දිවුලපතාන පිටස්තරයන්ට තහනම් කලාපයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_98ef2c9171.gif

    (නිමල් ජයරත්න)

    රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.

    මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

    1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔහු පැවැසීය.

    පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති.

    මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය.

    තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය.

    මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය.

    මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.

    කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

    image_b2fd03cb35.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරවට මේ මාර්ග බාධක දාගෙන මොන ලබ්බක් කරනවද. එපා වෙනව
     
    • Like
    Reactions: War Fighter

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මායිම් ගම්මාන ආධාර සීන් එකෙන්ම යැපෙන වේසිගේ පුතාලා ටිකක් නේ බන් ඉන්නේ.
    ඕකුන් පට්ට කම්මැලි ඒකට තමයි ඔය බොරුවට අඩවන් ඉන්නේ.
    ගමට යන එන පාර හදාගන්නෙ නෑ පාර යන්තම් තියෙනවා
    අම්පිටියේ සුමන මේ පාර කීයක් හම්බ කරගනී කියලාද උඹලා හිතන්නෙ
    ඕකුං හම්බ හම්බ කිරිල්ලක් හම්බ කරනවා මේ සීන් දාලා
    දැන් පිය සාදයට ඔච්චර සල්ලි කොහෙද?
    මුහුදු මහා විහාරයටත් කෝටි ගණන් හම්බ වෙනවා සත 25 ක් වියදම් කරන්නෙ නෑ පොදි ගහනවා
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    yudde kale walalapun raththaran athi oya game.loweth oya minissu elola ewa ganna thamai mun dagalanne
    යුද්දෙ කාලය වළලපු රත්තරන් තියෙන්නේ කොළඹ ඉන්න සල්ලි වලට desperate පකයලා රවට්ටලා සල්ලි හම්බ කරගන්න.
    කෝටි ගාණක රත්තරං තියෙනවා කියලා ලක්ෂ දෙක තුනක් වියදම් කරන්න කියනවා. ඊට පස්සේ උම්ම ඔත්තුව දෙනවා මෙන්න රත්තරන් ගොඩගන්න කොළඹින් කට්ටියක් ඇවිල්ල කියල ්‍රිකුණාමලයේ 4කනුව රත්තරන් ගොඩ ගන්න කණ්ඩායම් දැනට අටක් ඇවිල්ල තියනවා එතනින් කණ්ඩායම් හතරක්ම වියදම් කරලා තියෙන්නේ එකම සෙට් එකට
     
    • Wow
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    image_98ef2c9171.gif

    (නිමල් ජයරත්න)

    රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.

    මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

    1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔහු පැවැසීය.

    පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති.

    මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය.

    තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය.

    මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය.

    මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.

    කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

    image_b2fd03cb35.gif

    සෑහෙන්න දඟලනවා ප්‍රශ්ණයක් අැති කරගන්න..හමුදාවේ ඉවසීම නිසා ඒක හරියට කරගන්න බැරි වුනා.ඵයාලට වැව බලන්නම ඕනලු...😅😅😅

    • Haha
    Reactions: SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පොඩ්ඩක් ඉවසහල්ලා ඕක හලාල් කරලා දුන්නට පස්සේ තමයි බොලාට යන්න දෙන්නේ. එතකන් යන්න දෙන්නේ නෑ. අල්ලහ් හු අක්බාර් 🤭 🤭 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.

    hethuwa mkkd????:confused::confused::confused::confused: