දුකෙන් බිඳක්!
ඒ අතර මිනිසුන් නිසාම පමණක් මේ තිරිසන් සතුන්ට විදින්න වෙන දුක් ගැන දැනගන්නට බලාගන්නට ඔබට මේ වීඩියෝවෙන් හැකියාවක් තිබෙනවා. හොදින් සිහි තබාගන්නට ඕනෑ මේ වීඩියෝ දර්ශන නරඹලා ඒ අදාල මිනිසුන් වෙත ද්වේශය ඇතිකරගෙන මනස දූෂ්‍ය කරගන්නට කටයුතු කලොත් තමන්ටවත් අනුන්ටවත් සිදුවන කිසිදු යහපතක් නොමැති බව. මේ වීඩියෝ දර්ශන නරඹලා ඇති කරගත යුත්තේ අර්ථයක් නැතිව "අනේ පව් අහිංසක සත්තු" කියන කරුණාවක් හෝ අනුකම්පාවක් හෝ නම් නොවේ.
ඔබ විසින් වටහාගත යුතු වෙන්නේ මේ සතුන් මේ විදියට දුක් විදින්නට තරම් කරගත්ත වින්නැහිය පිළිබදවයි. තිරිසන් සතෙක් වෙලා ඉපදුනා පස්සේ නම් බැලූ බැල්මට අහිංසක වුවත් කිසිදු වරදක් කරලා නෑ වගේ පෙනුනත් මේ අයට සතෙක් වෙලා ඉන්නකොට මේ අනන්ත දුක් දෙන මේ මිනිස්සු පිරිස වගේම පෙර අත්බැවයන් වල ඒ අයත් ඒ විදියට හැසිරීමේ හේතුවට අනුව ඵලය තමයි මේ දැන් විපාක වශයෙන් ඒ අයට ලැබෙන්නේ. කරන්න පුළුවන් තිරිසන් වැඩ ඔක්කෝම කරලා... යහපතින් නැණවතුන් පෙන්වා දෙන මග වරද්දාගෙන ඒ ගැන තැකීමක් නොකර දුශ්චරිත වැඩපිලිවෙලේ නිරත වීමේ විපාක තමයි මේ පිරිස මේ තිරිසන් අත්බැවයක් ලබාගෙන විදවන්නේ.
ඉතින් වරෙක කෙනෙක් සාප කරනවා අනේ මේ අහිංසක සත්තු මරණ දුක් දෙන මිනිස්සුන්ට සාප වේවා කියලා... ඉතින් ඒ සෑම දෙයක්ම හේතු වෙලා ඒ පුද්ගලයින් විපාක වශයෙන් සත්ව අත්බැව් ලැබිලා ඒ දුක් විදිනකොට අනේ පව් අහිංසකයෝ කියලා දුක් වෙනවා... ඉතින් මේක තමයි ධර්මය නොදැනීම නිසා සිද්ධ වෙන අබැද්දිය. ධර්මය දුටු විට මේ කම්පාව මදකට පැත්තකින් තියලා මේ භයංකර සසර දුක් වටහාගෙන වහ වහා අප්රමාදීවෙලා මේ දුක්ඛිත සසර ගමනෙන් මිදෙන්නට තමයි උත්සාහ කරන්නේ. සතෙක් මරණ කෙනෙකුට වුවත් උපක්රමශීලීව යහපත් අයුරින් ඒ දේවල් හේතු ඵල දහමෙන් පහදා දෙනවා මිසක් ඒ අයටව ද්වේශ කරන්නවත් සතුන්ට අනුකම්පා කරමින් තැවි තැවී සසර ගමන දිගු කරගන්නට හේතු හදාගන්නේ නෑ.
මේ අය මේ ගෙන යන්නේ සසර ගනුදෙනුවක්. බුද්ධිමත් නම් තමයි කෙනෙක් ගනුදෙනුව ඉවරකරගන්නට කටයුතු කරගන්නේ. නැතිනම් පෙර අත්බැවයේ මට ගහපු කෙනාට මේ අත්බැවයේ මම ගහන්න පෙළඹෙන ක්රමරටාවක් තමයි යන්නේ. ධර්මාවබෝධය තුලින් සුචරිතයට පත්වෙන කෙනා හෝ වේවා යම්තම් හෝ බුද්ධිමත්භාවයක් මත තවත් කෙනෙකුට හිංසාවක් නොකල යුතුයි කියලා හිතන කෙනා තමයි මෙන්න මේ ගනුදෙනුව නතර කරගන්නට පටන් ගන්නේ. ඉතින් මේ හේතු ඵල දහම සිහි තබාගෙන මේ සතුන් දුක් විදින අන්දම තුලින් සිහියට ගත යුතු වෙන්නේ ලැබී තිබූ දුර්ලභ මිනිස් ජීවිතය කොතරම් නම් අයහපතට යොදාගත්ත නිසාද මේ හැම දුකක්ම විපාක වශයෙන් ලැබෙන්නේ කියලායි. ඒ සැම සිත් දරාගෙන බලන්න මේ තිරිසන් අපායට පත්වූවොත් මිනිසුන් අතරින්ම පමණක් විදින්නට සිද්ධ වෙන දුක් මොනවාද කියලා. මේ දුක් මෙතැකයි කියලා කියන්නට නොහැකියි. ඒ නිසා නුවණැතිව අප්රමාදී වෙන්න!
මේ තියෙන්නේ තිරිසන් අපා දුක පිළිබඳව සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් සිදුකරන ලද විස්තරයක්.
බාලපණ්ඩිත සූත්‍රය
ඉතින් ඔබත් මේ තත්වයට පත්වෙන්නට කැමතිද කියලා තීරණයක් ගත යුතු වෙන්නේ ඔබම තමයි.
පව් කරනකොට තිරිසන් වැඩ කරනකොට ලැබී තියෙන ඇස, කණ, නාසය, දිව, කය සහ මන තිරිසන් ගතියට පත්කරගන්නකොට නම් බොහෝම ආශ්වාදජනකයි කියලා තමයි හිතෙන්නේ. ඒ ආශ්වාද මාත්‍රයක් වෙනුවෙන් මොහොතක් මොහොතක් පාසා කරගසාගන්නට සිද්ධ වෙන දුක් කන්දරාව ගැන අවබෝධයක් ගෙන අප්රමාදී වෙන්නට හැකිවෙන්නේ බුද්ධිමත් සැබෑම මිනිසෙකුටම පමණයි! තීරණය ඔබ අතේමයි!!!
http://www.nirvanadhamma.com/lk/dam...a-apayata-yanawada/tirisan-apaya/duken-bidak/

Last edited: