දුන්දේ සුවඳ පවතී ලොව සැමදාම !!

blue_in_rio

Well-known member
  • දුන්දේ සුවඳ පවතී ලොව සැමදාම !!

    දිනය පසුගිය සෙනසුරාදාය.වේලාව දහවල් දෙකට පමණ ඇත.මම නිවස බලා යන බසයක අසුනකටවී බර කල්පනාවක උනිමි.මගේ දැහැන බිඳී ගියේ ගොරහැඩි හඩින් කන වැකුණු දුක් ගැනවිලි කවියකිනි.කවිය කී පුද්ගලයා අවුරුදු පනහක පමණ පෙනුමකින් යුතු තරමක දුර්වර්ණව ගිය ඇදුමකින් යුතු යාචකයෙකි.කවියකටත් වඩා සැබැවින්ම ඔහු කීයේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයකි.( මම එය මෙහි පහලින් දමමි )ගීතයෙහි තාලයක් නැතත්, බස් වියදමට අමතරව මගේ සාක්කුවේ රුපියල් දහයක් පමන ඉතිරිව තිබූ නිසා ඔහු ළගට එනතුරු මම ඔහේ බලා සිටියෙමි.

    මට ඉදිරි අසුනේ සිටියේ මනාව හැඳ පැලැඳගත් තරුණයෙක් හා මැදි වියේ පුද්ගලයෙකි.යාචකයා ඔවුන් සිටින තැනට ආ විගස පෙර කී තරුණයා සිය පසුම්බියෙන් මුදලක් ගෙන ඔහු අත තැබීය.යාචකයාගේ පිං දීමෙන්, ඒ රුපියල් විස්සක් බවත්,මැදි වියේ පුද්ගලයා අහක බලාගෙන සිටිනුත් මම දුටිමි.සිගන්නා බැස ගිය පසු, අර පුද්ගලයාගෙන් ලොකු දේශනයකි.මුන් සොරුන් බවත්, සිගන්නන් යැයි කියනා කිසිවෙක් මේ කොළඹ දැන් නැති බවත් කියමින් තරුණයා කල දේ මෝඩ වැඩක් බව ඔහු කීවේය.තරුණයා කලේ නිහඩව සිනා සීම පමණකි.

    බසය පිටත් වීමට සූදානම් විය.අත් දෙකේම වලමිටෙන් පහල නැති තවත් සිගන්නෙක් බසයට ගොඩ විය.මගේ සාක්කුවෙන් පසුම්බිය ගෙන මුදලක් දීමට ඇති කම්මැලි කමෙන් මම ඔහුට කිසිවක් දෙම්දෝ, නොදෙම්දෝ සිතත්දී, අර තරුණයා නැවතත් පෙර මෙන් යම් මුදලක් ගෙන දෑත් නැති පුද්ගලයාගේ බෙල්ලේ එල්ලාගත් බාජනයට දැමීය.ඔහුගේ දිරි ගැන්වීමෙන්ම, මමද දහයේ කාසියක් ගෙන එයට දැමීමි.ඔහු බැස ගිය පසු නැවතත් අර පුද්ගලයාගෙන් තරුණයාට දේශනයකි.දෙ අත් නැතත් ඔහු සල්ලි හොයන්නේ කුඩු ඉරීමට බව, ඔහු කීය.තරුණයාගේ ප්‍රතිචාරය පෙර මෙන්ම නිහඩව සිනාසීම පමණකි.

    මගදී නැවතත් සිගන්නෙක් බසයට ගොඩ විය.හෙතෙම හොදින් අත් පා තිබූ, කිසිසේත්ම සිගා කන්නට තරම් නොවන තරුණයෙකි.ඔහුගේ අම්මා ලෙඩගානේ බවත්, ආබාධිත නංගීට සිටින එකම පිළිසරණ තමා බවත් කියා ඔහු සිගා කයි.බැලු බැල්මටම එය බොරුවක් බව හොදින්ම පෙනෙයි.එහෙත් අර තරුණයා ඔහුටද යමක් දෙනු බසයෙන් පිටත බලා සිටි මට ඇස් කොනෙන් පෙනුනි.දැන් නම් මැදි වියේ මිනිසාගෙන් ඔහුට හොඳ දේශනයක් අසන්නට වනු ඇත.

