දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි.

    දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි.

    අම්පාර දීඝවාපි චෛත්‍යයේ ඉපැරැණි ඇතුළු ප‍්‍රාකාරය මතුකර ගැනීමට කැනීම් කරන පුරාවිද්‍යා නිලධරයෝ සමත්වී සිටිති.

    ඉතා පිළිවෙලකට ක‍්‍රමවත්ව මෙම බැම්ම සකස් කර ඇති අතර චෛත්‍යය වටේටම බැම්ම පිහිටා තිබෙන බවට පුරා විද්‍යා නිලධරයෝ කියති. 7-8 සියවස්වල මෙම බැම්ම ඉදිකරන්නට ඇතැයිද ඔවුහු කියති.

    ඉන් පසු කාලවලදී චෛත්‍යය වටා අක‍්‍රමත්ව ඉදිකරන ලද බැම්මක්ද සොයාගෙන ඇත. මීට අමතරව දිඝවාපී පුදබිමේ තිබී තවත් ගරා වැටුන ගොඩනැගිල්ලක නටබුන් මතුව ඇති අතර මෙතෙක් එහි කැනීම් ආරම්භ කර නැත.

    දැනට මාස හයක පමන කාලයක් කැනිම් කටයුතු කරන අතර විවිධ ලෝකඩ රූප, පබළු, මුදු, කොත් කැරැලි, ශිලා ලේඛන, සිංහ රූප, ගව රූප මෙතෙක් කරන ලද කැනීම් වලදී සොයාගෙන ඇත. මෙම කැනීම් වලට සිවිල් ආරක්ෂක බළකායද සහාය වෙයි.


    deegawapi-viharaya-9.jpg


    deegawapi-viharaya-5.jpg


    deegawapi-viharaya-6.jpg


    deegawapi-viharaya-7.jpg


    deegawapi-viharaya-8.jpg


    deegawapi-viharaya-10.jpg


    deegawapi-viharaya-1.jpg


    deegawapi-viharaya-2.jpg


    deegawapi-viharaya-3.jpg


    deegawapi-viharaya-4.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/45007