දුක චක්‍රයට සර්ගේ උපදෙස

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    (මම කිව්වා නේ මගේ ඒක පාර්ශවික ආදරේ ගැන. ඔහොම හරි මේ කතාව එයයි මමයි දෙන්නම කලින් හිටපු ක්ලාස් එකේ සර් කෙනෙක් දැනගත්තා. ඒ අවුරුදු පහකට විතර පස්සේ. සර් මට කෝල් කරා. ඊට පස්සේ දුක අමතක කරන්නේ කොහොමද කියලා කිව්වා. කතාව ඇත්ත කියලා මටත් හිතෙන්නේ. ඒත් හිත නම් හදා ගන්න බැරි වුණා තාම. ඉතින් එදා සර් කියපු දුක චක්‍රය තමයි මේ)

    සර්ට අනුව ඕනම කෙනෙක්ගේ දුක තියෙන්නේ කිසියම් නිශ්චිත කාල සීමාවක්( උදා- දවස් 90 ) විතරයි. ඒ කියන්නේ ඒ දවස් ගාන කෙනෙක් දුක් නොවී අදාල කෙනා හෝ සිදුවීම ගැන නොහිතා සාර්ථකව පන්නා ගත්තොත් ඒ කෙනා ගොඩ. ඒ කියන්නේ ඒ දුක නැතිවෙනවා නැත්තන් හිත හදා ගත්තා කියන එක තමයි. හැබැයි අපි කරන්නේ මොකද්ද අර දවස් 90 හරි 60 හරි හිත හදා ගන්න යන දවස් ගාන පනින්න කලින් අතර මගදී ආයෙත් හිත කඩා ගන්නවා. ඒ කියන්නේ ඒ කෙනාව හරි සිද්ධිය හරි මතක් කර කර දුක් වෙනවා. ඉතින් අර කාලය ආයෙ රීසෙට් වෙනවා. ආයේ අමතක කරන්න පටන්ගන්නවා නම් ආයෙත් අර අමතක කරන්න යන දවස් ගාන ( උදා - දවස් 90) මුල ඉදන් පටන් ගන්න වෙනවා. ඔන්න ඕකයි අපි නිතර නිතර දුක් වෙනවා නම් ඒ දුක ලේසියකට අයින් වෙන්නේ නැත්තේ(සර්ට අනුව).