දුක එදා-සතුට මෙදා

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    දුක එදා-සතුට මෙදා

    හැමෝම කවදා හරි කාට හරි රැවටිලා ඇතිනේ. සමහර අය දරුණු විදියට රැවටිලා ඇති.සමහර අයට ගාණක් වත් නැතුව ඇති රැවටිලි ගැන. මම මගෙ ජීවිතයේ ගොඩක් දෙනෙක්ට රැවටුණු කෙනෙක්. කෙල්ලෝ හිටියා මටත්. ඒත් ගොඩක් ඒවා දවසක් දෙකක් තිබුණේ.

    ඒත් මට මගෙ ජීවිතේ අමතක නොවන 'එදා මැරෙන්න තරම් දුක හිතුණු, අද සතුටු වෙන රැවටිලි දෙකක්' තියෙනවා. අපි කවුරුත් කෙනෙක්ට ආදරේ දෙන්න වෙන්වෙන්න නෙවෙයිනේ.'මම' කොච්චර අවංක වුණත් 'එයා' වංකයි නම් වෙන්වීම ස්ථීරයි !

    ආදරේ කරද්දි 'එයා' මම හන්ද අඬනවා. 'මම' එයා හන්දා අඬනවා.. ඒක තමයි ඒ කාලෙට විතරක් ආදරේ. ඒත් එක තත්ත්පරයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. මේ ලෝකේ නිත්‍ය එකම දේ අනිත්‍යනේ.

    සමාජයෙන් සම්මත යැයි පිළිනොගන්න ආදරයක මම පැටලුණා. එයා වෙන කෙනෙක් එක්ක යාලු වුණා. මට ඒ දේ අහුවුණාම , ආයේත් එයා මාවම ඕනා කිව්වා. ඒත් වරද පිළිගත්තේ නෑ. කාලයක් ගෙවිලා ගිහින් මම එයාව අත්හැරියා මගෙ අනාගතේ හන්දා.
    පස්සේ සම්මත ආදරයක් පටන්ගත්තා. මගෙ අතීතේ හැම ඇත්තක්ම එයාට කිව්වා. ඒත් එයා මාව භාරගන්නම් කිව්වා. මම ඒ හන්දම ගොඩක් සතුටු වුණා.

    ගොඩාක් දුර හන්දා ,මම ඉස්කෝලේ යන හන්දා මට පුළුවන්කමක් තිබුණේ නෑ එයාව තනියම හම්බවෙන්න. ඒත් අපි හම්බවෙලා තියෙනවා , එයාගේ හෝ මගේ පවුලෙ කෙනෙක් ඉද්දි. මම එයාට එපාම කියපු දේවල් කළා,ඔහොම ගියොත් ජීවිතේ වරදීවි කියලා කිව්වත් එයා වැඩිය ගණන් ගත්තේ නෑ.


    ප්‍රතිචාර ලැබෙන විදියට ඉතිරි ටික දාන්නම්...
    මේක බූට් වුණේ එවෙලෙට.
    මේක අද මට ෂෝක්.
     
    Last edited:
    • Like
    Reactions: Leb and laMir

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    good post ithuru tikath danna

    මඤඤන් වගේ බන්, පැහැදිලි මදි, තව ලියපන් බලන්න:baffled::baffled:.....

    එයයි මමයි මුල් දවසේ හම්බවුණේ නුවරදී.. කෙල්ලගේ ගම කැකිරාව. කෙල්ලගේ අක්කා ඉන්නේ නුවර. මගේ අම්මගේ ගමත් නුවර. කෙල්ලයි, අම්මයි, අක්කයි කැකිරාවට යන්න බස් එකට නගිද්දිත් ,මම ඇහුවා කෙල්ලගෙන් මම යන්නද කියලා.ඒත් කෙල්ල බය නැතුව කිව්වා නගින්න කියලා එයා යන බස් එකටම. මමත් ඉතින් නැග්ගා. අම්මයි අක්කයි කිසිදෙයක් දන්නේ නෑ. ඔහොම ඔහොම ගියා ඉතින් කැකිරාවටම. මම ආයේ ආව නුවරටම..

