මගේ නමට ගත්තු පළවෙනි වාහනේ(බයික් එක) පහුගිය දවසක විකුණුවා...
කලින් වාහන විකුණලා or පාවිච්චි කරපු වාහනයක් මිලදී අරන් නැති නිසා ලියකියවිලි වඩා transfer papers වැඩ දැනගෙන හිටියේ නෑ, එළකිරි එකෙත් හෙව්වා fb එකෙත් හෙව්වා RMV site එකෙත් බැලුවා, අන්තිමට කොහොම හරි නීත්‍යනුකූල ලෙස ලියකියවිලි වැඩ ටික කරලා Bike එක දුන්නා....
මන් වගේ වාහනයක් විකිණීමේදී හෝ පාවිච්චි කල වාහනයක් මිලදී ගැනීමේදී ඒ ගැන අවබෝධයක් නැති අයට තමයී මේ පෝස්ට් එක ලියන්නේ.... Step by step ලියන්නම්....
STEP 01
ඔයා වාහනේ විකුණන කෙනා උනත් ගන්න කෙනා උනත් ඉස්සෙල්ලාම ගිහින් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්(මම ගත්තෙ මෙකෙන්, වෙන ගන්න පුළුවන් තැන් තියෙනවාද දන්නේ නැත.) නොමිලේ ලබා දෙන transfer paper set එකක් (මේක කොළ 6ක පොතක‍්) ගන්න
STEP 02
දැන් අර අරන් ආපු පොත පෙරලා බලන්න... ඒකේ ඇති පිටු 6 ක් මේ විදියට.
MTA 6 A
MTA 6 A1
MTA 6 B
MTA 6 B1
MTA 8 C
MTA 8 C1
(වැරදි නම් නිවැරැදි කරන්න)
STEP 03
ඔය උඩින් කියපු MTA 6 කොළ 6 ම පුරවන්න ඕනේ හරි විදියට නම් වාහනය විකුණන කෙනා හොඳේ...
වර්තමාන අයිතිකරු (වාහනය විකුනන කෙනා) මේ කොළ 6 ම හරියට පුරවලා (නම් ලියන්න තියෙන කොටු ගාන මදි හොදේ, ඒ උනාට නම බාගෙට ලියන්නවත් මුලකුරු එක්කවත් නම ලියන්නවත් එපා, කොටු මදි උනත් දෙන්නගෙම සම්පූර්ණ නම් ලියන්න ඕනේ... එක අකුරක් එහෙ මෙහෙ උනොත් reject වෙනවා) දිනේ දාලා (අනිවා වාහනය විකුනන දිනය දාන්න, මගේ පෞද්ගලික අදහස නම් open papers වාහන විකුනන්නත‍් එපා, එහෙම වාහන ගන්නත් එපා මොකද ලංකවේ නීතියේ හැටියට open papers කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් වගේම, අහක යන නයි රෙද්ද අස්සේ ද ගැනීමක්) අත්සන් කරලා, සාක්ෂි වලටත් දෙන්නෙක් අත්සන් කරලා,
MTA6 A, MTA 6 A1 කොළ දෙක විකුනන කෙනා ගාව තියාගෙන,
MTA 6 B, MTA B1 කොළ දෙක වාහනය මිලදී ගන්න කෙනාට දෙන්න.
STEP 04
විකුනන කෙනා :
තමගේ ID copy එකක්, වාහනේ පොත, ආදායම් බලපත්‍රය, දුම් සහතිකය (insurance එක නම් දුන්නට වැඩක් වෙන්නේ නෑ) යතුරු දෙක, service records, warrenty card අනම් මනම් ඔක්කොම එක්ක වාහනය නව අයිතිකරුගේ නමට පවරා ලියාපදිංචිය සිදු කිරිමට විරුද්ධත‍්වයක් නැ කියලා ලියුමකුත් වාහනය ගන්න කෙනාට දෙන්න (අාහ්... ඕනේ නම් තව ලියුමක් ලියන්න මෙහම වාහනය වික්ක දිනේ දාලා "මේ දිනේ සිට අහවල් අංකය දරණ වාහනය සම්බන්ධව කිසිම වගකීමක් මා විසින් නොදරන බවටත්, අහවලා විසින් (ගන්න කෙනාගේ නම) වාහනය සම්බන්ධ සියලු වගකීම දරණ බවත්, ඔහු විසින් සියලු ලියකියවිලි සමග රු. (ඔයා සල්ලි ගත්තු ගාන) ගෙවා වාහනය බාර ගන්නා ලදී" කියලා ඔහොම ලියලා වාහනය ගන්න කෙනාගෙන් රු. 100 මුද්දරයක් උඩ ID num එක දාලා sign එකක් දා ගන්න.)
ඊටපස්සේ වාහනය එයාට දීලා, ඔයා ඔය මන් උඩ කියපු ලියුමයි MTA 6 A1 එකයි පරිස්සම් තැනකින් අරන් තියන්න.
වාහනය දිලා පහුවෙනිදාම MTA 6 A කොලේ register post එකේ RMV යවන්න මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ට address කරලා, නැතනම් RMV එකට අතේ ගෙනිහින් දෙන්න.....(අනිවා මේ කොලේ Photo copy එකක් තියාගන්න, register කරද්දී දෙන receipt එකත් තියාගන්න පරිස්සම් කරලා)
ඔන්න මෙතැනින් වාහනය වර්තමාන අයිතිකරුගේ part එක ඉවරයි ( අාහ් තව එකක් cash විකුණනකොට කවදාවත් සල්ලි අතට ගන්න එපා හොදේ.... අනිවා Bank transfer or deposit එකක් කරන්න කියන්න, එහෙම කරන්න බෑ කියනවා නම් ඌට විකුණන්න එපා වාහනේ.. මොකද අද කාලේ හොර සල්ලි හැමතැනම)
STEP 05
වාහනය මිලදී ගන්න කෙනා :
වර්තමාන අයිතිකාරයගෙන් හරියටම අකුරක්වත් වෙනස් වෙන්නේ නැතිව වාහනේ පොතේ තියෙන විඳියටම MTA 6B, MTA 6B1 කොල දෙක පුරවලා ඔයත් අත්සන් කරලා දින දාලා ඉල්ලා ගන්න, තව වාහනේ ලියකියවිලි (උඩ කියල තියෙන ඒවා) සේරම ඉල්ලා ගන්න, යතුරු දෙකම ඉල්ල ගන්න, තව ඔයාගේ ID copy එකක් එයාට දෙන්න...
Transfer paper පොතේ තියෙන MTA 8 C, MTA 8 C1 කොළ දෙකත් ඔයා ඉල්ලා ගන්න, මතක ඇතිව one day service දාලා transfer කරනවා නම් දැන් අයිති කෙනාගේ ID copy එකයි, පැවැරීමට විරුද්ධ නැ කියන ලියුමක් ඉල්ලා ගන්න...(number plate එකත් එක්ක RMV එකෙන් දෙනව පොඩි sticker එකක් අන්න ඒක මතක ඇතුව ඉල්ල ගන්න, මොකද number plate වල province එක මාරු වෙනවා නම් ඒ Sticker එක අනිවාර්යයෙන්ම ඕනේ, නැත්නම් ලොකු කට්ටක් කන්න වෙයි)
MTA 6 B1 පිටපත ඔයා පරිස්සම් කරලා තියාගන්න...
ඊටපස්සේ ඔයාගෙ වැඩේ වෙන්න ඕන විඳිය RMV site එකේ තියෙන්නේ මෙන්න මෙහෙම....
View attachment 112101
View attachment 112102
http://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si
ඔන්න ඔහොමයි scene එක වෙන්නේ. නොදන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි මේක...... වැරදි, අඩු ලුහුඬුකම් ඇති. ඒවා comment වලින් නිවැරැදි කරන්න ඔබට අවස්ථාව ඇත.