දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,682
    13,432
    113

    yokohamafuji.jpg

    මහාචාර්ය යමමොටෝ වයෝවෘද්ධ විද්‍යාඥයෙකි. පසුගිය සතියේ ජපානයේ කල සංචාරයේදී මට ඔහුව හුමුවුණේ වැඩමුළුවක දිවා භෝජන විරාමයේදීය. වාසනාවකට අප දෙදෙනා තරමක වෙනස් විෂය පථ වලට අයත් වූ බැවින් අපේ කථාව විද්‍යාවෙන් ඈතට ගියේය.

    "ඔබේ රටේ දුප්පතුන් ප්‍රතිශතයක් ලෙස කීයද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

    "එහෙම කට්ටියක් අපේ රටේ නැහැ" යමමොටෝ මහතා මෘදු ස්වරයෙන් කිවේය. වියපත් ඔහුගේ කටහඬේ ඇත්තේ වෙව්ලන ස්වරයකි.

    "ඔබ කොහොමද එහෙම කියන්නේ. ඕනෑම රටක දුප්පතුන් ප්‍රතිශතයක් සිටිනවා".

    "ජපන් ජාතිකයන්ගේ අදහස අනුව දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. අපේ රටේ එහෙම අය දැන් නැහැ"

    "කලින් හිටියද?"

    "ඔව්, මට මතක ඇති කාලය වන විට මගේ පිය සහ මව දුප්පතුන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට ආර්ථික වශයෙන් බිමට සමතලා වුනා", යමමොටෝ මහතා ඉතා සෙමෙන් වචන ගලපයි.

    "අපි කෑවේ බිව්වේ රජයෙන් නොමිළේ ලැබුණු ආහාර පාන. ඒ සඳහා අපේ පවුලට සළාක පොතක් දීල තිබුණා. ඇදුම් පැළදුම් පවා සලාකයට අපට ලබා දුන්නා. අපේ තාත්තා මේ ගැන බොහොම ලජ්ජා වුණා. වරක් ඔහු මිතුරෙකු සමග රණ්ඩුවකට පවා පැටලුනා ඔහුව දුප්පතෙකු යයි ඇමතූ නිසා".

    "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".

    "ටික කාලෙකට පස්සේ රජයෙන් ඉල්ලීමක් කළා ඇති හැකි තත්වයට පත්වන අය සළාක පොත් නැවත බාර දෙන ලෙස. අපේ ගමෙන් මුළින්ම සලාක පොත බාර දුන්නේ මගේ පියා. ඒ ගැන ඔහු මැරෙන තුරුම උදම් ඇනුවා. 1950 ගණන්වල මැද භාගේදී මේ සළාක ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කළා. ඒ තමයි රටේ දුප්පතුන්ගේ අවසන් වීම. ගමේ හැමෝම එදා උත්සව පැවැත්වුවා".

    70 දශකයේ අග භාගයේදී ලංකාවේ සළාක කූපනය හෙවත් හාල් පොත අහෝසි කළදා මට තවමත් මතකය. ගුවන් විදුලිය හරහා අයවැය කියවීම අසා සිටි බොහෝ දෙනා මේ ප්‍රවෘතිය කණ වැකෙත්ම දරුණු ලෙස උරණ වුහ. අපගේ අසල්වැසියෙක් මිදුලට පිවිස "ඔය කාලකණ්නි මිනිහගේ ඔලුවට හෙණ හතක් පාත්වෙන්න ඕනේ" කියමින් එවකට සිටි පාලකයාට මහා හඬින් සාප කරන්න විය.

    workers-strike.jpg

    දුප්පත්කම යනු දකුණු ආසියාතික දේශපාලනයේ කප් රුකයි. මා දකින්නේ මෙය සමාජවාදය විසින් ලොවටම කියා දුන් පාඩමක් ලෙසයි. අපේ සෑම දේශපාලකයෙක්ම සටන් වදින්නේ දුප්පතුන් වෙනුවෙනි. ඒ දුප්පත්කම රැකගැනීම සඳහාය. එසේ නොමැතිව දුප්පත්කම තුරන් කිරීම සඳහා නොවේ.

    ජපනාට දුප්පත්කම ලැජ්ජාවකි. ලාංකිකයාට එය ආයුධයකි.

    "අපි දුප්පතුන් වෙනුවෙන් මරණය තෙක් සටන් කරමු".

    "දුප්පතාට නොමිළේ දෙන දෙයට අත නොතබනු".

