ජීවිතේ සමහර දේවල් කරන්න ඕන දෙපාරක් තුන් පාරක් හොදට හිතල. සමහර වෙලාවට අනුන් කරනදේ වල බලල තමනුත් ඒව කරන්න ගිහින් කෙලව ගන්නවා
ජිම් වලත් ඉන්නව අනික් පොරවල් දාන වේට් දිහා බලල වේට් දාල සොරි වෙන අය.කෝච්චිය පේනවනම් පොර නොවී කෝච්චිය එක්ක ගේමට යන්නැතුව ගේට් එක ඇරෙනකන් ඉවසන් ඉන්න ඕනෙ මොලයක් තියෙන එවුන්. මොකද මේ විනාඩියෙ දෙකේ බොරු හදිස්සිය නිසා පවුල්වල කිදෙනෙක් අනාත වෙනවද. මේ ඉක්මනට යන්න ගිය එවුන් කවුද දන්නෙ මේ විනාඩිය ඉවසන්න බැරුව රින්ගුවට ඔතනින් ගිහින් ඊලගට හෝටලේක කයියක් ගහන් පැයක් විතර තේ බොන්නද ගියෙ කියල.එහෙම කෙනෙක්නම් කොච්චර අපරාදයක්ද මෝඩ කමක්ද මේ විනාඩියෙ හදිසියට කරගත්තෙ..විනාඩියෙ වාසිය වටිනවද