දුක එදා-සතුට මෙදා
හැමෝම කවදා හරි කාට හරි රැවටිලා ඇතිනේ. සමහර අය දරුණු විදියට රැවටිලා ඇති.සමහර අයට ගාණක් වත් නැතුව ඇති රැවටිලි ගැන. මම මගෙ ජීවිතයේ ගොඩක් දෙනෙක්ට රැවටුණු කෙනෙක්. කෙල්ලෝ හිටියා මටත්. ඒත් ගොඩක් ඒවා දවසක් දෙකක් තිබුණේ.
ඒත් මට මගෙ ජීවිතේ අමතක නොවන 'එදා මැරෙන්න තරම් දුක හිතුණු, අද සතුටු වෙන රැවටිලි දෙකක්' තියෙනවා. අපි කවුරුත් කෙනෙක්ට ආදරේ දෙන්න වෙන්වෙන්න නෙවෙයිනේ.'මම' කොච්චර අවංක වුණත් 'එයා' වංකයි නම් වෙන්වීම ස්ථීරයි !
ආදරේ කරද්දි 'එයා' මම හන්ද අඬනවා. 'මම' එයා හන්දා අඬනවා.. ඒක තමයි ඒ කාලෙට විතරක් ආදරේ. ඒත් එක තත්ත්පරයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. මේ ලෝකේ නිත්‍ය එකම දේ අනිත්‍යනේ.
සමාජයෙන් සම්මත යැයි පිළිනොගන්න ආදරයක මම පැටලුණා. එයා වෙන කෙනෙක් එක්ක යාලු වුණා. මට ඒ දේ අහුවුණාම , ආයේත් එයා මාවම ඕනා කිව්වා. ඒත් වරද පිළිගත්තේ නෑ. කාලයක් ගෙවිලා ගිහින් මම එයාව අත්හැරියා මගෙ අනාගතේ හන්දා.
පස්සේ සම්මත ආදරයක් පටන්ගත්තා. මගෙ අතීතේ හැම ඇත්තක්ම එයාට කිව්වා. ඒත් එයා මාව භාරගන්නම් කිව්වා. මම ඒ හන්දම ගොඩක් සතුටු වුණා.
ගොඩාක් දුර හන්දා ,මම ඉස්කෝලේ යන හන්දා මට පුළුවන්කමක් තිබුණේ නෑ එයාව තනියම හම්බවෙන්න. ඒත් අපි හම්බවෙලා තියෙනවා , එයාගේ හෝ මගේ පවුලෙ කෙනෙක් ඉද්දි. මම එයාට එපාම කියපු දේවල් කළා,ඔහොම ගියොත් ජීවිතේ වරදීවි කියලා කිව්වත් එයා වැඩිය ගණන් ගත්තේ නෑ.
ප්‍රතිචාර ලැබෙන විදියට ඉතිරි ටික දාන්නම්...
මේක බූට් වුණේ එවෙලෙට.
මේක අද මට ෂෝක්.

Last edited:

thawa liyanna thiyenawa wage