දුන්නා_දුන්නා

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් තීරණ දැනුම්දීම වෙනුවෙන් අද (31) රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

    ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර එය පහත පරිදිය.


    ලියාපදිංචි කිරීමකින් තොරව භාවිත කරනු ලබන යතුරුපැදි ලියාපදිංචි කිරීම. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබේ.

    පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි ‍බොහෝමයක් භාවිත කරනු ලබයි.

    ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර, රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. :love::love::love:

    http://sinhala.adaderana.lk/news/63631/
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ග්‍රාමීය ආර්තිකය නගා සිටුවන්නැනෙ හොන්ට් ජේඩ් ඒ හින්ද ඒවට ඉඩ දෙයිද දන්නෑ. දුන්නොත් හොදයි අපරාදෙ නැත්නම් සල්ලි දීල ගත්ත බයික්.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Japan Bike ekak aran register karanda puluwan weida e kiyanne ? :eek:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්
    ,

    dan horen genapu jap bikes aran gihin illan kanna epa. :rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෙටි කාලෙකට ඔයවගේ නීති ගේන්නේ මොනවගේ බලපොරෝත්තුවලටද කියලා උඹලා නොදන්නවා වෙන්න බැහැ