    මා සිතූ ලෙසම එය සිදුවිය.එහෙත් අර තරුණයාගේ ප්‍රතිචාරය පෙර මෙන් නොවීය.ඔහුගේ මුවගට සමච්චල් සිනහවක් එක් වී තිබුණි.අන්කල් යැයි ඔහු මිනිසා අමතා, උත්තර දෙනු දක්නට ලැබුණි.ඔහුගේ පිළිතුර මම ඔහුගේ වචන වලින්ම පහතින් දමමි.

    අන්කල් බුද්දාගමේද ?

    අපෝ ඔව්.

    එහෙනම් අන්කල් දන්නවද, දන් දෙන එකේ තියෙන ආනිසංශයි, ඒ වගේම දන් දෙන කෙනෙක්ව ඒකෙන් වලක්වන එකෙයි තියෙන බරපතල අකුසල් ගැනයි ?

    දන්නේ නැත්නම් මම කියලා දෙන්නම්.අන්කල්, දැන් ඔය ආපු අය කලින් කරන ලද අකුසල් නිසා තමයි මෙහෙම අනුන්ට අත පාන්න වෙලා තියෙන්නේ.ඒක බොරුවට කලා උනත්, මේ පල දෙන්නේ ඒ කරුම තමයි.අනික කෙනෙකුට දෙයක් නොදීපු හෝ, දෙන එකත් වලක්වපු පව.අන්කල්, මම වගේ අය අද මෙහෙම ඉන්නේ, අපි කලින් දීලා තියෙන නිසා.කෙනෙක් දන් දෙන එකෙන් වෙන්නේ තමන්ට නැවත සැප සම්පත් ලැබෙන එකම නෙමෙයි.ඒකෙන් කුසල් පැත්තත් වැඩෙනවා.ඒ කිව්වේ, දන් දීමේ පුරුද්ද ඇති උනාම, හැම දේම ඇත් හැරලා මේ සසරින් මිදෙන්න පහසුයි.දන් දීම දස පාරමිතා ධර්මවල උඩින්ම තියෙන්නෙත් ඒකයි.මේ අය අපිට බොරු කියලා සල්ලි ගන්න එකවත්, අපෙන් ගන්න සල්ලිවලින් කරන්නේ මොනවද කියන එකවත් අපිට අදාල නැහැ.මොකද දානය නියමිත විදියට සම්පූර්ණ වෙන්න නම්, ගන්න කෙනා ඒ දේට කරන්නේ මොනවද කියන එක දීපු කෙනාට වැදගත් නැහැ.මොකද අපි ගතින් වගේම සිතිනුත් ඒ දේ අත්හැරලා නම් තමයි නියම විදියට දන් දුන්නා වෙන්නේ.

    එතකොට දන් දෙන එක වලක්වන පව.ඒක නම් බොහොම බරපතලයි අන්කල්.මොකද දන් දෙන එක වළක්වන කෙනා, පාර්ශව තුනකට අයහපතක් කරනවා කියලයි බුදු දහමේ කියවෙන්නේ.එකක්, කාට හෝ ලැබෙන්න තියෙන දෙයක් නැති කරන එක.අනික දන් දීලා ලබන්න තියෙන පිනක්, කුසලයක් නැති කරන එක.මේ පාර්ශව දෙකටම හානි කරලා, ඒ කෙනා තමන්ටම කර ගන්න හානිය.අන්කල්, ජීවිතේ කියන්නේ හරියට තණ අග පිණි බිඳක් වගේ.මෙහෙම හොඳට ඉන්න මම බස් එකෙන් බහිද්දි වාහනේකට යට වෙලා මැරෙයිද කියලා කාටද කියන්න පුලුවන්.ඒක නිසා අන්කල්, හැකි හැම වෙලාවෙම පිනක් දහමක් කර ගන්න බලන්න.මම නම් මගේ ලඟට අත පාගෙන එන මිනිස්සුන්ව සලකන්නේ දේව දූතයෝ විදියට.ඒ අය අපිට, පින් කරන්න, කුසල් වඩන්න උදව් කරන දේව දූතයෝ.අමතක කරන්න එපා අන්කල්, මිනිස් ජීවිතයක් ලබන්න ලේසි නෑ.ඒ වගේම මේ වගේ දර්මය තියෙන කාලෙක, මේ වගේ රටක, මිත්‍යා දෘශ්ටි නැති තැනක උපදින්න කොහෙත්ම ලේසි නෑ.මොකද දර්මය දැනගෙන දර්ම මාර්ගයේ යන්න කියලා දෙන්න වෙන කොහේවත් නෑ. අනික අපිට ඊලඟ බවේ මොනවා වේයිද කියලා කාටද කියන්න පුලුවන්.ඉතින් ඇයි අපි ලැබෙන චාන්ස් එක මිස් කරන්නේ.කියලා දෙන්න නම් ගොඩක් දේවල් තියෙනවා අන්කල්, ඒත් මම ඊලඟ හෝල්ට් එකෙන් බහිනවා.මම කියපු දේවල් වලින් අන්කල්ගේ හිත එහෙම රිදුනා නම් මට සමාවෙන්න.ඒත් අන්කල් නොදන්න කමින් පව් කර ගන්නවා බලන් ඉන්න බැරි නිසයි මම මෙහෙම කිව්වේ.මම යනවා, බුදු සරණයි !!