    කෙල්ලටත් ඒ දවස් වල කොල්ලෙක් හිටියලු. ඒ කොල්ලා අතින් විතරයිලු ඇල්ලුවෙත්.ඒ කොල්ලම ,වෙන කෙල්ලෙක් එක්ක ගියාලු කියලයි කෙල්ල මට කිව්වේ

    ටික කාලයක් ගියා.. කෙල්ලගෙ අම්මට අපි ගැන ආරංචි වුණාම මම හිතුවෙම ඉවරයි කියලා. ඒත් එයා අකමැති වුණේ නෑ .ගෙදර හැමෝම මට කැමැත්ත දුන්නා. අපේ ගෙදරිනුත් එහෙමයි.කෙල්ලගේ චූටි අක්කා වැඩ කරන්නේ මම ඉන්න පැත්තෙමයි. දවසක් කෙල්ල කිව්වා මොකෙක්දෝ එකෙක් මැසේජස් එවනවා කියලා. මම නම්බර් එක ඉල්ලගෙන ඌට කෝල් කරලා , කන්ෆරෙන්ස් දැම්මා කෙල්ලට ඇහෙන්නම. කෙල්ල හෙලෝ හෙලෝ කියලා කට් කළා අනිත් පැත්තේ එකාගේ වොයිස් එක ඇහෙද්දි.

    පස්සේ ඒ කොල්ලට මම කතා කළාම ඌ කිව්වා , ඕකි තලාගෙන ඉන්නේ කියලා. මම ඒ කිසිදෙයක් විශ්වාස නොකර කෙල්ලවම විශ්වාස කළා.

    මගෙ බල කිරිමටම කෙල්ල සිම් පවා මාරු කළා.
    ඒත් සමහර සිම් වැඩ. ඇහුවම කිව්වේ අක්කා අරන් ගිහින් කියලා සිම් එකක්.
    ඒකත් මම විශ්වාස කළා.
    මමත් කෙල්ලට සිම් එකක් දුන්නා. දවසක් ඩීටේල් බිල් එක බලද්දි සැක හිතෙන නම්බර් එකක් තිබුණා. මම ඒකිගේ කටින්ම අල්ලගන්නකල් ඒ ගැන ඇහුවාම , සිම් එක ටික දවසකට යාළුවෙකුට දුන්න කියලා කිව්ව. ඒකත් මම විශ්වාස කළා ඉතින්.

    කාලේ ගියා.. මට කේන්ති එන්න පටන් ගත්තා.සතියකට දවසක්වත් අපි රණ්ඩු වුණා. ඒකි මම හන්දම සෑහෙන්න අඬලා තියෙනවා. මහ රෑ පවා ඇහරුණොත් මට මැසේජ් කරනවා. මට වැඩිය ගමන් යන්න දුන්නේ නෑ. ගියොත් වෙලාවට එන්නත් ඕනා මම.කෙල්ලන්ට නම්බර්ස් දෙන්නත් තහනම්. ෆේස්බුක් ,චැට් තහනම්. එයාටත් ඒ නීතියම මම දැම්මා.
    මගෙන් මැසේජ් පැය ගාණක් පරක්කු වුණොත් ,ඒකිගෙන් මිස්ඩ් කෝල්ස් ගොඩයි මට. මම නිශ්ෂබ්ද කෙනෙක්,එයා සෝෂල් කෙනෙක්. ඒ හන්දම මට ,අම්මෙක් පුතෙක්ට වගේ වචන වලින් සැලකුවෙත් එයා. මම ගොඩක් සතුටින් හිටියා පරණ දේවල් අමතකම කරලා..
    ඉඳහිට මට කිව්වෙම ඉක්මණට බඳිමු කියලා. මට ඒ වගේ දෙයක් කරන්න දැන්ම බෑ කිව්වම අහිංසක විදියට පිළිගත්තා එයාම. එයාට මාව නැතුවම බෑ කියලා , එයා මට එවන මිස්ඩ් කෝල්ස්,මැසේජස් වලින් තේරුණා මට. මම ඒ හන්දම දුරින් හිටියත් විශ්වාසය කැඩුවේ නෑ. ඒත් එයා කඩලා තියෙනවා විශ්වසය.මගේ ෆෝන් එකේ එයාගේ ෆොටෝ එකක් තිබුණත් ,මම දුර ගමනක් යද්දි ඒ දේවල් රිකවර් කරන්න බැරි විදියටම ඩිලිට් කරන්නේ ෆෝන් එක නැතිවුණොත් කෙල්ලගේ ෆොටෝ ලීක් වෙයි කියලා.

