දීඝ දන්තු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයේ තිබී දීඝ දන්තු 01 ඇතාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. වයස අවුරුදු 45 ක් පමණ වන මෙම ඇතාගේ පිටතට පෙනෙන දළ යුගලයේ දිග අඩි තුනහමාරත්, 4 ත් අතර බව සඳහන්. ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දීග දන්තු ඇතාගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අනුව, තවත් ඇතෙකුගේ පහරදීමෙන් මෙම මරණය සිදුව ඇතැයි අනාවරණය වන බවයි. කෙසේ වෙතත්, ඇතා මියගොස් සති දෙකත් , 3 ත් අතර කාලයක් ගතවී ඇති අතර, ඇතාගේ සිරුර හමුවී ඇත්තේ ගල්කිරියාගම වනජිවි කාර්යාල නිලධාරින් පිරිසක් විදුලි වැටක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදීයි.
    fb_img_15671801772893533786044898563298.jpg