බෙහෙතක් ගැන කියන්න යන්නේ හරිය
GTN හෙවත් දිව යට තියාගන්න පෙත්ත පෙත්ත
සමහරු TNT කියලත් කියනවා
මොකටද මේ බෙහෙත heart attack වලදී පපුව මැද අධික වේදනාවක් ඇති වෙනවනේ
ඒ වේදනාව සමනය කරන්න තමයි මේ බෙහෙත වැදගත් වෙන්නේ
පපුවේ වේදනාව ඇති වෙන්නේ හදවතට රුධිරය සපයන කිරීටක ධමනියක් අවහිර වීමෙන්
GTN මගින් අවහිර වූ කිරීටක ධමනි බිත්තිය වගේම අවට ඇති කුඩා ධමනි වල බිත්තියත් ප්‍රසාරණය කිරීමකට ලක් කරනවා.එමගින් ධමනි අවහිරතාව නිසා හදවතේ යම් ප්‍රදේශයට රුධිර සැපයුම අවහිර වූවානම් එය යම්තාක් දුරකට නිවැරදි කිරීමට සමත් වෙනවා
කොහෙද මේ බෙහෙත ගබඩා කරන්න පුළුවන්
හිරු එලිය නොවැටෙන අදුරු පැහැති විදුරු කුප්පියක සාමාන්‍ය වාතයට නිරාවරණය නොවන ලෙඩ කාමර උෂ්ණත්වයේ ගබඩා කරනවා.
මන්ද හිරු එලියට වීම මගින් එය රසායනික වියජනයට ලක් වී එහි ක්‍රියාකාරිත්වය අඩපණ වන නිසා
කොපමණ කාලයක් ගබඩා කරන්න පුලුවන්ද මාස 2යි. මෙය භාවිතය ගත්තත් නොගත්තත් මාස 2 ක් ඇතුලත යාවත්කාලින කිරීමක් සිදුකල යුතුයි.
heart attack එකකදී
වහාම දිවයට තබා ගන්න.
ගිලින්න,බොන්න එපා.එවිට බෙහෙතේ ක්‍රියාකාරිත්වය අඩපණ වේ.
ක්‍රියාත්මක වීමට විනාඩි 3-5 අතර කාලයක් ගත වේ.
ඔබට වේදනාව අඩු වීමක් නොදැනේ නං නැවත වරක් GTN පෙත්තක් ලබා ගන්න.වහාම රෝහලට ඇතුළු වන්න.
අතුරු ආබාධ මොනවද
හිසරදය තම ප්‍රධානතම ගැටලුව වන්නේ.එම නිසා පැනඩෝල් පෙත්තක් ලබා ගත්තාට වරදක් වෙන්නේ නැ
මෙයට අමතරව GTN පෙති නිතරම නැවත නැවත ලබා ගැනීමට සිදු වීම මගින් සිරුර GTN වලට හුරු වන අතර එමගින් එහි ක්රියාකරිතව පලදායි නොවන තත්වයකට පත් වේ.
මෙයට අමතව එය රුධිර පීඩනය අඩු කරන අතර එය වාසි/අවාසිදායක විය හැක.
කෙසේ වෙතත් GTN මගින් heart attack ස්ථිර ලෙස සුව නොකරයි.තාවකාලික සහනයක් ගෙනදෙයි
දැන් වෙලදපොලේ GTN patches ලෙස ඇති නිසා සමට ඇලවීමෙන් දීර්ඝ වෙලාවක් ඖශධයෙ ක්‍රියාකාරිත්වය පවත්වා ගතහැක.