    මට කිසිවක් සිතා ගත නොහැකිය.ඇත්තෙන්ම අපි සිතන්නේ කොතරම් පටු ලෙසද ? මේ වැඩි වයසක අයෙකු නොවේ.තරුණයෙකි.එහෙත් ඔහුගේ දැක්මේ සුවිසල් බව.ඔහු දැන් සිටම මේ සසරේ දුක දැනගෙන ඉන් මිදීමට පුරුදු පුහුණු වෙයි.මට වැඩියෙන්ම සිතට වදින්නේ ඔහු කී දන් දීම වළක්වන පව ගැනයි.ඔබත් කවදා හෝ කෙනෙක් දෙන දෙයක් වලක්වා තිබේද ? බස්වලට එන පුද්ගලයන්ට රැවටෙන්නට එපා යැයි, කෙනෙක්ට කියා ඔහුව දානයෙන් ඈත් කොට තිබේද ? අනුවණ කමින් පව් සිදු කරගෙන ඇත්ද ? මදක් සිතා බලන්නට කාලයයි මේ......

    ඔබේ පහන් සංවේගය පිණිස මුලින් කී යාචකයා ගැයූ, සුනිල් එදිරිසිංහයන්ගේ ගීය පහතින් පල කරමි,

    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    යසට හැදුනු කය පොළොවට දිරා යති
    අපට නොවෙයි බඹුටත් මරු ලඟා වෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනාම
    ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
    දුන්දේ සුවඳ පවතියි ලොව සැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වලඳන්න එපා
    අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවණ කමින් පව් සිදු කර ගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා !!

    තෙරුවන් සරණයි !!


     
    කොළඹ ඉන්න තරමක් ඉන්නේ වංචා කාරයෝ තමයි බං. ඇත්තටම අසරණ මිනිහෙකුට ඉල්ලන්න දෙන්නේ නෑ.
    ඔහොම මොකා ඉල්ලුවත් දෙන මී හරක් ඉන්නවා. උන් කරන්නේ වංචා කාරයින්ව තවත් දිරිමත් කරන එකයි. ආගම එකක්. මෝඩ කම තව එකක්.
     

    blue_in_rio

    Well-known member
  • වැද්ගත් දෙයක් මච්න්... බුදුසරනයි

    ade patta katawa

    samahara welawata mamat boru karayo wage pena higannonta nam denne na salli

    ea unata ada idala kawuru ata pawat tiyena ganak denawa.. saadu saadu

    great story mchan :)
    mamath godak welawata amu horu kiyala dana danath salli denawa godak unata ,ata tiyena widihata.

    පිං සිද්ද වේවා !

    +5

    එල එල මචන්, අපි මොනවා කලත්, අන්තිමට කරපු පව් පින් විතරයි අරන් යන්නේ :yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යථාර්තය අවබෝධ කරගත් කොල්ලෙක්.
    තමන් ලගට දෙයක් ඉල්ලගෙන එන කෙනෙක්ව
    දෙන්න දෙයක් තියෙනවනම්
    කිසිදාක හිස් අතින් යවන්නෙපා.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
    ඒ නිසා වංචා කාරයෙක් බව දැන දැනත් "යහපතක් වේවා" කියල හිතල එයාට උනත් පිනට යමක් දුන්නොත් ආනිසංස ලැබෙනව.
    බුදුරජාණන්වහන්සේ අංගුලිමාල ට උපකාරී උනේ මිනීමරන කෙනෙක් බව නොදැන නොවෙයි නෙ
    මෙතන තියෙන්නෙ අපේ අතහැරීමේ ශක්තිය පමණයි.
    රුපියල් 20ක් වගේ සුළු මුදලක් වත් අතෑරගන්න බැරි නම් සංසාර ගමන තව ගොඩක් දුරයි යාළුවනේ
    තෙරුවන් සරණයි ඔබට
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • යථාර්තය අවබෝධ කරගත් කොල්ලෙක්.
    තමන් ලගට දෙයක් ඉල්ලගෙන එන කෙනෙක්ව
    දෙන්න දෙයක් තියෙනවනම්
    කිසිදාක හිස් අතින් යවන්නෙපා.

    You must spread some Reputation around before giving it to Mr:Virus again. :(:(
     

    blue_in_rio

    Well-known member
  • ane manda bn api hithana widiya thamai wenas wenna ona... good post rep++

    චගු;18414066 said:
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
    ඒ නිසා වංචා කාරයෙක් බව දැන දැනත් එයාට උනත් පිනට යමක් දුන්නොත් ආනිසංස ලැබෙනව.
    බුදුරජාණන්වහන්සේ අංගුලිමාල ට උපකාරී උනේ මිනීමරන කෙනෙක් බව නොදැන නොවෙයි නෙ
    මෙතන තියෙන්නෙ අපේ අතහැරීමේ ශක්තිය පමණයි.
    රුපියල් 20ක් වගේ සුළු මුදලක් වත් අතෑරගන්න බැරි නම් සංසාර ගමන තව ගොඩක් දුරයි යාළුවනේ
    තෙරුවන් සරණයි ඔබට

    ඔව් මචන්, බින්දුව බින්දුව එකතු වෙලා තමයි මහ මුහුදක් උනත් හැදෙන්නේ....අපි තාම පරක්කු නෑ....ටික ටික හරි දැන්ම ඉඳන්ම අතහරින්න පුරුදු උනොත් තමයි, කවදා හරි මේ බැදීම් වලින් මිදෙන්න පුලුවන්. :yes::yes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා !!
    බුදුසරනයි ++
     
    • Like
    Reactions: blue_in_rio

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සුපිරියි මචං. සිරාම කතාව. මමත් කියන්නේ දන් දීලා රිටර්න් එකට මේවා මේවා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලයි. ඒකේ කුසලය අපිට අනිවාර්යයෙන් තියෙනවා පිහිටනවා. හරියට අර දේවාලෙකට කීයක් හරි දීලා යාතිකා කියනකොට නම පොඩ්ඩක් වැරදුනත් කලබල වෙන මිනිස්සු වගේ. දෙවියන්ටත් පගාවක් දීලා වැඩේ කරගන්න ටයිප් අය ඉන්නේ. මම නම් කියල තියෙනවා ඔය නම වරද්ද්ලා කිව්වම කලබල වෙන අයට පිං දෙද්දී අනිවාර්යයෙන් ID නම්බරෙත් දෙන්න කියලා. මොකද සම හරක් හිතන් ඉන්නේ නම වැරදිලා පින වෙන කෙනෙක්ගේ ඇඩ්‍රස් එකට යයි කියලා :lol::lol:

    බොහොම ස්තූතියි අපිත් එක්ක මේවගේ වැදගත් දෙයක් බෙදාහදාගත්තට:yes:

    රෙප් ++
     
    • Like
    Reactions: blue_in_rio

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සහතික ඇත්ත. දෙන කෙනාගෙ චේතනාවයි වැදගත්. ගන්න කෙනා කරන දේ නෙවෙයි.
     
    May 28, 2015
    377
    67
    0
    ඌ කියන එක ඇත්ත. ඒත් දෙන දේ යහපත් මනුස්සයෙක්ට දෙනවා නන් ඒකෙන් වෙන පින වැඩියි මන් හිතන්නේ. අනික කුඩු ගහන එකෙක් කියල හොඳටම ශුවර් නං ඌ අපි දෙන සල්ලි වලින් කුඩු ගහලා මොන මොන අපරාධ කරයිද කවුද දන්නේ?
     
    ඌ කියන එක ඇත්ත. ඒත් දෙන දේ යහපත් මනුස්සයෙක්ට දෙනවා නන් ඒකෙන් වෙන පින වැඩියි මන් හිතන්නේ. අනික කුඩු ගහන එකෙක් කියල හොඳටම ශුවර් නං ඌ අපි දෙන සල්ලි වලින් කුඩු ගහලා මොන මොන අපරාධ කරයිද කවුද දන්නේ?

    ඕනවට වැඩිය භක්තිය වැඩි උනහම අපරාධ කාරයෝ, කුඩු කාරයෝ, බොරු කාරයෝ, බේබද්දෝ ඔක්කොම ෆෝම් කරලා වෘත්තීය මට්ටමට පත් කරන මෝඩ මී හරකෙක් ගැන කතාවක් මේක බං.