌ෂ තුන්සිය පහක් ගෝල්ඩන් කී හි තැන්පත් කර, හූල්ලමින් අහස දෙස බලා සිටින සුවහසක් දෙනාගෙන් එක් අයෙකි. ආණ්‌ඩුව හා අධිකරණය තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන තෙක් බලා සිට, එම ඉවසීමේ සීමාව නිමා කර ඔහු දැන් තීරණයකට එළඹ තිබේ. කෑගල්ලේ සෙලින්කෝ රක්‌ෂණ සමාගම ඉදිරිපිටට සිය දරුවන් හා බිරිය සමඟ පැමිණ උපවාසයක් තමන් විසින් ආරම්භ කරනු ලබන්නේ ඒ අනුවය. එම උපවාස විරෝධය ඔහුගේ පළමු පියවර වේ. තමන් දැන් මුහුණදී තිබෙන තත්ත්වය අනුව ඊළඟ අදියර පිළිබඳවද ඔහු විසින් ප්‍රකාශයක් කර තිබේ. කොළඹ සෙලින්කෝ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ ගිනි තබා ගෙන මිය යැම එයයි. තම තැන්පත් ධනය සුළඟකට ගසාගෙන යන්නා සේ වාෂ්ප වී යැමෙන් පසුව දැවි දැවී මියයමින් ජීවත් වෙනවාට වඩා මෙම පියවර සැපක් යෑයි සමන් තීරණය කරන්නට ඇත. සමන් මේ මාතෘකාව මෙම සතියේ කරළියට ගෙන එන්නට සමත් ආවේගයකින් යුක්‌ත වුවද, පාරට නොබැස පන්සල් දේවාල ගානේ යමින් තම අෙ¹aනාවට ඒ මාර්ගවලින් හෝ පිහිට සොයනා තැන්පත්කරුවන් ප්‍රමාණය විශාලය. සංසාරය පුරාවටම මෙවැනි විපතක් යළි නොවේවා කියමින් ප්‍රාර්ථනා කරන තැන දක්‌වා ඔවුන්ට මෙය ව්‍යසනයක් වී තිබේ.
ගෝල්aඩන්a කී හි මුදල් තැන්පත් කිරීම එම තැන්පත් කරුවන්ගේද වරදක් යෑයි කිව හැකිය. ආයතනයේ විශ්වාසනීය භාවයට වඩා ආකර්ශණීය පොලිය ගැන විශ්වාසය තබමින් ඔවුන් කරන ලද කටයුත්ත විසින් රුපියල් බිලියන 25 ක පමණ ප්‍රකාශිත තැන්පතු ප්‍රමාණයක් දක්‌වා වර්ධනය විය. සෙලින්කෝ නාමයේ විශ්වාසය මත ර¹ පැවතීමෙන් තමන් වැටුණු වළෙන් ගොඩ වන්නට ඔවුන් අමුතුම ආකාරයේ විසඳුම්ද යෝජනා කළේය. තමන්ගේ මුදලට සරිලන ආකාරයෙන් මහා භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේය. වන්දි ලෙස හෝ කරගත් මෝඩකම් නිසා වූ ධන හානි සඳහා සහන සලසන්නට දියත් කරන ක්‍රියාමාර්ගයක් ලෙස භාණ්‌ඩාගාර බිල්පත් භාවිතා නොවේ. ජනතාවගෙන් ණය ලබාගැනීම සඳහා රජය භාවිතා කරන ක්‍රමවේදයක් වූ භාණ්‌ඩාගාර බිල්පත්, තමන්ගේ මුදලේ ආරක්‍ෂණය සඳහා ඉල්ලා සිටින තත්ත්වය තෙක් මේ තැන්පත්කරුවෝ අසරණ වී ගියෝය. මෙය රටේ මහජනතාව වන්දි ගෙවිය යුතු තත්ත්වයක් නම්, රජය එවැනි පියවරකට ගියාට කම් නැත. රජය විසින් එපා කියමින්, දැනුවත් කිරීම් කරද්දී, තම මුදල සඳහා ලොකු පොලියක් බලාපොරොත්තුව ගිය ගමනට රජය වරදකරුවන් කරන්නට මේ තැන්පත්කරුවන් කල්පනා කරන්නට ඇත්තේ, තමන් පත්වී තිබෙන අසරණභාවයම හේතුවෙනි.