    කෙල්ල දවසක් මට කිව්වා මෙහෙම කතාවක්...

    පෝය දවසක අපි හැමෝම පන්සලේ හිටියේ. මගෙ පස්සෙන් ආපු කොල්ලෙක් පන්සලටත් ආවා. ඒත් මගේ නෑනා ,මගෙ අයියට කියලා ..ඌ මාත් එක්ක අපේ ගෙදර හිටියේ කියලා.පස්සේ අයියා ඌට ගැහුවා.
    ඌම දවසක් මාව බලෙන් බයික් එකෙත් දාගෙන ගියා.මම බයටම නැග්ගා..


    ඒ ගැන පොඩි සැකයක් තිබුණත් ඒකත් මම විශ්වාස කළා......

    කෙල්ල දවසක් මට ඒකිගේ චිප් එක පෝස්ට් කළා, සින්දු දාලා එවන්න කියලා. මගේ පොඩි සැකේ හන්දම මම චිප් එකත් රිකවර් කළාම එළියටම ආවේ 'වැල්' වගයක්. මාව රත් වුණා එවෙලේ. මම ඒකටත් හේතු ඇහුවම ඒකි කිව්වෙ චිප් එක කලින් තිබුණේ වෙන එකෙක් ගාව කියලා.ඕව මගේ නෙවෙයිලු. ඒකත් විශ්වාස කළා මම.
    අවුරුද්දක් විතර අපේ ආදරෙට ගෙවුණා.. කෙල්ලගෙ තාත්ත එකපාරටම නැතිවුණා. මම යද්දිත් අවසන් කටයුතු ඉවරයි ,කෙල්ලගේ ඇස් වල කඳුලු දැක්කම දුක හිතුණා මට. මලගෙදරට මට එන්නම කියල බල කළත් එන්න හම්බවුනේ පහුවෙනිදා

    මම එක හිතින් එයාට ආදරේ දුන්නා ගතින් දුර ඉඳන්. එයත් ඒ වගේ හිටියා. රැයක් දවාලක් නැතුව මට කතාකළා...ඔහොම..................................................................................................ගෙවුණ තවත් කල්. කෙල්ල ඒ ලෙවෙල් ඉවර වුණා. රිසල්ට්ස් එනකල් ගමේ තියෙන ගාමන්ට් එකකට මීට මාසෙකට කලින් යන්න පටන් ගත්තා.උදේ යද්දි මට කතාකරනව,5.30ට ආවාමත් එහෙමයි. සති 2,3ක් ගියා.. කෙල්ල යන එන වෙලාවේ වෙනසක් දැනුණා මට.ඒත් ගණන් ගත්තේ නෑ මම. පරක්කු වෙලා ආවම කිව්වේ, වැඩ වැඩියි කියලා ගාමන්ට් එකෙ.

    ගිය මාසේ පෝය දවසට කලින් දවසේ කෙල්ල ගෙදර ආවේ 8.30ට. ගොඩාක් වැඩ තිබුණලු. පෝය දවසේ දවල් වෙනකල් හොඳට හිටියත්, හවස් වෙද්දි වෙනස් කතාවක් කියන්න පටන් ගත්තා. අම්ම කැමති නැතිලු මාව දුරට දෙන්න, ඔයාට ජොබ් එකකුත් නැතිලු..අපි මේක නවත්වමු කියලා.
    මට අදහගන්න බැරිම වුණා. එකපාරටම කෙල්ල ෆෝන් ඕෆ් කළා. මම ගත්ත අම්මගේ එකට. පස්සේ කිව්වෙම නවත්වමු කියලා. මම ඒකිගේ කටින්ම ඇත්ත කියවෙනකල් ප්‍රශ්න කළා. ..අන්තිමට කිව්වා.....


    මගෙන් වරදක් වුණා, කෙනෙක් මගේන් කැමතිද ඇහුවා.. මමත් කැමතියි කිව්වා. සතියයිලු යාලුවෙලා

    කෙල්ල වැඩට ගියාම..මම අම්මට කෝල් කරලා ඇහුවා ඇයි මට අකමැති කියලා.
    අම්මා කිව්වා එහෙම දෙයක් නම් කිව්වේ නෑ කියලා. අර කොල්ලත් එක්ක ,පෝයට කලින් දවසේ කෙල්ල ගෙදර ආවා. මම ඒ කොල්ලට කිව්වා ,දුවට කෙනෙක් ඉන්නවා කියලත්. පස්සේ 'හා යන්නම්' කියලා ඌ ගියාලු.

