දීප්තිමත් ආකාශ වස්තුවක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දීප්තිමත් ආකාශ වස්තුවක්

    වොලිබෝලයක් තරම් ප‍්‍රමාණයට පියවි ඇසට පෙනුණු දීප්තිමත් ආකාශ වස්තුවක් සෙනසුරාදා (21) රාත‍්‍රී 7.15 සිට බටහිර අහස දෙසින් දිස්වූ බව බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා විය.
    මෙය පියවි ඇසට වොලිබෝලයක් සේ දිස් වුවද, දුරේෂයකින් නිරීක්‍ෂණය කළ විට හරි හතරැස් දිප්තිමත් වස්තුවක් බව එදෙස බැලුවෝ පවසති. වඩාත් ළංකර බලන විට එම දීප්තිමත් වස්තුව තුළ දිය බිඳුවක් සේ චලනය වන කොටසක් ද නිරීක්‍ෂණය වූයේ යයිද ඔව්හු කියති.

    එදින බොහෝ ප‍්‍රදේශවල අහස පැහැදිලිව දිස් විය. රත්නපුර, හම්බන්තොට, මාතර සහ ගාල්ල ප‍්‍රදේශවල බොහෝ දෙනෙක් මෙය දැක ඇතැයි කියැවේ


     
    • Like
    Reactions: RottenCOLT

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    camera lens fungus


    maxresdefault.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මෙහෙම දෙයක් හිතෙනවා ඔය හතරැස් විදියට පේන නිසා.

    gc8xDHn.png


    අනීවා දීප්තිමත් මොකක්හරි දෙයක් තියෙන්න ඇති. UFO එකක් හරි මොකක්හරි.

    ඒත් වීඩියෝ කරපු කැමරාව මට හිතෙන්නෙ හරියට ෆෝකස් වෙලා නෑ. අනිත් එක හතරස් වෙන්න හේතුව මට හිතෙන්නෙ කැමරාවෙ ඇපෙචර් එක කියල.:yes:

    හයි එන්ඩ් කැමරාවල බ්ලේඩ් ගොඩක් තියන මේ වගේ ඇපේචර් එකක් තිබ්බට

    1WEBqHZ.jpg


    සමහර ඒවගෙ මෙහෙම ඒව තියනව.

    CQRpJrB.jpg


    afJSdPi.jpg


    DSLR වල විතරයි කියන්න එපා අපි පාවිච්චි කරන හැම කැමරාවකම (ෆෝන් ඇතුලුව) ඇපෙචර් මිකැනිසම් එකක් එනව.අපේ ඇහේ කණිනිකාව වගේ තමා.

    ඇපෙචර් එක සමහර ඒව හතරස් හැඩේකට ඕපන් වෙන්න පුලුවන්.:yes:


    photography කරන අය දන්නව ඇති මේ වගේ ඇපෙචර් එකේ හැඩේ පේනව කියල. මේ 6 බ්ලේඩ් ඇපෙචර් එකකින්.


    TKkiogL.jpg


    GmgdGR6.jpg


    ෆොටෝ එක ගහන එක අවුට් ඔෆ් ෆෝකස් වුනාම මේ වගේ තමා පේන්නෙ.

    මේ වැඩේට bokeh කියලත් කියනව.

    දැන් square apature එකකින් මේ ෆොටෝ ගැහුවොත් මෙන්න මෙහෙම වදින්නෙ.

    LrldXz7.jpg



    U9maF0c.jpg


    මේ ලයිට් ගොඩක් ෆොටෝ ගහල.

    දැන් තේරුනා නේද වෙලා තියන සීන් එක. අනීවා දීප්තිමත් වස්තුවක් තියෙන්න්න ඇති. වෙලා තියෙන්නෙ ඒක වීඩියෝ කරපු කැමරාවෙ ඇපෙචර් එක නිසා ඒකට වැරදි හැඩයක් ලැබිච්ච එක. තිබ්බ දේ අවුට් ඔෆ් ෆෝකස් වෙලා වීඩියෝ වෙලා.හරි හැඩේට ආසන්න හැඩයක් බලන්න තිබ්බ වස්තුව හරියට ෆෝකස් වෙලා තිබ්බනම්. (ඒත් ඔය වගේ එකක් වීඩියෝ කරද්දි ඩිස්ට්‍රෝෂන් වෙනව මේවගේ ඇපෙචර් එකක් නිසා.) මොකක්හරි දෙයක් අනීවා තියෙන්න ඇති. වෙලාවට මේක වීඩියෝ වෙලා තියෙන්නෙ square apature එකක් තිබ්බ කැමරාවකින්.