දුක දැනුණු හදවතක්
දුක දැනුණු හදවතක්
වැඩිමහලු සොයුරිය බැලීම පිණිස රත්නපුරයට ගොස් සිටි මා මෑණියනුත්, සොහොයුරියත්, මමත් පෙරළා එමින් සිටියෙමු. අප කෑගල්ලට ළඟා වන විට රෑ 9.30 ද පසුව තිබිණි.
කුරුණෑගල බලා ධාවනය කැරෙන බසයක් නොවී ය. අපි පැය කිහිපයක් බලා සිටියෙමු.
තව තවත් රෑ විය. අපේ සිත් ද වඩ වඩාත් බියෙන් පිරෙන්නට විය. බසයක සේයාවක් හෝ නොවීය.
මම අසලක වූ ත්රිරෝද රියක් වෙත ගියෙමි. එතුළ සිටි රියැදුරු මදෙස හොඳින් බැලුවේ ය.
‘මාමෙ, කුරුණෑගල බස් එක කීයට ද එන්නෙ?’ මම ඇසීමි.
‘අනේ පුතේ ඔයාල හුඟක් වෙලාවක හිටන් නේද ඔතන ඉන්නෙ? අන්තිම බස් එක ගියේ හයටනෙ. දැන් බස් එකක් නෑ.’ ඔහු දුක් වූයේ ය.
මා පත්වූයේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට ය. අප ආගියේ කොහේදැයි මම ඔහුට කීමි. අප කෙරෙහි අනුකම්පා කළ රියැදුරු තවත් එබඳු ම රියදුරකු හා කතිකා කරනවා මම දුටිමි.
‘පුතේ, ඔයාල බය වෙන්න එපා’ දැන් මෙතනින් කොළඹ බස් යනවා. මම ඔයාල ඒ බස් එකට ගොඩ කරවන්නම්. ඒකෙ ගිහින් වරකාපොළින් බැහැල එතනදි කුරුණෑගල බස් එකකට නැග ගන්න!’
ඒ සමඟ ම වාගේ කොළඹ බස් රථයක් එනු පෙනිණ. ඔහු තවත් කිහිප දෙනකු සමඟ බසය ඉදිරියට පැමිණ එය නැවැත්වීය.
අප එහි නැග්ගවූ හෙතෙමේ අප වරකාපොළින් බස්සන්නැයි කොන්දොස්තරගෙන් ද ඉල්ලීය.
වරකාපොළින් බැස ගත් අපට කුරුණෑගල බසයක් අල්ලා ගැනීමට හැකි විය. අපි ගෙදර ගියෙමු.
එදින අප වැටී සිටි කරදරය තේරුම් ගෙන අපේ පිහිටට ආ ත්රිරෝද රියැදුරාණනි, සෙසු මහත්වරුනි ඔබ සැමට යහපත සැලසේවා
උපුටා ගැනිම-silumina