දුම්රියේ_ගින්න

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දුම්රියේ_ගින්න

දුම්රියේ ගින්න ඉන්දියාවේ 23 කට මරු කැඳවයි
අවසාන යාවත්කාලීන කිරීම : 2013 දෙසැම්බර් 28 සෙනසුරාදා - 12:01 GMT




දකුණු ඉන්දියාවේ දුම්රියක ඇතිවූ ගින්නකින් ළමයින් දෙදෙනෙක් ඇතුළු අවම වශයෙන් විසි තුන් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

දුම්රිය නිලධාරීන් පවසන ආකාරයට නන්දේඩ් හා බැංගලෝර් අතර ධාවනය කෙරෙන සීග්‍රගාමී දුම්රියේ මැදිරියක ගින්නක් හටගෙන ඇත්තේ එය අන්ද්‍රා ප්‍රදේශ් හරහා ගමන් කරමින් තිබියදීය.

පොලීසිය පවසන්නේ මිය ගිය පිරිස අතරින් බොහෝ දෙනෙක් දුම්රිය තුළ පිරී ගිය ඝන කළු දුමාරයෙන් පීඩා විඳ ඇති බවයි.

ගින්න නිවා දැමුවද එය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැත.

සිකුරාදා, ඉන්දියානු වේලාවෙන් සවස 3.30 ට පමණ ගින්න හටගන්නා විට වායු සමීකරණය කරන ලද මැදිරියක් තුළ 60 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවයි පැවසෙන්නේ.

මේ සිදුවීමෙන් තුවාල ලත් සහ තවමත් සොයා ගත නොහැකි වුවන්ගේ ගණන පිලිබඳ ස්ථිර වාර්තාවන් මෙතෙක් ලැබී නොමැත.


ලංකාවේත් එවැනිම සිදුවීමක්

මීට සමාන ලෙස ශ්‍රී ලංකාවේ මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිකුරාදා සවස ඇතිවූ ගින්නකින් බේරීම සඳහා ඉවතට පැනීමේදී ධාවනය වෙමින් තිබූ වෙනත් දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් දෙදෙනෙක් මියගිය බව ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය වාර්තා කළේය.

වඳුරඹ දුම්රිය ස්ථානය අසලදී ගින්න හටගෙන තිබු අතර තවත් තුවාල කරුවන් වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇත.


BBC Sinhala Sandeshaya
 
  • Like
Reactions: Iron Monger

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif