දුටුත් නොදුටුසේ ඇයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුටුත් නොදුටුසේ ඇයි

    අනන්තයක් බඳු ලෝක ධර්මයේ හදවත වු දේශයක උපදින්න ලැබීමත් මහත් වාසනාවකි. එහෙත් එක් මාවතකින් යා යුතු අන්ත දෙකක් එම මාවතේම දෙපැත්තට ගමන් කරයි කීවොත් මා නිවැරදිය.කෙටියෙන් කීවොත් සකිය දනව්වට රෝද දෙකම කැරකවෙන්නේ නැතිව එක ඉදිරියටත් එකක් පසුපසටත් කැරකැවුනොත් කුමක් සිදු වේද.?
    ලෝක දහමේ කොටස් ගෙන මිනිසුන්ට තේරෙන අයුරින් දේශනා කල දේශකයානෝ බොහොමයක් ලොව බිහිවී ඇත. ඔවුන් දේශනා කලේ මිනිස් දිවි පැවත්ම යහමගට ගෙන ඒමේ ක්‍රියාවලියකි. ධර්මය වනාහි හොඳ නරක තෙරුම් කර දෙන සූත්‍රයකි.
    නීතිය ධර්මයට පසුව බිහිවු දෙයකි. මන්ද ලෝක ධර්මය මිනිසුන් බිහිවීමට කලින් බිහිවී තිබුනු බැවිනි. ධර්මයත් වර්ථමාන නීතියත් ඝර්ටනයක (හැප්පිමක )යෙදේ. නීතියෙන් කරන්නෙද මිනිසුන් නරකින් ඈත් කර හොඳ කියන අරුතේ බැඳ තබා ගැනීමය.
    එසේනම් ඔබට වටහා ගැනීමට හැකි උදාහරණයක් ගෙනහැර දැක්වුවහොත් මිනිසා කල නොකල කටයුටු අප දහමේ මනාවට සිඟාලොවාද සූත්‍රයේ එවගේම පංච සීලයේ සඳහන් වේ. සුරාව ,සූදුව, අනුන්ගේ දේ ගැනීම,බොරු කීම ප්‍රාණගාතය මිනිසා පරිහාණියට පමුනුවන සාධකය.
    සිඟාලොවද සූත්‍රය ,පංච සීලය ගෙන හැර දැක්කුවොත් නීතිය හා ධර්මය අතර ඇතිවන ඝර්ඨනය මනාලෙස පිළිබිඟු වේ.
    සුරාව ,දහම අනුව තහනම්ය . නමුත් රාජ්‍ය නීතිය මගින් බලපත් නිකුත්කර මත් පැන් නිෂ්පාදනය බෙදාහැරීම විකිනීම කෙරෙති
    සුදුව,දහම අනුව තහනම්ය, නමුත් අද කැසීනෝ ,ලොතැරයි වැනි සූදු නිත්‍යානුකූල කර ඇත
    ප්‍රාණගාත, දහමට අනුව තහනම් ය ., නමුත් බලපත් ඇති සත්ව ගාතනාගාර ඇත එවගේම මස් මාංශ වෙලදාම තහනමකින් තොරව කෙරෙති
    මෙයින් නීතිය හා ධර්මය අතර ඇති හැප්පීම ,නොගැලපීම මනාවට පිළිබිඟුවේ , දහම හා නීතිය අන්ත දෙකකි නමුත් මෙ දෙකෙන්ම මිනිසා යහමගට ගැනීමට උත්සහා කරයි
    පිස්සාට නම් තේරුන විදිය මෙසේයි, ඔබට කෙසේද මෙය වැටහෙන්නේ.....?


    මා දකින හා බලන විදියට වඩා පැහැදිලි විදියකින් ,ඔබට දකින්නටත් පෙනෙන්නටත් පුළුවනි