    බැරි තැන මගේ හැම ප්‍රශ්නයක්ම විසඳපු යාළුවටම මම මේ ප්‍රශ්නෙත් භාර දුන්නා. ඊට පස්සේ ටික වෙලවකින් කෙල්ල මට කියනවා 'මාව දාලා යන්නෙපා 'කියලා. පහුවෙනිද උදේ ගිහින් ඒ සම්බන්දේ නතරකරන්නම් කියලා ගියා. හවස ආවා කෙල්ල ගෙදර 5.30ට.
    කෙල්ලගේ අම්මගේ ෆෝන් එකට කොල්ලා කෝල් කරද්දිත් , කෙල්ලගේ ෆෝන් එකෙන් කෙල්ල මාත් එක්ක කතා කර කර හිටියේ. මට ඇහුණා කෙල්ල ආන්සර් කරලා කියනවා ඌට 'මෙහෙ එන්නෙපා' කියලා.මම කෙල්ලට කිව්වා අනියම් සම්බන්ධ,අසම්මත් බැඳීම්,බොරුව අසාර්ථක වෙනවා කියල. කෙල්ල අන්තිමටම කිව්වා කේන්තියෙන් වගේ 'මම ඌත් එක්ක යනවා' කියලා. ...

    >>>>>>>>>>>
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ආ ඔව් බන්. මේක එසේ මෙසේ බූට් එකක් නෙවෙයි.

    අල්ලලා දාපන් බං මමත් මේ එසේ මෙසේ බුට්ක් නෙවෙයි කාලා ඉන්නේ. ඕව හිතුවම වෙන්නේ නිකන් අපෙ කාලේ නාස්ති වෙන එක
    :)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කියවගන්නලා..

    9ට විතර කෙල්ලගේ ගෙදරින් ආනසර් කරලා කිව්වා..'එයා ගියා පුතේ' කියලා.

    මට එදා රෑ නින්ද ටිකක්වත් ආවේ නෑ. පහුවෙනිද උදෙන්ම මම එහෙනුයි,මෙහෙනුයි ආපු ප්‍රතික්ෂේප කිරිලි පැත්තක දාලා , ගෑණියෙක් වෙලා හිටියත් කමක් නෑ බඳින්න කියලා හිතාගෙන ගියා කැකිරාවට. කොල්ලගේ පැත්තෙ අයව හොයනවා කියලා කෙල්ලගේ අක්කා මට කිව්වා. කැකිරාව පොලිසියට ගියා මාත්. ඒත් එකෙක්වත් ඇවිත් නෑ. පස්සේ මගේ කෙල්ල අරුත් එක්ක පොලිසියට එනවා දකිද්දි මට මැරෙන්නම හිතුණා. අතේ මොකක්දෝ රෝල් කරන් හිටියේ ඌ. අක්කා ඇවිත් කිව්වා 'මල්ලි දැන් ඔයා යන්න, එයා බැඳලා කියලා...
    මම එයාගේ මූණ බලන්න ගියා ටිකක් ඇතුලට. මාව දැකල බිම බලාගත්තා. අක්කා කිව්වේ ,කොල්ලගේ අම්මා මම ගැන නොදන්න හන්ද ඇතුලට යන්නෙපා කියලා. මම මගේ කඳුලු ඉවසන් එලියට එද්දි ,කෙල්ල ජනෙලේ කර්ටන් එක අයින් කරලා මම දිහා බැලුවා.

    මම කෙල්ලගේ යාළුවට මගේ දුක කිව්වා..යාළුවා කිව්වා
    ඒකි වැඩ ඇරිලා ආවේත් ඌ එක්ක කියලා ගමෙ උන් කියනවා කියලා.ෆෝන් එක දාලා ගියත් ,මට හොරෙන් තව සිම් එකක් ඒකි යූස් කරලලු.
    කෙල්ලගේ ගෙදරින් මට කිව්වා,,ඒකිගේ ෆෝන් එකේ කොල්ලෝ 5කගේ නම්බර්ස් තිබුණා කියලා....මට තවත් කළකිරුණා....කෙල්ල මට මුලින්ම කොල්ලෙක් ගැන කිව්වනේ,
    ඒ කොල්ලව බන්ඳලා දෙන්න හදද්දිත් කෙල්ලලු අකමැති වුනේ ඒකට.ඒක නවත්වලලු මාත් එක්ක යාලු වුනේ

