දුම් පරීක්ෂා ගාස්තුවට කොග්ගල දී විරෝධය

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
දුම් පරීක්ෂා ගාස්තුවට කොග්ගල දී විරෝධය

දුම් පරීක්ෂා ගාස්තුවට කොග්ගල දී විරෝධය
2015.11.27
=============================

2016 අය වැයෙන් පෞද්ගලික බස්රථ සදහා දුම් පරීක්ෂා ගාස්තුව ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගාල්ල කොග්ගල නිදහස් වෙලඳ කළාපයේ කර්මාන්ත ශාලාවට සේවකයින් ප්‍රවාහනය කරන බස්රථ හිමියන් අද උදෑසන කොග්ගල නිදහස් වෙලඳ කලාපය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.

මෙහි දී බස් හිමියන් පවසා සිටියේ මෙම වැඩි කරන ලද වායු විමෝචන ගාස්තු හේතුවෙන් තම කර්මාන්තය අනතුරේ වැටී ඇති බවයි.

දිනෙන් දින ඉහල යන අමතර කොටස්, ලීසින් වාරික හා නඩත්තු කිරීම් සිදු කරමින් ගෙන යන මෙම කර්මාන්තය දැඩි අනතුරකට ලක්ව ඇති බව ද ඔවුන් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෙම විමෝචන ගාස්තුව ඉහත් නොකර හොත් ඉදිරියේ දී මාරාන්ත්තික උපවාසයකට යාම සදහා වුව ද තමන් පසුබට නොවන බවද ඔවුහු මෙහි දී පැවසීය.

මෙම අවස්ථාව සදහා කොග්ගල නිදහස් වෙලද කලාපයට සේවකයින් ප්‍රවාහණය කරන බස් රථ හිමියන් පිරිසක් සහභාගී වුහ.

(ඉමදුව සමුහ)


12301674_708261652609186_3305565633737362017_n.jpg


12311247_708261232609228_1575975584558825933_n.jpg


12294868_708261249275893_498884705669989864_n.jpg


12274438_708261642609187_9050982545711585170_n.jpg