දුම්මල කැඩීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,572
    113
    පොන්සි ආණ්ඩුව
    දුම්මල කැඩීම
    ++++++++++++
    12647330_937508452993524_6078109633385604881_n.jpg
    12687781_937508449660191_1887235228377980221_n.jpg

    තොවිල් පවිල් වලටත් බෙහෙතටත් ගැනෙන දුම්මල හැදෙන්නෙ යකහලු, තිනිය, හල්, නවද වගේ ගස් පරණ වෙලා කෘමි සත්තු ඒගස් වල කඳන් විද්දම. මැලියම් වගේ ගහේ කඳ දිගේ බේරෙන මේවා කාලයක් යද්දි ඝන කුට්ටි බවට හැරෙනව.මෙහෙම ඝන වුන දුම්මල අවුරුදු දස් ගනනක් උනත් වෙනසක් නොවී එහෙමම තියෙනව.සමහර පළාත් වල කුඹුරු වලින් බිං දුම්මල හමුවෙනව. ඒ බිම් වනාන්තර විදිහට තියෙද්දි ගස් වලින් වැටුන දුම්මල තමයි ඒ හමුවෙන්නෙ.

    වතු පිටි වලින් ආදායමක් ලැබෙන්නෙ නැති අය, ඉස්සර වනාන්තරයෙ පිහිටෙන් ජීවත් වුනා. කැළෑවෙ වැවෙන වේ වැල් කුකුළු වැල් කැපීම , කිතුල් ගස්වල මල් හැදීම,වගේම කැලේ ගස් වලින් වැටෙන දුම්මල එකතු කිරීමෙනුත් මිනිස්සු බඩවියත රැකගත්තා. අපේ ගමෙ එහෙම ගිය අය දැනුත් ජීවතුන් අතර ඉන්නව.

    කීපදෙනෙක් එකතුවෙල, වලඳක් පොල්ගෙඩි දෙකතුනක් එහෙම අරන් ඈත වනාන්තරයට යන මේඅය වනාන්තරේට අදිපති දෙවි වරුන්ට කොල අත්තක් කඩල එල්ලල වනාතරේට ඇතුල්වෙනව. යකඩ ඇණත් මිටියකුත් අරන් යන්න අමතක කරන්නෙ නෑ. පාන්දරින් ගෙදරින් පිටත්වෙනමේ අය හවස් වෙද්දි එක තැනක් තෝරගෙන, කෙලින් හිටවපු එක කනුවක් වටේ ඇලයට හිටවූ ලී වලින් හදාගන්නා වාඩිය බේරු කොල වලින් සෙවිලිකරගන්නව. ලේසියෙන් පොත්ත ගැලවෙන ලොකු ගහකින් ගලවගත්තු පොත්තක්, වාඩිය ඇතුලෙ හදපු මැස්ස උඩ එලාගෙන ඒක උඩ තමයි නිදාගන්නෙ. . ලී කැල්ලකින් හිරමනයකුත් හදාගෙන , මොනවහරි රත්කරගෙන කාල නිදාගන්නා මේ අය පසුවදා පාන්දරින්ම දුම්මල හොයන්න පටන්ගන්නව.

    තුන් හතර දෙනෙකුටවත් බදන්න බැරි දැවැන්ත ගස්වල නගින්න මේඅය බඳ පොටේ කියන ලනුවකුත් යකඩ ඇණත් යොදාගන්නව.ගහේ ඉහල නගිද්දි ඇණ ගහමින් ඒ ඇණ වලට පය තියමින් ගිහින් නැවත බහිද්දි අර ඇණ ගලවගන්නවලු.දවසක් තරුණයෙක් මේ වගෙ විශාල ගහක නැග්ගට පස්සෙ බඳපොටේ බිමට වැටුනලු.දුම්මල ටික කඩල බිමට දාපු මේ කොල්ලා බහින්න විදිහක් නැතිව කල්පනා කරමින් හිටියලු.ගහේ කඳ දිගේ ඉහලට ගිහින් තිබුනු හීනි වැල් කෙන්දක් දැකල ඒකත් අල්ලගෙන ගහෙන් පැන්නලු පහලට. මිනිහෙක්ගෙ බර උස්ස්සන්න හයියක් නොතිබුනු ඒ වැල අල්ලගත්තෙ ඔලුව ඉහලට හරවගන්න විතරක් බව ඔහු මා එක්කම කියල තියෙනව. ලොකු අබාදයක් නොවි බේරුනු බවත් කිව්වා.සමහර වෙලාවට දුම්මල තියෙන ගහ ලඟින් තියෙන කුඩා ගහක හැර බැඳගෙන ඉහලට ගිහින් තමන් ඉන්න ගහ දුම්මල තියෙන ගහ දිහාවට නවාගන්නව.සමහර වෙලාවට ගස් වලින් බේරුනු දුම්මල බිම එකතුවෙල තියෙන තැනුත් හමුවෙනව.දවස් කීපයක් වෙහෙසිලා එක් එක්කෙනාට ගේන්න පුලුවන් තරම් දුම්මල එකතුකරගෙන අපහු එනව.

    මේ වගෙ දුම්මල එකතුකරන්න ගලකට නැගපු දුප්පත් අම්මකෙනෙක් ගැන විමලරත්න කුමාරගම කවියානන් ලියපු මේ කවි පෙලත් කියවල බලන්න.

    දුම්මල ගල ඉමේ මහ මූකලානේ
    අඳෝනාව ඇඟ හීගඩු නගන්නේ
    කන්දේ පරවේණි උලලේනියන්නේ
    රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

    අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
    ඒවා මිටිබැඳන් වඳුරඹ පොලට ගියා
    හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
    කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

    වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
    අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
    රූටා ගිහින් පාමුල ගලටත් රිදුනා
    අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා

    ඇලබඩ රුප්පාව ලඟ රෑ හඳපානේ
    ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ
    ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
    අම්මා පෙරලුවත් නෑ තරහක් හිතුනේ


    බුකියෙන් ඉස්සුවේ