    කෙල්ලගේ යාලුවා මට කිව්වේ වෙනස්ම කතාවක්..
    පෝය දවසක ගෙදරට ආපු කොල්ලා ආවේ ඒකි කියපු හන්දලු.. ඒකිට කොල්ලෝ 7කට වඩා හිටියලු..තව එකෙක්ගේ ගෙදරක කාමරෙක ඉඳලත් අහුවුණාලු ඒකි.චරිතේ අන්තිම කැතයිලු ගමටම.
    අර බයික් එකේ ගියෙත් ඒකිගේ කැමැත්තෙන්ලු..


    මම බැරි තැනම දේවාලයකට ගියා. මගේ අක්කා කෙනෙක්ටත් මේ වගේ දෙයක් වෙලා , එයාව බේරුවේත් මේ දේවාලයෙන් හන්දා.
    දේවලෙන්ම මට කිව්වා මම ආපු හේතුවත්..
    ඒකි අනියම් බසට රැවටිලාලු..චපලයිලු...එක හිතක් නැතිලු.. ආයේත් එනවලු මාස 9ක් යන්න කලින් කසාදේ කඩාගෙන. චපලකම හන්ද ජීවිතේ නැතිකරගන්නවලු..මට භාරගන්නෙපා කිව්වා.පස්සේ දේවාලෙන්ම කියපි,කෙල්ලගේ යාළුවා ගැනත්. හැඩරුවත් කිව්වා.අරක පැත්තක දාලා මේක කරගන්නලු.අරකි මැරෙනව නම් සතුටුයි ඇත්තටම..

    මොකද.. ඒකිගේ ජීවිතේ තවත් වරදිනවා මට බලන් ඉන්න බැරි හන්දා.කෙල්ලගේ පවුලේ එකෙක් එක්කවත් මේ වෙනකල් කතාකරලා නෑ ඒකි. ඒකිට අයේ ගෙදරට එන්නත් එපා කියල පවුලේ උන්. මගේ අම්මා,මාව,ඒකිගේ අම්මා,ඒකිගේ අක්කලා... හැමොවම අඬවලා ගියපු කෙල්ල දවසක එනකල් මම බලන් ඉන්නවා. කසාදේ කඩන්න දේවාලෙට ගියත්, පව් භාරගන්න වෙන්නෙ මට හන්ඳා..මම පාඩුවේ ඉන්නවා . තාත්තාත් නැති තමන්ගේ අම්මවත් ප්‍රතික්ෂේප කරලා ගියපු ඒකිට , හරියන්නෙ නෑ කවදාවත්ම. ඒකයි දුක. ඒකි බැඳපු පහුවෙනිදාම මට ජොබ් එකක් එලකිරි අයියෙක්ගෙන්ම සෙට් වුණා.. දැන් මම නිදහස් වුණත්.. මම අත පිහදාගන්නේ නෑ

    මේ සේරම වෙලා.. දැනට සති 2යි.. එයා මට සල්ලි දීල තියෙනවා, රීලෝඩ් දාල තියෙනවා අතෙ සතේ නැතත්. දුකින් ඉද්දි මාව සනසවලාත් තියෙනවා, හිතාගන්න අමාරුයි සමහර දේවල්. සුර දූතියක් ලැබුණා කියලා හිතුවට මාර දූතිකවක් ලැබිල තිබුණේ මට
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අල්ලලා දාපන් බං මමත් මේ එසේ මෙසේ බුට්ක් නෙවෙයි කාලා ඉන්නේ. ඕව හිතුවම වෙන්නේ නිකන් අපෙ කාලේ නාස්ති වෙන එක
    :)

    ඔව් අයියා.. කෙල්ලෙක්ට වගේ නෙවෙයිනෙ අපිට.කාලේ නාස්ති වුණාම පසුතැවෙන්න වෙන්නෙ
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කියවගන්නලා..


