දුම්රිය අනතුරු

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83

    එක දවසක් මාව කෝච්චියෙ හැප්පෙන්න ගියා. මම රේල් පාරට කකුල තිබ්බා විතරයි මට නිකමට වම් පැත්ත බලන්න හිතුණා. කව්දෝ මාව හැප්පෙන්නැතිව ඇදල ගත්ත වගේ තේරුණා. ඒත් කවුරුත් එතන හිටියෙත් නෑ. මම විස්වාස නොකරත් මාව බේර ගත්තු කෙනානම් පින්වන්තයෙක් (මම දෙවියන් විශ්වාස නොකරන නිසා දෙවියෙක් කියල කියන්නෑ). මම පන්සල් ගිය දාට මතක් වුණොත් අනිවා එයාටත් ස්තූති කරලා සතුටින් ඉන්න ලැබේවා කියල එන්නෙ. මේ ඇත්තමයි. :love:

    nittawa.jpg

    අන්තිමට මතක් උනේ කවදද :D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?

    Ahenne bn pudumai ethata ahenawa eth samahara welavata rail parata sadda ahenne ne :no:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ගොඩක් වෙලාවට කෝච්චිය එන පැත්තට නෙවෙයි අනිත් පැත්තට මූන දාල ඇවිදින නිසා අහුවෙන්නෙ,කෙලින් පාර වගේ නෙවෙයි කෙටි වංගුවක වේගෙන් එන කෝච්චියක් සෙට් උනොත් පැනගන්ඩ අමාරුයි,අවදානයක් නැතිවීම,ෆෝන් කනේ ගහගෙන යාම,කතා කර කර යාම,අවට වෙන වාහන වල සද්දෙ වැඩිවීම වගේ හේතුත් බලපානව..අහුවෙන්ඩ වගේ යනවනම් එන්ජින් ඩ්‍රයිවර්ට කරන්ඩ පුලුවන් හෝන් එක ගහන එක විතරයි..Express වගේ ට්‍රේන් එකක් ආවොත් ඉතින් රොකට් වගේ තමා..වෙලාව සහ අවධානය නැතිවීම තමා රේල් පාරෙ යන කෙනාගෙ.

    Thanks මචං පැහැදිලි කරාට :yes::yes::yes:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    සමහර වෙලාවට කෝච්චිය එනවා ඇහෙන්නෙ නෑ පොන්නයො. හුළඟ ගොඩක් තිබ්බොත් ඇහෙන්නෙම නෑ. කොච්චිය පහු උනාම තමයි ඒකෙ සද්දෙ ඇහෙන්නෙ. :love:

    Thanks මචං පැහැදිලි කරාට
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?

    අද කාලේ කෝච්චි වල සද්දේ අඩු වෙන්න මෙන්න මේකත් ප්‍රධානවම  බලපානවා.
    කලින් රේල් පීලි දෙකක් අතර මෙන්න මේ පහළ  පින්තූරෙ වගේ ඉඩසක්  තිබුනා ...
    රේල් පීලි කොටස් දෙකක් එකතු වුනේ මේ වගේ  සම්බන්ධක  වලින් සහ ඇන  වලින්...

    Track_joint.jpg

    nmQTU1W.jpg

    ඒ නිසා ඉස්සර කෝච්චි එනකොට "ඩකස් ඩකස්" ගාලා සද්දයක් එනවා රෝද ඔය අතරින් යනකොට.....
    ඒත් අද රේල් පීලි වල මේ සම්බන්ධක තියෙන්නේ පීලි  කොටස්  3කට 4කට  එකක්... අනිත් හැම තැනක්ම මෙන්න මේ පහළ තියෙන විධියට පීලි කොටස් දෙක එකතු කරලා  පාස්සනවා විශේෂ ක්‍රමයකට .. පීලි කොටස් දෙකක් අතර හිඩසක් නෑ... Train rails are joined together via a seriously awesome process called exothermic welding, thermite welding (TW)

    FinishedWeld.jpg

    csm_3_DSC_1287_small_6cdb7f59bd.jpg

    z_p13-Railway.jpg

    ඔන්න ඕකත් හේතුවක් තමයි, නලාවෙ සද්දෙ නැත්නම් .... දැන් කෝච්චි ලඟට එනකන්ම සද්දෙ  ඇහෙන්නෙ නැති වෙන්න......:yes::yes:
     
    අද කාලේ කෝච්චි වල සද්දේ අඩු වෙන්න මෙන්න මේකත් ප්‍රධානවම  බලපානවා.
    කලින් රේල් පීලි දෙකක් අතර මෙන්න මේ පහළ  පින්තූරෙ වගේ ඉඩසක්  තිබුනා ...

    ඔන්න ඕකත් හේතුවක් තමයි, නලාවෙ සද්දෙ නැත්නම් .... දැන් කෝච්චි ලඟට එනකන්ම සද්දෙ  ඇහෙන්නෙ නැති වෙන්න......
    :yes::yes:

    මචං
    දන්නෙ නැති නිසා අහන්නෙ . :D මං අහලා තියන විදිහට රේල් පීලි එකට ලං කරන්නෙ නැත්තෙ ඒවා රත්වෙනකොට ප්‍රසාරණය වෙනනිසා කියලා ...
    දැං ඔයා කියන විදිහට පෑස්සුවම ප්‍රසාරණය වෙන එක නවත්තන්නෙ කොහොමද ? .....
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Rail pare awidieema thahanam ne bn.ae wagema train ekak lesiyen nawaththanna ba eka parata awa wegeta. Ae manussaya padawapu train eka happunama minihage mind upset yanawane. Ae nisa sathiyak niwadu denne.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    මචං
    දන්නෙ නැති නිසා අහන්නෙ . :D මං අහලා තියන විදිහට රේල් පීලි එකට ලං කරන්නෙ නැත්තෙ ඒවා රත්වෙනකොට ප්‍රසාරණය වෙනනිසා කියලා ...
    දැං ඔයා කියන විදිහට පෑස්සුවම ප්‍රසාරණය වෙන එක නවත්තන්නෙ කොහොමද ? .....

    දැන් ලෝකෙ පුරාම භාවිතා වෙන්නෙ මේ ක්‍රමය තමා. පීළි කිහිපයකට එකක් තමා expansion joints තියෙන්නේ. ඒවත් ඉස්සර ක්‍රමයට නෙමේ හදල තියෙන්නේ. පීලි දෙක ආනතව කපලා එක මත එක ලිස්සන්න හදල තියෙන්නේ. වහලෙ පරාල දෙකක් මූට්ටු කරද්දි තොත්තුව දානව වගේ. ඔය ක්‍රමේදි පීල්ලට වැඩි ප්‍රමාණයක් ප්‍රසාරණය වෙන්න පුලුවන්

    ලංකාවෙ නම් ඔය සිස්ටම් එකට තියෙන්නෙ අලුතින්ම හදපු උතුරු දුම්‍ රිය මාර්ගය සහ ඊයෙ පෙරේදා හදපු හම්බන්තොට මාර්ගය විතරයි. පරණ ඒව පරණ සිස්ටම් එකට.
     
    අහ් එළෝ ස්තූතී පැහැදිලි කිරීමට .............