BREAKING: දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්..🔴👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,351
    47,260
    113
    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ.

    ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගනු ලැබීය.

    මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වු අතර ඊයේ සහ පෙරේදා යන දිනවල රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද නතර වී තිබුණි.

    කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජේවීපී කාරයෝම දැම්මල බොරුවට වර්ජනයක් වගේ රගපාල අවසන් කරාලු :lol: 🤌
     
    • Haha
    Reactions: Smartm

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    උන්ගෙම උන්ව දාල වර්ජනය කරවලා උන්ට ඕන දේ කරගන්නවා..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    වැඩවර්ජනේ නාට්ටිය රගපාන්න මිනිස්ස්න්ගේ බදු සල්ලි කීයක් වියදම් කරාද දන්නේ නැහැ
     
    • Like
    Reactions: PoweruseR