    "අපේ ශක්තිය දුප්පත් කමයි".

    මේ, ලාංකික දේශපාලකයා දුප්පත්කම උත්කර්ෂවත් කරන සටන් පාඨයි. දුප්පත්කම ආභරණයක් බැවින් එය සදාකාලිකවම ගෙලේ එල්ලාගෙන සිටීමට ඔවුන් ජනතාව පොළඹවයි.

    දුප්පත්කම තදින්ම උත්කර්ෂයට නංවන දේශපාලකයන් සහ ඉහළ පෙලේ වියතුන් කිහිප දෙනෙකුගේ දරුවන් මම පෞද්ගලිකවම හඳුනමි. ඔවුන්ගෙන් සමහරෙක් ඇමරිකාවේය, නැත්නම් යුරෝපයේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටියත් තරු පහෙන් පහළට සුළු වෙලාවකට හෝ බසින්නේ ඔවුන්ටත් දේශපාලනය කිරීමට අවශ්‍ය නම් පමණි.

    ජපානයත් ලංකාවත්, පටන්ගත් ස්ථානයත් අද සිටින ස්ථානයත් අතර වෙනස තීරණය කිරීමට මේ කාරණය බෙහෙවින් පාදක වන්න ඇති බව මගේ හැඟීමයි.

    දේශපාලකයාට දුප්පත්කම ආරක්ෂා කරගත යුතුවන්නේ ඔහුට සාධනීය දේශපාලනයක් කරගැනීමට තරම් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වූ විටය. සාධනීය දේශපාලනය කටුකය. එය කල් ගත වන ව්‍යාපෘතියකි. ජපානය මේ සඳහා දශකයක පමණ කාලයක් ඉතා දුෂ්කර ගමනක් ගියේය. සිංගප්පුරුවට, තායිවානයට සහ දකුණු කොරියාවට ඊට වඩා අඩු දුෂ්කරතාවයකින් දශක තුනක් පමණ ගත කරන්න සිදු විය. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තවමත් ගමන් කරයි. මන්ද ඔවුන්ගේ දේශපාලනයේ යම් කොටසක් තවමත් දුප්පතුන් මත යැපෙන බැවිනි.

    සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.

    uni-students.jpg

    Source http://chandimagomes.blogspot.com/2017/02/blog-post.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මාත් එක්ක දේශපාලනමය වශයෙන් ඇරගන්නව තමා.....
    නමුත් මේ කියල තියන දේට නං මට කියන්න තියෙන්නේ......

    හෙල් යේහ්.......
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,682
    13,432
    113
    උඹ මාත් එක්ක දේශපාලනමය වශයෙන් ඇරගන්නව තමා.....
    නමුත් මේ කියල තියන දේට නං මට කියන්න තියෙන්නේ......

    හෙල් යේහ්.......

    ගැටුම් මතවාදීව පමණක් තිබුනම හොදටම ඇති
    ඒ අතින් උබ අනිත් එවුන්ට වඩා හොදයි
    මේකේ ඉන්නේ ගොඩක් එවුන්ට දරගනිමක් නෑ
    අම්මා මතක් කරලා තමයි පටන් ගන්නේ
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....

    yokohamafuji.jpg

    මහාචාර්ය යමමොටෝ වයෝවෘද්ධ විද්‍යාඥයෙකි. පසුගිය සතියේ ජපානයේ කල සංචාරයේදී මට ඔහුව හුමුවුණේ වැඩමුළුවක දිවා භෝජන විරාමයේදීය. වාසනාවකට අප දෙදෙනා තරමක වෙනස් විෂය පථ වලට අයත් වූ බැවින් අපේ කථාව විද්‍යාවෙන් ඈතට ගියේය.

    "ඔබේ රටේ දුප්පතුන් ප්‍රතිශතයක් ලෙස කීයද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

    "එහෙම කට්ටියක් අපේ රටේ නැහැ" යමමොටෝ මහතා මෘදු ස්වරයෙන් කිවේය. වියපත් ඔහුගේ කටහඬේ ඇත්තේ වෙව්ලන ස්වරයකි.

    "ඔබ කොහොමද එහෙම කියන්නේ. ඕනෑම රටක දුප්පතුන් ප්‍රතිශතයක් සිටිනවා".

    "ජපන් ජාතිකයන්ගේ අදහස අනුව දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. අපේ රටේ එහෙම අය දැන් නැහැ"

    "කලින් හිටියද?"

    "ඔව්, මට මතක ඇති කාලය වන විට මගේ පිය සහ මව දුප්පතුන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට ආර්ථික වශයෙන් බිමට සමතලා වුනා", යමමොටෝ මහතා ඉතා සෙමෙන් වචන ගලපයි.

    "අපි කෑවේ බිව්වේ රජයෙන් නොමිළේ ලැබුණු ආහාර පාන. ඒ සඳහා අපේ පවුලට සළාක පොතක් දීල තිබුණා. ඇදුම් පැළදුම් පවා සලාකයට අපට ලබා දුන්නා. අපේ තාත්තා මේ ගැන බොහොම ලජ්ජා වුණා. වරක් ඔහු මිතුරෙකු සමග රණ්ඩුවකට පවා පැටලුනා ඔහුව දුප්පතෙකු යයි ඇමතූ නිසා".

    "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".

    "ටික කාලෙකට පස්සේ රජයෙන් ඉල්ලීමක් කළා ඇති හැකි තත්වයට පත්වන අය සළාක පොත් නැවත බාර දෙන ලෙස. අපේ ගමෙන් මුළින්ම සලාක පොත බාර දුන්නේ මගේ පියා. ඒ ගැන ඔහු මැරෙන තුරුම උදම් ඇනුවා. 1950 ගණන්වල මැද භාගේදී මේ සළාක ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කළා. ඒ තමයි රටේ දුප්පතුන්ගේ අවසන් වීම. ගමේ හැමෝම එදා උත්සව පැවැත්වුවා".

    70 දශකයේ අග භාගයේදී ලංකාවේ සළාක කූපනය හෙවත් හාල් පොත අහෝසි කළදා මට තවමත් මතකය. ගුවන් විදුලිය හරහා අයවැය කියවීම අසා සිටි බොහෝ දෙනා මේ ප්‍රවෘතිය කණ වැකෙත්ම දරුණු ලෙස උරණ වුහ. අපගේ අසල්වැසියෙක් මිදුලට පිවිස "ඔය කාලකණ්නි මිනිහගේ ඔලුවට හෙණ හතක් පාත්වෙන්න ඕනේ" කියමින් එවකට සිටි පාලකයාට මහා හඬින් සාප කරන්න විය.

    workers-strike.jpg

    දුප්පත්කම යනු දකුණු ආසියාතික දේශපාලනයේ කප් රුකයි. මා දකින්නේ මෙය සමාජවාදය විසින් ලොවටම කියා දුන් පාඩමක් ලෙසයි. අපේ සෑම දේශපාලකයෙක්ම සටන් වදින්නේ දුප්පතුන් වෙනුවෙනි. ඒ දුප්පත්කම රැකගැනීම සඳහාය. එසේ නොමැතිව දුප්පත්කම තුරන් කිරීම සඳහා නොවේ.

    ජපනාට දුප්පත්කම ලැජ්ජාවකි. ලාංකිකයාට එය ආයුධයකි.

    "අපි දුප්පතුන් වෙනුවෙන් මරණය තෙක් සටන් කරමු".

    "දුප්පතාට නොමිළේ දෙන දෙයට අත නොතබනු".

    "අපේ ශක්තිය දුප්පත් කමයි".

    මේ, ලාංකික දේශපාලකයා දුප්පත්කම උත්කර්ෂවත් කරන සටන් පාඨයි. දුප්පත්කම ආභරණයක් බැවින් එය සදාකාලිකවම ගෙලේ එල්ලාගෙන සිටීමට ඔවුන් ජනතාව පොළඹවයි.

    දුප්පත්කම තදින්ම උත්කර්ෂයට නංවන දේශපාලකයන් සහ ඉහළ පෙලේ වියතුන් කිහිප දෙනෙකුගේ දරුවන් මම පෞද්ගලිකවම හඳුනමි. ඔවුන්ගෙන් සමහරෙක් ඇමරිකාවේය, නැත්නම් යුරෝපයේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටියත් තරු පහෙන් පහළට සුළු වෙලාවකට හෝ බසින්නේ ඔවුන්ටත් දේශපාලනය කිරීමට අවශ්‍ය නම් පමණි.

    ජපානයත් ලංකාවත්, පටන්ගත් ස්ථානයත් අද සිටින ස්ථානයත් අතර වෙනස තීරණය කිරීමට මේ කාරණය බෙහෙවින් පාදක වන්න ඇති බව මගේ හැඟීමයි.

