දුකට අහන සින්දු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්...//

    පෙම් බැන්දදා ඉදන් උපන් හදේ
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    රෑ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතිං
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    ගායනය ක්ලැරන්ස් විජේවර්ධන


    .
    .................................
    පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
    ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා

    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    මේකද මේ ආදරේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....

    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    186476433_248048273756382_5727410932473954108_n.jpg
     
    • Haha
    • Wow
    Reactions: visalbro and S_M_S

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දේවතාවන් සිතන දේවල්
    දිව්ය ලෝකෙන් මෙපිට එන්නෑ......
    හිරු රැසින් හැම පිණිබිඳක් වත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ.....
    දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
    දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
    රඟන රැඟුමක් දෝ......

    දඟකාර සමනල් අවදියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා.....
    පිණි සුළගේ දැවටෙමින්
    කාන්සියට ගී ගැයුවා.....
    අපේ ගී ඇසුනේ අපට පමණයි....

    දේවතාවන් සිතන දේවල්
    දිව්ය ලෝකෙන් මෙපිට එන්නෑ.....
    හිරු රැසින් හැම පිණිබිඳක් වත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ.....
    දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
    දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්

    රඟන රැඟුමක් දෝ.....


     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
    ආය මාව හම්බවෙන්න එන්නේ නෑලූ

    මේ සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
    මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට
    දැණුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට
    කියලා වැඩක් නෑ... නින්ද යන්නේ නෑ...
    ඒවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නෑ...

    මචං ඔවුවා ඔහොම තමයි කෙල්ලො හිටියට
    එයාලා අපිව දාලා යන්නේ අනේ නොකියම
    උබට සෙට්වෙනකන් හොද කෙල්ලෙක් ලගදිම
    සිංදුවක් කියලා ඉමු ආතල් එකෙ අද...
    හිතලා වැඩක් නෑ... ආය එන්නෙ නෑ...
    මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නෑ...

    එයා ගියා කියලා අපි හඩන්නේ නෑ...
    වෙන කෙල්ලෙක් සෙට් උනාම තනිය නෑ..

    .
    '''''''''''''''''''''''''''''''''''''''''''''
    එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
    දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
    වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
    කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//

    චොක්ලට් කෑල්ල මගේ..
    සූකිරි බට්ටියා මගේ..
    ඔයා නොලැබුනොත් අනේ..
    පනිනවා ලෝකාන්තේ..
    ඉස්සර කිව්වට අනේ
    ආයෙත් නෑ කියන්නෙ..//

    පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
    කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
    තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
    දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//

    චොකලට් කෑල්ල...

    වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
    ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
    වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//

    චොකලට් කෑල්ල...

    ගායනය, පද රචනය සහ සංගීතය : SJS
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා

    තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා

    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා

    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා


    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක්‌ පායා ඇති දිනයක

    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    සිතට දැනෙනවා


    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා


    ආත්මා ලියනගේ | Athma Liyanage​

     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka

    Bol wee ahuru - Amaradewa​

    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම

    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
    බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ

    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම

    නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
    මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
    පිටගං ගොහින් මා අමතක උනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම
    -------------------------------------------------------------------------------------------------------------------------------------
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා

    මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා
    නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා

    හිරු සඳුත් හමු වෙන් නැතේ එකම අහසේ පායනා
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවෙනා
    :sorry::(:love: