දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
544221_4304138656521_165335276_n.jpg


මිගලුද්දක ප්‍රේත වස්තුව...

කූඨාගාර ප්‍රාසාද වල දිගු ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා.
ඒ රැය ගෙවී ගියාට පස්සේ හිරු උදාවෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා.
ඔබ විසින් කයෙන් වචකයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ?මොනවගේ කර්මයක විපාක නිසාද මේ වගේ දුකට පත් වුනේ?

“මං හිටියේ රජගහ නුවර ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ.
මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනේ නෑ. නමුත් මගේ යාළුවෙක් හිටියා හරි සුහදයි. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වූවා.

‘ළමයෝ පව් විතරක් කරන්ට එපා! අපායේ යන්ට එපා!’ කියලා. මරණින් මත්තේ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න.”

මගේ සැප කැමති, මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා, ඒ සියළු අවවාද මං කලේ නෑ.

බොහෝ කාළයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුව මං හිටියේ.
ඒ මහා ප්‍රඥාවන්ත උපාසක තුමා ආයෙමත් මට අනුකම්පා කරලා සීල සංවරයෙහි මාව පිහිටෙව්වා.

‘ඉතින් නුඹ දවල් කාළයේ සතුන් මරනවා නම්, අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා! කියලා’

ඉතින් මං දවල් කාළයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන්වෙලා සංවර වුනා.

ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා.
ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා, දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කර ගෙන කනවා.

යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
577897_399318876830399_1499732709_n.jpg



කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව.....

ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්, පා වල ආභරණ පැළැඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබළනවා.

ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි.
ඔබට යම් උපස්ථායිකාවක් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා.රන්වන් මුදුන්මල්කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකිනකොට ලොමුඩහ ගැන්වෙනවා.
එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා.

ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ. මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ.

“මං මනුස්ස‍ ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩ වලින්, වංචාවෙන්,
මං ගත කලේ.

එහේදි මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍යය කථා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරනය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ.
මං අනුන්ට නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා.
ඒ පිටුමස් කෑම නිසා අද මං මගේම පිටුමස් කනවා.”

මේ විදිහටයි එයා තමන්ව කන්නේ.

පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැක ගත්තා.

ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදී උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි.

කේළාම් කියන්න එපා!

බොරු කියන්න එපා!

මං කළා වගේ පිටුමස් කන්නත් එපා!

සාදු! සාදු!! සාදු!!!

නව වෙනි කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව.
(ප්‍රේතවත්තු පාළි - චූළ වර්ගය)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
timthumb.php


තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේගේ පෙර ආත්ම භාව පහකට පෙර මව වූ පේ‍්‍රතිය අරබයා මේ දේශනාව වදාළ සේක.
දිනක් සැරියුත්, මහමුගලන්, අනුරුද්ධ හා කප්පින යන හිමිවරු රජගහ නුවරට නුදුරු වනයක වැඩ වාසය කළා.
ඒ කාලයේ බරණැස් නුවර එක්තරා බමුණෙක් වාසය කළා. හෙතෙම මහත් වූ ධනය ඇති උපභෝග පරිභෝග වස්තු ඇති අයෙක්. ඒ බමුණා මහණ බමුණන්ට දුගී මගී යාචකයන්ට පැන් පොකුණු තනාදීම දන් පූජා කිරීම ආදී පිළිවෙත් සිදු කළා.
දිනක් බමුණා වෙනත් ප්‍රදේශයකට යන්නට සැරසී තම බිරිඳට කථාකොට කීවා.
“මා කරගෙන ආ මේ වැඩපිළිවෙල ඔබත් දිගටම කරගෙන යන්න. මහණ බමුණන්ට සැලකීම දුගීමගී යාචකයන්ට දන්දීම නොනවත්වාම සිදු කරන්නැ” යි කීවා.
ඇය “හොඳයි” කියා එය පිළිගත්තා.
නමුත් ඇය පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම නැවැත්වූවා. දුගී මගී පිරිස් ආ විට දිරා ගිය ශාලාවක් පෙන්වා එහි නිදාගනුව යි කීවා. කෑමට යමක් ඉල්ලු විට අසුචි කාපියව් කියා මුත්‍රා බීපියවු ලේ බීපියවු කියා කෲර ලෙස වචන කීවා.
පසු කාලයේදී ඇය මියගොස් කරන ලද අකුසල කර්මයෙහි විපාක වශයෙන් පේ‍්‍රත යෝනියෙහි උපත ලබා තමාගේ කර්මය අනුව දුක් වින්දා.
දිනක් සැරියුත් තෙරුන් වහන්සේ වෙසෙන විහාරයට ගොස් තමා මීට ආත්ම පහකට කලින් උන්වහන්සේගේ මව වූ බව පැවැසීමට සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා.
ඔබේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙන්නේ. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
“අනේ මම මීට කලින් ආත්මභාවවල ඔබ වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්දරින් මම දැන් පෙළෙනවා. බැහැර කරපු කාරලා වීසි කරන කෙළ, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ සැරව කකා නාසා ආදිය කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි.
ඒ වගේම සතුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. අනේ මට පිහිටක් නැහැ. ඉන්න තැනක් නැහැ. මං අමු සොහොන ඇඳම පිහිට කරගෙන ඉන්නේ.”
“අනේ පුතුණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා. ඒ පින මට අනුමෝදන් කරන සේක්වා. මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?”
කාරුණික් උත්තමයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන් වී සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා.
ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ පසු දින මහමුගලන් වහන්සේ ඇතුළු හිමිවරුන් තුන් නමකට ආරාධනා කොට උන්වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා හැසිරෙමින් බිම්බිසාර රජුගේ මාලිගයට වැඩියා. රජ සැරියුත් මහ රහතන් වහන්සේ දැක වැඳ
’’ස්වාමිනි, කුමක් නිසා වැඩි සේක්දැයි’’ ඇසුවා.
එවිට මුගලන් මහ රහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය කාරණය සැල කළා. එය තේරුම්ගත් රජතුමා රාජ පුරුෂයන් කැඳවා නුවරට නුදුරු සිහිල් සෙවණ හා ජලය ඇති වනයෙහි හතරැස් කුටියක් හැදුවා. ඒ කුටිය සිව් දිශාවෙන් වඩින සංඝ රත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා. ඒ පින දීපු සැනින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය. ඒ පේ‍්‍රතිය ඒ පින අනුමෝදන්ව දෙව්ලොව ඉපැද සියලු දෙයින් සමෘද්ධිව දෙවැනි දිනයෙහි මුගලන් තෙරුණුවන් කරා පැමිණ වැඳ පසෙකින් සිටියා. රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසුවා.
එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා.
පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බබලමින් ඉන්නේ හැම දිශාවම බබුළුවමින් ඉන්නේ ඕසධී තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?
මහනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකයේ ඉන්න කාලයේ දී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔබ බැබැලි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
මා මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ මව වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්නකින් මං පෙලුණා.
බැහැර කළ කාරල විසිකළ කෙළ සොටු සෙම පිළිස්සෙන මල සිරුරුවලින් උතුරන වැරුණු තෙල් දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වැගිරෙන ලේ සැරව කකා ස්ත්‍රි පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසයි.
සතුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි මම අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණෙත් නැහැ. මං අමු සොහොනේ ඇඳම පිහිට කරගෙන හිටියේ.
සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නැහැ. මම සතුටෙන් ඉන්නේ. ස්වාමිනි, ලෝකයෙහි කාරුණික මුනින්ද්‍රයන් වන ඔබවහන්සේ වන්දනා කර ගන්නටයි මම මේ ආවේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)
www.amadamvila.net
 
  • Like
Reactions: siripaala

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
timthumb.php

මත්තා සහ ඇයගේ සැමියා ජීවත් වුනේ සැවත්නුවර යි. ඇය ක්‍රෝධ සහගතයි. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කිසිවෙකුට පිහිට වීමට අකැමැති ආඩම්බරකාර තැනැත්තියක්. ඇයට දරුවන් සිටියේ නැහැ. නිතරම ද්වේෂයෙන් ජීවත් වීම ඇගේ ලක්ෂණයක්.
කාලයකදී තම කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මත්තාගේ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. ඔහු බොහෝ නිරහංකාර ශ්‍රද්ධාවන්ත නපුරු සිත් නැති තැනැත්තෙක්. ඔහුගේ දෙවැනි බිරිද වූයේ තිස්සායි. ඇයද ස්වාමියාට බොහෝ පක්ෂපාතියි. පි‍්‍රයශීලියි. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න විවාහයෙන් පසු ගැබිණියක් වූ ඇය පුතකු බිහි කළා. ඔහු ‘භූත’ නමින් හැඳින්වූවා.
තිස්සාගේ ගුණ යහපත්කම නිසා ස්වාමියා ඇයට බොහෝ ආදරය කළා. මත්තා මේ දෙදෙනාටම ඊර්ෂ්‍යා කළා. තිස්සාට බොහෝ විට වද හිංසා කළා. කාලයකදී මත්තා දුෂ්ඨ ගතිගුණ සමඟම මරණයට පත්වුණා. දිගහරින අතක් හකුලන වේගයෙන් ඇය පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. දිනක් ඇය තිස්සා වෙත පැමිණ පෙනී සිටියා.
තිස්සා- ‘ඔබේ ඇ‍ඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉළඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
මත්තා- ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට එන්න සිදුවුණේ.
තිස්සා- ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
මත්තා- මං ඒ කාලේ හරි නපුරුයි. පරුෂ වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ.
තිස්සා- ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නේ මොන කර්මයක් කළ නිසාද?’
මත්තා- දිනක් ඔබ හොඳට වතුර නාලා හිස සෝදලා හිටියේ. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මම කළේ ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වුණ එකයි. මම බලාගෙන හිටියා. ඔබ ස්වාමියාත් සමග බොහෝ වෙලා කතාබහ කරන හැටි. මට එතකොට පුදුම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් ඇතිවුණා. මම කළේ පස් ගොඩක් ගෙනැල්ලා ඔබේ ඇඟ පුරාම දැම්මා.
තිස්සා- ඔබ කියන ඔය දේ හරි. ඔබ ඒ කාලේ පස්වලින් මට දමල ගැහුවා තමයි.ඒත් දැන් ඔබ මුළු ඇඟම කස කසා ඉන්නේ මොන කර්මයක් නිසාද?
මත්තා- අපි දෙන්නම බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මම අරගෙන ආවේ කහඹිලියා ගෙඩි. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඔබ නිදා ගන්න ඇ‍ෙඳ් මම ඒ කහඹිලියා ගෙඩි විසිරවා දැම්මා. ඒ කර්මයේ විපාකය අනුව තමයි මට මෙහෙම කස කසා ඉන්න වුණේ.
තිස්සා- ඔය කියන දේ මම දන්නවා.’ ඒත් දැන් ඇයි ඔබ නිරුවස්ත්‍රව ඉන්නේ?
මත්තා- දවසක් අපේ ගෙදරට යාළුවෝ ඔක්කෝම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියා එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මම ඔබේ වස්ත්‍රය හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඒ කර්මයේ විපාකය තමයි මම දැන් නිරුවස්ත්‍රව ඉන්නේ.
තිස්සා- මත්තා ඔබ මගේ වස්ත්‍රය සොරකම් කළ බව මම දන්නවා ඒත් දැන් මම අහන්නේ ඔබ ළඟින් මේ තරම් අසුචි ගඳ ගහන්නේ ඇයි?
මත්තා- අනේ මම ඔබට අයිති සුවඳ මල්මාලා, සුවඳ විලවුන් වටිනා විලවුන් සියල්ලම එකතු එකරලා වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදුවූ වරදක්. ඒ වරදට තමයි මේතරම් අසුචි ගඳ ගහන්නේ.
තිස්සා -ඉතින් මොන වගේ දුකට පත්වෙලාද ඉන්නේ? තව මොනවගේ කර්ම කළාද?
මත්තා- ඒ ගෙදර තිබුණ ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දන් පින්කම් කරන්නට වස්තුව තිබියදී පවා තමන්ට පිහිට පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්මයට තමයි මම මෙතරම් දුක් විඳින්නේ. ඒ කාලයේ ඔබ කිව්වා ‘ නුඹනම් කරන්නේ පව්මයි. පව් කරලා නම් සුගතියේ උපත ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ’ කියලා’
තිස්සා- ඔබ මාව සැලකුවේ විරුද්ධකාරියක් ලෙසටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් පෙනෙනවනේ පව්වල විපාකවල තරම. ඔබේ ගෙදර සිටි දාසියන් තමයි දැන් ඔබේ ආභරණ පළඳන්නේ. සැප සම්පත් තාවකාලිකයි. දැන් අපේ ස්වාමියා කඩපිලේ ඉඳල ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම් එතෙක් ඉන්න.
මත්තා- අනේ මම නිරුවස්තරෙන් ඉන්නේ. මම විරූපියි. කටු ටික විතරයි නහරවැල් පෑදිලා ස්ත්‍රින්ට මේක ලැජ්ජාවට කරුණක්. ඔහුට මාව පෙන්වන්න එපා.
තිස්සා- එහෙමනම් මම ඔබට මොනවද දෙන්නේ?
මත්තා- භික්ෂූ සංඝයාගේ සංඝයා ලෙස භික්ෂුන් වහන්සේ හතර නමකුත් ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේ හතර නමකුත් කියන භික්ෂූන් අට නමකට දානයක් පිළිගන්වන්න. ඒ පින මට අනුමෝදන් කරන්න.
තිස්සා හොඳයි කියලා භික්ෂූන් වහන්සේ අට නමකට දානය පූජා කළා. සිවුරු පිරිකර පූජාකරලා ඒ පින අනුමෝදන් කළා. ඒ පින දීපු සැණින් පුණ්‍ය විපාක පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදිය සැප සම්පත් පහළ වුණා. මේ දානයෙහි ඵලය.
ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය තම බිරිඳ වන තිස්සා ඉදිරියේ පෙනී සිටියා.
පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබුලවන ඕසධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ මොනවගේ පිනක් නිසාද?
ඒ කාලේ මගේ නම මත්තා. ඔබ තිස්සා යි. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්ඳෑවරු වෙලා හිටියේ. අනේ මට පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට ආවේ. ඔබ දීපු දානේ නිසා මට දැන් කිසි දෙයකින් භයක් නැහැ. මම සතුටින් ඉන්නේ ඔබලා සැමදෙනාම නෑදෑයින් සමගින් බොහෝ කලක් ජීවත් වෙත්වා! මත්තා ප්‍රාර්ථනා කළා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net