මෙවැනි ප්‍රශ්නයකදී ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු කාණ්‌ඩ හතරක් තිබේ. මුල්‍ය තැන්පත් භාරගත් ආයතනය, තැන්පත්කරුවන්, ශ්‍රී ලංකා මහ බැංකුව හා රජයයි. නමුත් මෙතැනදී ප්‍රධානම වගකීම පැවරෙන්නේ, තැන්පත්කරුවාගේ කර මතටය. තම ධනය ආරක්‍ෂාකාරීව තැන්පත් කිරීමේ පළමු වගකීම මගින් ඔවුහු මේ සඳහා චෝදනාකරුවෝ වෙති. නමුත් මේ "අසරණයන්" පිට තවදුරටත් වරද බැඳ තබා එයට දඬුවමක් කරනවාට වඩා මෙම ප්‍රශ්නය සතුටුදායක ලෙස ඉක්‌මනින් විසඳීමේ වගකීමක් රජයට හා අධිකරණයට තිබේ. මොනයම් හෝ ආකෘතියක් මගින් මොවුන්ට සහන සලසන්නට යෝජනා කළත්. ඒ සඳහා උපයෝගී කර ගත යුත්තේ ගෝල්ඩන් කී සමාගමේ වත්කම්ය. රජයට මහජන මුදල් මෙවැනි කටයුත්තක් සඳහා ලබාදිය නොහැක. නමුත් මෙම තැන්පත්කරුවන් වැටී තිබෙන අගාධයෙන් එක අඩියක් හෝ ඉහළට ගැනීමට දායකත්වයක් රජයට ලබාදිය හැකිය. කෙසේ වෙතත් දැනට වාර්තා වී තිබෙන තත්ත්වය අනුව, ගෝල්ඩන් කී ආයතනය සතු මුළු වත්කම්හි වටිනාකම රුපියල් බිලියන පහකි. තැන්පත්කරුවන්ට අහිමි වී ඇති මුදල, රුපියල් බිලියන 25 කි. එසේ නම් කුමන ක්‍රමවේදයකින් හෝ තැන්පත්කරුවන්ට අවසානයේ යළි ලැබෙන්නේ, තමන් තැන්පත් කළ මුදලෙන් 12.5% ක පමණ පංගුවකි. තැන්පත්කරුවන්ට තිබෙන ප්‍රශ්නය වී ඇත්තේ එයද තමන්ට මෙතෙක් නොලැබීමය.
රජය විසින් මේ සඳහා තැන්පත්කරුවන් සියලුදෙනාම තමන්ගේ තැන්පතු ප්‍රමාණය අනුව කොටස්‌කරුවන් කරමින් නව සමාගමක් පිහිටුවන්නට යෝජනා කළේය. අධිකරණය ද ගෝල්ඩන් කී හී සම්පත් විනිවිද පෙනෙන භාවයකින් හා ඉහළ ආදායමක් ලැබෙන ලෙස විකිණීම සඳහා මිල කැඳවමින්, මෙම තැන්පත්කරුවන්ට සහනයක් සැලසීමට පියවර ගනිමින් සිටියි. අර්බුදය විසඳීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද ලක්‍ෂ්මන් ආර්. වටවල කමිටුව විසින්, ගෝල්ඩන් කී ආයතනය සතු වත්කම් සියල්ල තක්‌සේරු කර අධිකරණ හමුවට භාර දී තිබේ.
කුමන හෝ අන්දමකින් ගෝල්ඩන් කී අර්බුදය ඉක්‌මනින් විසඳී තමන්ට සාධාරණයක් වෙතැයි රඹුක්‌කන සමන් වැනි තැන්පත්කරුවෝ බලා පොරොත්තුවෙති. එම බලාපොරොත්තුව කල් යැම මගින් සිය දිවි හානි කර ගන්නා විසඳුම තෙක් සටන් කිරීමටද සමහරු අපේක්‍ෂා කරති.
මනොජ් අබයදීර