    මේ සේරම වෙලා.. දැනට සති 2යි.. එයා මට සල්ලි දීල තියෙනවා, රීලෝඩ් දාල තියෙනවා අතෙ සතේ නැතත්. දුකින් ඉද්දි මාව සනසවලාත් තියෙනවා, හිතාගන්න අමාරුයි සමහර දේවල්. සුර දූතියක් ලැබුණා කියලා හිතුවට මාර දූතිකවක් ලැබිල තිබුණේ මට

    අම්මෝ බන්, ගිහින් එකිටයි බැදපු එකාටයි ස්තුති කියලා වරෙන්, උබව බේරුවාට:growl::growl:...
    පහුවෙද්දි උබේ හිත හැදෙයි..හිත් වෙනස් වෙන්න මහ වෙලාවක් යන්නේ නැනේ, ඕය කෙල්ලට උනා වගේ:baffled::baffled:....
    ඔවා අමතක කරලා ලයිෆ් එක ගොඩදාගනින් ඔය ජොබ කරලා:):)....​
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අම්මෝ බන්, ගිහින් එකිටයි බැදපු එකාටයි ස්තුති කියලා වරෙන්, උබව බේරුවාට:growl::growl:...
    පහුවෙද්දි උබේ හිත හැදෙයි..හිත් වෙනස් වෙන්න මහ වෙලාවක් යන්නේ නැනේ, ඕය කෙල්ලට උනා වගේ:baffled::baffled:....
    ඔවා අමතක කරලා ලයිෆ් එක ගොඩදාගනින් ඔය ජොබ කරලා:):)....​

    ඉන්න තැන දන්නේ නෑ බන්. නම්බර් තිබුණට ,කතාකරන්න හිතෙන්නේ නෑ.ඌත් දන්නවා මාත් එක්ක ඒකි සෙට් වෙලා ඉද්දියි ,බැන්ඳේ කියලා. ඌ කුඩුකාරයෙක්ලු.ඒත් ඒකි තාම ඒවා දන්නේ නෑ. එන්නෙ නැතැයි ආයෙත්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අම්මෝ බන්, ගිහින් එකිටයි බැදපු එකාටයි ස්තුති කියලා වරෙන්, උබව බේරුවාට:growl::growl:...
    පහුවෙද්දි උබේ හිත හැදෙයි..හිත් වෙනස් වෙන්න මහ වෙලාවක් යන්නේ නැනේ, ඕය කෙල්ලට උනා වගේ:baffled::baffled:....
    ඔවා අමතක කරලා ලයිෆ් එක ගොඩදාගනින් ඔය ජොබ කරලා:):)....​

    aniwa

    gihin present ekakut dila thanks alot kiyala waren

    hodata pawul jiwithe aran yanna kiyalat waren
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    aniwa

    gihin present ekakut dila thanks alot kiyala waren

    hodata pawul jiwithe aran yanna kiyalat waren

    උබ ඔහොම කිව්වට, මේ කථාව කියෙව්වට පස්සේ මට හිතුනා මූ ගිහිල්ලා කෙල්ල මූ දිහා බලන්හිටියා කියලා දුක හිතිලා එද්දි කර ගහගෙන එයිද කියලා. යනව නම් පලයන් උබේ ඔළුව හොදට හදාගෙන මාස 9ක් නෙවෙයි දවස් 9න් ඒකී උබ එක්ක ඒවී. හොදම දේ තමයි උබේ කෑල්ල එක්ක, කෑල්ලට විස්තර කියලා එයත් එක්කම යන එක. කෙල්ලගේ යාළුවා හොදනම් සෙට් කරගනින්. එතකොට උබේ පරන කෑල්ලට ගොඩාක් රිදෙයි.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උබ ඔහොම කිව්වට, මේ කථාව කියෙව්වට පස්සේ මට හිතුනා මූ ගිහිල්ලා කෙල්ල මූ දිහා බලන්හිටියා කියලා දුක හිතිලා එද්දි කර ගහගෙන එයිද කියලා. යනව නම් පලයන් උබේ ඔළුව හොදට හදාගෙන මාස 9ක් නෙවෙයි දවස් 9න් ඒකී උබ එක්ක ඒවී. හොදම දේ තමයි උබේ කෑල්ල එක්ක, කෑල්ලට විස්තර කියලා එයත් එක්කම යන එක. කෙල්ලගේ යාළුවා හොදනම් සෙට් කරගනින්. එතකොට උබේ පරන කෑල්ලට ගොඩාක් රිදෙයි.

    ඔව්. කෙල්ල අඬාගෙන ආවොත් මගෙ හිත උණු වෙනවා.යාළුවා නම් හොඳයි. සෙට් කරගන්න ට්‍රයි කරන්න ඕනා.