ආයෙත් එහෙනම් දී කිරිත් අරං එන්න
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක මෙන්ම ගායිකාවක ලෙසින් ප්‍රකට අනුලා බුලත්සිංහල අද දින අභාවප්‍රාප්ත වූවාය.
වර්ෂ 1947 වසරේ සැප්තැම්බර් 21 වනදා උපන් ඇය කරුක්කුව සුගතානන්ද මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඇගේ මුල් නම අනුලා මෙන්ඩිස් ය. මුලින්ම ස. තො. ස. හරහා රාජ්‍ය සේවයට එක්වන ඇය රාජකාරී ස්ථානයේ මුණගැසෙන ආර්. ආර්. සමරකෝන්, චන්ද්‍රා කළුආරච්චි වැනි පිරිසක් සමග නාට්‍යකරණයට අවතීර්ණ වන්නීය. ඉන්පසුව එම නිර්මාණ එකමුතුවේ නාට්‍ය නිර්මාණවලට දායක වෙමින් සිය රංගන ජීවිතය සකසාගන්නා ඇයට මුලින් සිය මව විරෝධය පෑවද, ටීටර් නළුවෙකු වූ පියාගෙන් උපරිම සහයෝගයක් හිමි විය.
ගුවන්විදුලියේ "රාවණ" නාඩගමේ සීතා දේවී සඳහා හඬ රංගනය කළ ඇය, හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" වේදිකා නාට්‍යයේ මානෙල් ජයසේන වෙනුවෙන් කුවේණිය රැඟීම සඳහා තෝරා ගත්තාය. ඉන්පසු "නෙයිනගේ සූදුව", "තාරාවෝ ඉගිලෙති" වැනි වේදිකා නාට්‍ය රැසක රංගනය කළ ඇය "රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරිය ලෙසින් "දීකිරි දීකිරි..........." ගීය ගැයූ අයුරු බොහෝ දෙනාට අදටත් හොඳින් මතක ය.
එමෙන්ම කලාවේදී විජේරත්න වරකාගොඩ සමගින් "රඟහල දැන් ඇත අඬ අඳුරේ........." ගීතය ගයමින් ජනාදරයට පත් ඇය, ගුණදාස කපුගේ සමග ගයන "පන්සල පාමුල.........." නම් ගීතය ද ජනාදරයට පත් වීය.
"සිටු දියණියෝ" චිත්‍රපටයේ රංගනය කරමින් සිනමාවේ ද දක්නට ලැබුණු ඇය "නිල් දිය යහන" චිත්‍රපටය හරහා මෑතභාගයේ සිනමාවේ කලකට පසු දක්නට ලැබුණි. "මහින්දාගමනය" චිත්‍රපටයේ මාලාකාරිණියක ලෙස ද, "ගෝල්" චිත්‍රපටයේ එළවලු කොටුවේ මිත්තණිය ලෙස සහ "අසන්ධිමිත්තා" චිත්‍රපටයේ ඔත්පල මැහැල්ලක ලෙසින් ද කළ චරිත සිනමාව තුළ මනරම් මතක ලෙස තැන්පත් වී හමාරය.
ප්‍රකට ගී පද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන රංගනවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන ඇය ප්‍රවීණ ගායකයෙක් සහ ටෙලිනාට්‍ය නළුවෙක් වන හර්ෂ බුලත්සිංහල සහ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ මෑණියන් ය.