ඔව් උඹ හරි.. මොන වැරැද්ද කලත් මරාට ඡන්දෙ දෙන මෝඩයො පිරිසක් ඉන්නවා.. උන් ඉතිං කන්න නැතිව බඩගින්නෙ මැරුණත් මරාටම තමා ඡන්දෙ දෙන්නෙ.. මොකද ITN නිව්ස් බැලුවම, මරාගෙ ටෝක් වලට ඒ මිනිස්සුන්ට බඩ පිරෙනවා..
මරා යුද්ධෙ නැවැත්තුවා.. ඒකට මචං ගරු කරන්න ඕනි.. වෙන කෙනෙක් ඔය තැන හිටියා නම්, විශේෂයෙන් රනිල්.. කවදාවත් ඔය යුද්ධය නවතින්නෙ නැහැ.. එහෙම නම් මේ වෙනකොට උතුර උන් ලියාගෙන ඉවරයි.. ලංකාවෙ සෑහෙන පිරිසකගෙ ජීවිත නැතිවෙලත් ඉවරයි.. ඒ වගේම අපි ගමනක් බිමනක් ගිහිනුත් ඉවරයි.. ඉස්සර වගේ ගෑනි එක බස් එකක, මිනිහා තව බස් එකක, දරු පැටව් ටික තවත් බස් එකක තමා යන්න වෙන්නෙ.. ඒ අතින් මරා කරපු දේ අගයන්න ඕනි..
හැබැයි මචං එයා රට බේරගත්තා කියලා මරා මේ කරන කැරි වැඩ ඉවසන්න බැහැ.. මරා තව කාලයක් ජනාධිපති උනොත් යුද්ධෙ කාලෙදි වෙච්ච වින්නැහියට වඩා ලොකු වින්නැහියක් රටට කරනවා.. මරාට ලොකු හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සුන්ව මුලා කරන්න.. ඒක හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙමේ.. ඒකට මරා සෑහෙන දක්ෂයි.. අන්න ඒ නිසා තමා රටේ ජනතාව තවමත් මරාට ඡන්දෙ දෙන්නෙ..
අන්න ඒක තමයි මචන් .. මගෙත් අදහස. UNP කාරයෙක් විදිහටවත් JVP. කාරයෙක්
විදිහටවත් UFPA කාරයෙක් විදිහටවත් මේ වෙලාවේ තීරණ ගන්න හොද නැහැ ..
මේ වෙලාවේ හිතන්න ඕනේ අපේ රටට ආදරයක් තියෙන මනුස්සයෙක් විදිහට..
මහින්ද රාජපක්ෂ මහත්තයට අපි ගරු කරන්න ඕනේ. එහෙමයි කියල එයා අපේ රටේ යුද්දේ නැති කලාට . මේ රටේ අනාගතය එයට බාර දෙන්න බැහැ. ඒක අපිට හොදට පෙන දෙයක්.
යුද්දේ දිනපු වෙලාවේ මිනිස්සු ඒ සතුටට චන්දෙ දුන්න. ඒ මේ රටේ වංචාව
දුෂණය නැති කරන්න. එත් ඒක කරන්න මහින්දට බැ. එයත් වංචා කාරයෙක් උනා.
මේ රට යුද්දේ තියෙන කාලෙටත් වඩා පාතට වැටුන..
රටේ උද්දමනය වැඩි උන.. මිනිස්සු පිටරටවල් වල රැකියා හොයාගෙන යන ප්‍රමාණය.
200% දක්වා ඉහල ගියා.. තවත් දේවල් ගොඩයි.
ඉතින් මේ පාර මේ රටට අවශ්‍ය වෙන්නේ. වංචාව දුෂණය නැති නායකයෙක්.
ඒ දේට ගැලපෙන මේ වෙලාවේ. රනිල්. මොකද මිනිහා මචන්. කිසිම දුෂණ වංචාවකට
සම්බන්ද පුද්ගලයෙක් නෙමේ. හොද මොලයක් . මේ පාර චන්දෙන් මිනිහා අවොත්.
මේ රට අනිවා බලාගෙන ඉද්දි දියුණු වෙනවා. ඒ වගේම වංචාව දුෂණය අවම වෙනවා.
ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්.
එත් මචෝ. අපේ උන්ට මේවා තේරෙන් නැ.. තනිකරම පිස්සු හැදුනු බල්ලෝ වගේ.