    දේශපාලකයාට දුප්පත්කම ආරක්ෂා කරගත යුතුවන්නේ ඔහුට සාධනීය දේශපාලනයක් කරගැනීමට තරම් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වූ විටය. සාධනීය දේශපාලනය කටුකය. එය කල් ගත වන ව්‍යාපෘතියකි. ජපානය මේ සඳහා දශකයක පමණ කාලයක් ඉතා දුෂ්කර ගමනක් ගියේය. සිංගප්පුරුවට, තායිවානයට සහ දකුණු කොරියාවට ඊට වඩා අඩු දුෂ්කරතාවයකින් දශක තුනක් පමණ ගත කරන්න සිදු විය. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තවමත් ගමන් කරයි. මන්ද ඔවුන්ගේ දේශපාලනයේ යම් කොටසක් තවමත් දුප්පතුන් මත යැපෙන බැවිනි.

    සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.

    uni-students.jpg

    Source http://chandimagomes.blogspot.com/2017/02/blog-post.html

    සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,682
    13,432
    113
    // "අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".
    //

    සමාජ වාදයේ පැවැත්ම ඇත්තේ පිඩිත පංතිය සිටින තුරු පමණයි
    දුප්පත් කම තුරන් කර හැක්කේ ධනවාදයට පමණයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meya sathayaki. Samahara desapaluwo innava, Oba desapalanayata apu davase idhala karapu vadagath paladai work ekak penanna kiwwoth, answer ekak nathi vanu atha. A aya ethanata pamina atthe , kata[mouth] eka pamanak use karamini. Duppathkama yana word eka ohunge pavathma sadaha avasya vea.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.

    True, they are selling poor to be in power making them poorer!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    minissu duppath wela inna tharamata deshapalunwanta wasiy..
    thawa nuugath wela innawanam thawa hodai
    duppath wela minissu thawa moda unoth tamai bath packet ekata arakku kaalata chanda denne
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kapati desapalanaye , eka angayak mama pennam. Mama dakina deya nam, Yam ayathanayak goverment eka yatathe padu labanavanam, Eya pahasuven nivaradi kala nohaki nam, Eya nivaradi kala haki private section ekakata bara dunnata kamak natha. Ehi varadak mata nopene. Evita ema private section eka ayathanaya Laba vena vidiyata develop karana athara, Government ekata Baddhakdha ohun gevai. For example, Vavili santhava , kalakadi padu labana mattamata aveya. Sevakainata padi gevve, Bandagarayen Koti300 k ara genaya. Government eka kaley kalamanakarithavaya[management] eka private section ekata bara deemaya. Evita Bandagarayen koti 300 k gevimata avasya une natha. Mehi varadak Mata nopene.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In the past time, Rakshana sansthava, mea vage develop mattame nothibuneya. Evakata rakkshana vandiyak ganima, adha vage pahasu une natha.Government eka kaley Rakshana santhava private kirimai. Private section eka, Rakshana santhava develop kaleya. Goverment ekata menma samanya Janathavata sahana labena paridi Rakshana sansthava develop kaleya. Kapati desapaluva bala gena inne , thamanta Lakunu laba ganimata avasthavak labena thuruya. Ekthara desapaluwek rakshana santhava private kirimata erehiva Nadu pavariya. Ema Naduven Rakshana sansthava navatha government ekata deemata sidu viya. Ath ara private section eka magin athi karapu progressive methods , Rakshana santhava thula digatama pavathuni. Eka nisa Rakshana santhava perata vada develop viya. Rakshana Sansthava private section ekata digatama pavathuni nam, meeta vada develop vanu atha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meya kalakata pera Bus ekak thula sidu una sathya siduveemaki. Hadun kuru packet sell karana Manussayek,Bus ekata ave Mallak ara genaya. Malla thula Hadun kuru packet vea. Mea Manussya Hadun kuru packet sell karanna patan gattheya. Ekthara Magiyek, Mea Manussayata, Hadun Kuru packet nogena, 10 Rs dunneya. Hadun kuru seller mese kiveya. Sthuthi Mahatthayo, Mata ehema salli epa. Hadun Kuru packet ekak Milata ara gena money denna. Mea seller thaman Duppatheku lesa nosithai. Mata da penenne ohu Duppathek lesa nove. Reason eka-----Ohu thamange Nispadanayak sell kara money gani. Ohu katavath naya natha. Eka nisa ohu duppathek nove. Ath hari hati sevayak nokara ,nikam idhala anun ge money valin padi ganna samahara desapaluwo, Duppathun,Higannan lesa pene.
     
    Last edited: