දුම්බීම භින්නෝන්මාදය ඇති කරයි

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දුම්බීම භින්නෝන්මාදය ඇති කරයි

    දුම්බීම භින්නෝන්මාදය ඇති කරයි

    150716150325_drugs_smoking_cigarette_624x351_thinkstock.jpg


    දුම්බීම භින්නෝන්මාදය(schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂකයෝ, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව පවසති.
    භින්නෝන්මාදය(schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව වශයෙන් විස්තර කළ හැක.
    ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම් පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්වය ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම් බොන්නන් මේ තත්වයට වැඩියෙන් ගොදුරු වන බවයි.


    140722132711_schizophrenia_624x351_bbc.jpg


    එම පර්යේෂකයන් කණ්ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණ 61ක් අනුසාරයෙන් ‘ලාන්සට් සයිකෑට්රික්’ සඟරාවේ පළ කරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොලයට වෙනස් කම් සිදු කිරීමට සමත් බවයි.
    සිය පරීක්ෂණයෙන් මුලික කරුණු ඉදිරිපත් වුවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ.
    දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝ විකාරයට හේතු වන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණකි.


    150612231344_chinese_smoking_epa_624x351_epa.jpg



    නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුල පවතින ශෝකී ස්වභාවය සහ මනස තුලින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කට හඬ වලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ.
    ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14 555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එක සිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදා ගෙන ඇති අතර එයින් ලද ප්‍රතිඵල පහතින් දැක්වේ.

    • 57% භින්නෝන්මාදය රෝගීන් පළමු වතාවට මානසික රෝගී තත්වයක් ඇති වන විටත් දුම්පානය ආරම්භ කළ පුද්ගලයින්ය.
    • දුම්පානය නොකරන පුද්ගලයන් හා සසඳන විට දිනපතා දුම්පානයට ඇබ්බැහි වූවන්ට භින්නෝන්මාදය වැළඳීමට දෙගුණයක ඉහල ඉඩකඩක් පවතියි.
    • දුම්පානය නොකරන පුද්ගලයන් හා සසඳන විට දුම්පානයට ඇබ්බැහි වූවන්ට සැම විටම වසරක් පමණ කාලයක් වේලාසන භින්නෝන්මාදය වැළඳේ.
    150602041655_cn_canada_cigarette_packs_624x351_afp.jpg


    ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසන්නේ අධ්‍යනය විසින් මුලික කරුණු හෙළිදරව් වුවත් පර්යේෂණ ඉදිරියට ගෙන යාමට ශක්තිමත් සාක්ෂි අවශ්‍ය වන බවයි.

    උපුටා ගැනීමකි.