දුක දැකීම තුලින් ශ්‍රද්ධාව උපදවාගනිමු

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දුක දැකීම තුලින් ශ්‍රද්ධාව උපදවාගනිමු

    දුක දැකීම තුලින් ශ්‍රද්ධාව උපදවාගනිමු

    පින්වතුනි, බුදු රජාණන් වහන්සේ අපට දුක ගැන කියාදෙනව.
    ඉපදීම දුකක්,
    වයසටයාම දුකක්,
    ලෙඩවීම දුකක්,
    මරණයට පත්වීම දුකක්,
    අප්‍රියන් හා එකතුවීම දුකක්,
    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්,
    කැමති දෑ නොලැබීම දුකක්,
    කෙටියෙන් කීවොත් පංච උපාදානස්කන්ධය ම දුකක්.
    මේ විදිහට අපි දුක්ඛ ආර්ය සත්‍යය ඉගෙනගෙන, මේ දුක්ඛ සත්‍යය, මේ දුක කියන දේ ආර්ය සත්‍යයක්ම යි කියල තේරුම්ගත්තොත්, අන්න ඒක දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි පැහැදීම උපදවාගැනීම යි. ඒ විදිහට පැහැදීම ඇතිකරගත්තොත්, අපි නොදත් දෙයක් දැනගත්තා නේද? අපි අපේ ජීවිතය තියෙන සැබෑ ස්වභාවය දන්නෙ නෑ.
    ඉපදීම දුකක් කියල අපි දන්නෙ නෑ. ලෙඩවීම දුකක් නමුත් අපි දන්නෙ නෑ. වයසටයාම දුකක් අපි දන්නෙ නෑ. මරණයට පත්වීම දුකක් අපි දන්නෙ නෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපි දන්නෙ නෑ. අප්‍රියන් හා එකතුවීම දුකක් අපි දන්නෙ නෑ. නොදන්නා නිසා අපි ඒ දුක විඳ විඳ ආයෙ ඉපදෙන්ට පැතුවද නැද්ද? ඉපදුණායින් පස්සෙ ආයෙත් ලෙඩවීම, වයසටයාම, මරණයට පත්වීම, ලැබෙනවද නැද්ද? මේ සා දීර්ඝ සංසාරයක් පුරාවටම මේ නොදන්නා කම නිසා ඉපදි ඉපදි, ලෙඩ වෙවී, මරණයට පත්වෙවී, ගුටි බැට කකා, නින්දා විඳ විඳ, අනුන්ගේ හාස්‍යයට ගොදුරුවෙවී, සාහසික අපරාධ වලට ගොදුරු වෙවී දුක් වින්ඳද නැද්ද? නිරයෙ ඉපදිලා දුක් වින්ඳ, ප්‍රේරේත ලෝකෙ දුක් වින්ද, ඒ මොකක් නිසාද? මේ ඉපදි ඉපදි, මැරි මැරී යන ගමනේ දුකක් තියෙනවා කියල නොදන්න නිසා.
    එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව මෙතන දුකක් තියෙනව කියල අවබෝධ කරගන්න කියල. එතකොට මේ ධර්මය අහපු කෙනාට තේරෙනව, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක් කියල. මේ විදිහට තේරුම් අරගෙන මෙයා කල්පනා කරනවා, "ආයෙ ආයෙමත් ඉපදීම දුකක්" එහෙනම් ඒ විදිහට කල්පනාකරන කෙනා තමාගේ ජීවිතයේ සැඟවිලා තිබිච්ච අනතුර දැක්කද නැද්ද? දැක්ක.
    අන්න එසේ දැකීම නිසා එයාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිවෙනව. ඇයි ඒ? එයා නොදුටු දෙයක් දැක්කා, නොඇසූ දෙයක් ඇසුවා. තමාගේ ජීවිතය තුළ තිබෙන අනතුර දැක්කා. ඒ අනතුර පෙන්වාදුන් නිසා ඒ අනතුර පෙන්වාදුන් කෙනා කෙරෙහි පැහැදීම හටගන්නව. ඒකයි දුක දැකීම නිසා ශ්‍රද්ධාව ඉපදෙනවා කියල කියන්නෙ.
    දැන් අපි පාරෙ යනකොට පාරෙ බොරුවලක් තියෙනව, අපි දන්නෙ නෑ. අපි දන්නෙනැතිව ගියොත් මොකද වෙන්නෙ? වැටෙනව. යම් කෙනෙක් ඉන්නව ඒ බොරුවල ගැන දන්නව. ඒ කෙනා දුවගෙන ඇවිල්ල අපිට කියනව, " යන්ට එපා, මෙතන බොරුවලක් තියෙනවා" කියල. දැන් අපිට ඒ විදිහට පෙන්වුවායින් පස්සෙ ඒ අනතුරින් අපි ගැලවෙනව නේද? ඒ කියන කතාව පිළිඅරගෙන, ඒ බොරු වල තියෙනවා කියල තේරුම්ගත්තොත් අපි අරක්ෂාවෙනව.
    එතකොට තමන්ට තේරෙනව "මම ආරක්ශා වුනා. මම අනතුරෙන් බේරුනා" කියල. එහෙම තේරෙනකොට අනතුරෙන් බේරෙන්න කියාදුන් කෙනා ගැන ගෞරවය හටගන්නවද නැද්ද? හටගන්නව. අන්න ඒකයි ශ්‍රද්ධාව කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ තමයි සතර අපාය ගැන, සංසාරය ගැන අපිට කියාදුන්නෙ.
    ඒ වනතෙක් අපි දැනගෙන හිටියෙ නෑ අපේ ජීවිතයේ මෙවැනි අනතුරක් තියෙනවා කියල. මේක තේරුම්ගත්ත කෙනා පිළිගන්නව, එයාට නිතැතින් තේරෙනව "මම අනතුරින් බේරුනා. අනතුරෙන් බේරුනේ භාග්‍යවතුන් වහන්සේ මේක පෙන්වාදුන් නිසා" කියල. තේරුනගමන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එයාට පැහැදීම උපදිනව. ඒකයි දුක දකින කෙනාට ශ්‍රද්ධාව උපදිනවා කියල කියන්නෙ. ඒ නිසා තමයි දුක්ඛ ආර්ය සත්‍යය ගැන හොඳට සිහිකරන්න ඕනෑ වෙන්නෙ.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි!
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    අපිට දැන් ඔව්ව අහල අහල තිත්ත වුනාට ඇත්ත මචන්
    තෙරුවන් සරණයි!
     

    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0
    Good post :yes:
    reputation nam denna baluuu
    "You must spread some Reputation around before giving it to T h u s h again."