දිවි මවගේ හම ඇමති නිවසේ
තබ්බෝවේ දිවි පැටවුන්ගේ මවගේ හම ඇමති දුමින්ද දිසානායකගේ නිවසේ : දැවැන්ත ජාවාරමක සුළමුල හෙළිවෙයි
පසුගියදා තබ්බෝව වනයේ සිට හමුවූ දිවි පැටවුන් තිදෙනාගේ මවගේ හම අමාත්‍ය දුමින්ද දිසානායකට අයත් කොළඹ 5 හැව්ලොක් ටවුමේ ස්කෙල්ටන් උද්‍යානයේ සුපිරි නිවසක ඉහළ මාලයේ තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ බව හෙළිදරුව්වී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ ප්‍රධානී උපාලි පද්මසිරි මහතාගේ මෙහෙයවීම යටතේ පසුගියදා එම නිවස වැටලූ අවස්ථාවේදීය. මෙම වැටලීමත් සමඟ දේශපාලන රැකවරණ ලබමින් තබ්බෝව වනයේ සිදුකරගෙන ගිය දැවැන්ත ජාවාරමක තොරතුරු හෙළිදරව්වූ බව වනජීවී නිලධාරීන් පවසයි.
කෙසේ වෙතත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ නිවස වැටලූ වනජීවී නිලධාරීන් එම හම සහ නිවැසියන් අත්අඩංගුවට ගැනීමට සූදානම්වූ මොහොතේ වනජීවී අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රවංශ පතිරාජ මහතා කළ දැනුම්දීමක් මත වැටලීම නවතා ආපසු යෑමට වනජීවී නිලධාරී කණ්ඩායමට සිදුව තිබේ.
නිවසේ හිමිකරුවන් එම හම වනජීවී දෙපාර්තමේන්තුවට ගෙනැවිත් දෙන බවට පොරොන්දුවී ඇතත් එය මේ දක්වා වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී නැත. එබැවින් ඒ සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්වීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.
වනජීවී නිලධාරීන් පවසන ආකාරයට වයඹ පළත් සභා මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න සහ කරුගලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීල් නැමැත්තා දිවි පැටවුන් තිදෙනා වනජීවී නිලධාරීන්ට ලබාදී ඇත්තේ මෙම වැටලීමෙන් පසුවයි.
එම පැටවුන් තිදෙනා ඒවන විට ලක්ෂ 5ක මුදලකට විකිණීමට සූදානම්ව තිබී ඇතත් මව් දිවියාගේ හම සොයා ගැනීමට වන ජීවී නිලධාරීන් සමත්වීමත් සමඟ තම ජාවාරම හෙළිදරව්වීම වැළැක්වීම සඳහා එම පැටවුන් වනජිවී නිලධාරීන්ට භාරදීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ.
වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම ජවාරම කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවට මේවන විට තොරතුරු හෙළිදරව්වී ඇති බවයි. කෙසේ වෙතත් එම ජාවාරමට සම්බන්ධවී ඇති දේශපාලනඥයින්ගේ බලපෑම් හේතුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වගකිව යුත්තන් කටයුතු නොකරන බව ඔවුන් පෙන්වා දෙති.
Phanthera phadoos යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම දිවියන් වර්ගය ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂයකි. ලෝක රතු දත්ත වාර්තාවට අනුව මෙම දිවියන් වදවීමේ තර්ජනයට මුහුණ පා තිබේ.