මං අද මගේ Tuk Tuk (3W) එක දුම් පරීක්ෂණයට අරන් ගියා, පරීක්ෂණය කරන එකා ඕනාවට වඩා ලොකු වේගයකින් වාහනය රේස් කළා. මීට කලින් අවුරුදු වලත් එතැනින්ම තමයි කළේ. ඒත් මෙච්චර රේස් කළේ නෑ. අද ගොඩාක් වාහන ඇවිත් තිබුනා දුම් පරීක්ෂණයට, දිගු සති අන්ත නිවාඩුව නිසා වෙන්න ඇති. මං ඊයේ ටුක් එක Full Service කරලා ටියුනින් එහෙමත් හරියට කරලා තිබුණේ. ඌ රේස් කළේ මහ කැත විදියට, මට තරහා ගිහින් මං ඌට කිව්වා වාහන මැනුවල් එකේ නම් වාහනය එක තැන තියන් ඔච්චර තදින් රේස් කරන්න එපා කියලා තියෙනවා කියලා, ඌ කියනවා මැනුවල් එකේ කියලා තියෙන විදියට හැම දේම කරන්නේ නෑනේ කියලා. අද Staff අඩුයිලු, වැඩ වැඩිලු, උගේ stress එකට ඌ වාහන වලින් පලි ගන්නවා වගේ මං දැක්කේ. වාහන පැමිණි අනුපිළිවෙලටත් නැතිව, කිසි පිළිවෙලක් නැතිව පරීක්ෂණ සඳහා ගත්තේ, මං පැමිණිලි යෝජනා පොත ඉල්ලලා ඒකේත් ලිව්වා, ටුක් එක නම් පාස් වුනා, ඒත් ඌට පුළුවන් ද වාහනය එහෙම ඌට ඕනා තරම් වේගයකින් රේස් කරන්න, මං ලව්වා නොවේ. ඌ තමයි රේස් කළේ. මේකේ සැබෑ තත්ත්වය කුමක් ද? දන්නා උදවිය අදහස් දක්වන්න.
Last edited: