දුම්රිය 20 කට GPS උපාංග සවිකර අවසන්. – දුම්රිය දෙ
දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බවයි.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතියේ අවසන් අදියර වන විට මෙරට ධාවනය වන සියලුම දුම්රියන්හි මෙම තාක්ෂණය භාවිත කිරීමට සැළසුම් කර තිබෙනවා.
එමඟින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මඟින් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්.
මෙම ව්‍යපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය ඒකාබද්ධව සිදුකරන ව්‍යපෘතියක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
මේ අතර දුම්රියේ සිඟමන් යැදීම සහ අනවසරයෙන් වෙළඳාම් කරන්නන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ප්‍රධාන ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියා සිටියේ ගතවූ දින 7 තුළදී අනවසර වෙළඳුන් සහ යාචකයින් 20 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.