දීකිරි පොල් ගැන දන්නවාද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    දීකිරි පොල් ගැන දන්නවාද?

    67197669_1327685310732852_8998284225484423168_n.jpg


    දකුණටම අාවේණික වුණ
    දීකිරි පොල් ගැන දන්නවාද?
    ************************

    දීකිරි දීකිරි ගෙනාව දී කිරි, මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.” ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී නාට්යයේ එම ගීත ඛණ්ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගිතයත් ඉමිහිරිය.

    දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනෙකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යැයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නා දී කිරි පිළිබඳවය.

    කප්රුකක් සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස් ගණනක ඉතිහාසය දක්වාම දිව යන්නකි. ඉතිහාස ග්‍රන්ථ මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකද, ඒ සඳහා සාක්ෂි හෙළි කරයි.

    “දීකිරි පොල්” පිළිබඳව එකම සහ පළමු සටහන, මේ අතරට එක්වන්නේ වැලිගම දෙනිපිටියෙන්ය. එමනිසා පොල් සඳහා සුවිශේෂි බිමක් ලෙස වැලිගම හඳුනාගත හැකිය.

    දෙනිපිටිය වඩාත් ප්‍රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්‍රකට දෙනිපිටියටම දීකිරි හෙවත් දීකිරි පොල්වල ද, උපන් බිමයි. දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක් හඳුනා ගැනීමටද, හැකිවී නොමැත.

    දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

    දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය
    පොල්ගෙඩියකට වඩා වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.

    දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම්,ගල්කණ්ඩු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමටද, බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.

    දෙනිපිටියේ පදිංචි එල්.පී. විජේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්ෂයෙකි. ඒ කාලාන්තරයක් තිස්සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ මෙලෙසින්ය.

    “පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක් පමණ කඩනවා. එම පොල් වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්ට උඩු අතට හැරෙනවා. ඒවගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්ටු කරන විට බරැති ගොරෝසු හඬක් එනවා. ඇතුලේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්රදේශෙය් පොල් වල්ලක දීකිරි පොල්ගෙඩි තුනක්වත් තියෙනවා.”

    එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දිකිරි පොල්වල ස්වරූපයයි.

    දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්රදේශයේද, එලෙස රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත.

    සිංහලයින් ආගන්තුක සත්කාරයට ළැදියන් බව ප්‍රකාශ කාශ කලේ රොබට් නොක්ස්ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමීණිමට නොහැකිවීම ඊට හේතු වූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයින්ට පෙරනොවූ ආහාර කිසක අත්දැකීමක් ද, සමග දීකිරිවලින් සංග්‍රහ කිරීමටද, අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්යවූ සංග්රහයකි.

    දෙනිපිටිය පැරණි වෙළඳපලෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර නොවෙති. සුවිශේෂී භාණ්ඩයක් මෙන් එය අලෙවියට තබා ඇත.

    දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්‍ය වූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි.

    දෙනියාය ප්‍රදේශයේද දීකිරි පොල් ගස් කිහිපයක් අැති බව මෑත කාලයේ වාර්තා වී තිබේ.

    අන්තර්ජාල උපුටාගැනීමකි
     
    • Like
    Reactions: PB_rat

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:

    දීකිරි පොල් කාලා තියෙනවා බන්:lol:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:

    Boru nemei. meka eththa wistharayak.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:

    :rolleyes:Ane ban meka aththa.
     

    W a l k 1 2 1

    Junior member
  • Feb 1, 2016
    72
    34
    17
    දීකිරි දීකිරි - ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් - ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි - ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් - ගුණ දෙන දීකිරි
    පැටියා මෝරපු - දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට - හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ - වත්කල මේ කිරි
    පණමට ලාබයි - මං දෙන මේ කිරි



    :lol::lol::lol:




    අනේ නිකම් පලයන් බං යන්න බොරු නොකියා...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නියම දීකිරි කියන්නේ එලදෙනගෙන ගන්න ජාතියක්ද පොල්ගේඩියෙන් ගන්න ජාතියක්ද :baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:

    දීකිරි දීකිරි - ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් - ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි - ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් - ගුණ දෙන දීකිරි
    පැටියා මෝරපු - දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට - හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ - වත්කල මේ කිරි
    පණමට ලාබයි - මං දෙන මේ කිරි



    :lol::lol::lol:




    අනේ නිකම් පලයන් බං යන්න බොරු නොකියා...

    සින්දුව නම් දන්නෙ.නැහැ ඒ උනාට ඔය දීකිරි කථාව අැත්ත.සුද්දෙක් අැවිත්‍ ඕව කන වීඩියෝ ඵකක් තිබ්බ youtube ඵකේ හම්බඋනොත්‍ දාන්‍නම්‍.මම මේ කල්පනා කරේ උඹල දන්නෙ නැති දේවල් තව කොච්චර ලංකාවෙ අැද්ද කියල.:lol:.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එක එක හිඟන්නෝ ලයික්ස් ගන්නයි හිට්ස් ගන්නයි දාන බොරු පල්හෑලි මේවයි දාන්න එපා කොල්ලෝ. එකෙක් දෙන්නෙක් හරි මෝඩයෝ වෙන එක විතරයි මේවයින් වෙන්නේ.:no::no::no:


    මොකෙක්‍ද බොරුව?
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    oka rasai. mama kala thiyenawa. mulin math viswasakale ne. hoyagena giya dabulle idan denipitiyata. :( rs 600 k una eka gediyai hoyaganna puluwan une. . patta rasai. bada suddai pahuwenidata :)

    rep +