දුම් සහතිකේ වැඩිවුණේ මෙනිසාලු
දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ සිරිසේන සහ දූ පුත්‍ර සමාගමේ කොමිස් අදායම රු. කෝටි 54 සිට කෝටි 225 දක්වා වැඩි කර ගැනීමටය: ඇත්ත කතාව මෙන්න...
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව. 8.00) යහපාල ආණ්ඩුව හැදීමට කැප වී ක්‍රියාකළ ක්‍රිෂාන්ත කුරේ හා තුසිත හල්ලොලුව යන වචනයේ පරිසමාප්තයෙන්ම මහත්වරුන් අධ්‍යක්ෂක මණ්ඩල වලින් ඉවත්කර දූෂිත ලාෆ් වෑගපිටිය ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරගැනීමේ පිටුපස වෑගපිටියගේ දුම් සහතික කොමිස් සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට ගලා යෑම ගැන හෙළිකොට දිනක් ගත වෙත්ම එය වැඩි තහවුරු කරමින් මෙවර අයවැයෙන් මෝටර් රථ දුම් සහතිකය සදහා මෙතෙක් අය කල රුපියල් 1200 ක පමණ සාමාන්‍යයක් වූ මුදල රුපියල් 5000 දක්වා වැඩි කොට තිබේ.
තකහනියේ දුම් සහතිකය වැඩිකිරීමට යෝජනා කෙළේ කවුරුන්ද යන වග අප සොයා ගිය විට දැන ගැනීමට ලැබුනේ පරිසරය විනාශ කරද්දී දෑස් පියාගෙන සිටින පරිසර ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අය වැය සඳහා මෙම අහස පොලොව නුහුලනා දුම් සහතික ගාස්තුව හතර ගුණයකින් වැඩි කෙරෙන යෝජනාව ඇතුලත් කොට ඇති බවයි.
පසුගිය රාජපක්ෂ රෙජීම පාලන කාලයේ සිට ඉන් සියයට 5 % ක් ගියේ රාජපක්ෂ බේබිලාගේ අතට ය. දැන් එය 10% ක් වී සම්පුර්න මුදල වන රුපියල් ලක්ෂ 54000 න් ලක්ෂ 5400 ක් හෙවත් කෝටි 54ක් යන්නේ යහපාලන සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට ය. දැන් යහපාලන සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට එම මුදල මදි වී ඇත. එම නිසා රුපියල් 1200 ය ක මුදල රුපියල් 5000 ක් ලෙස වැඩිකිරීමට මෙවර අයවැය යෝජනාවට ඇතුලු කර ඇත.
මෙම දුම් සහතිකයේ අතීත කතාව මෙසේය.
වාහන දුමෙන් හාසි සිදුවනවා කියා කිසියම් සාමාන්‍ය පුද්ගලයෙකු යොදවා අංක SC/569/98 දරණ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ පවරන්නේ ය. ඒ පවරන්නේම මෙම මහා ධන උල්පත දෙස බලා සිටින පුද්ගලයන්ම ය. එහිදී එවක කුප්‍රකට සරත් නන්ද සිල්වා මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කරන්නැයි පරිසර අමාත්‍යාංශයට සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවට කියන අතර එම ආයතන ගෙන එන ක්‍රමවේදය මෙකී දුම් සහතික ජාවාරමයි. පුදුමය නම් මෙම දුම් සහතික නිකුත් කිරීම ආණ්ඩුව කරනවා වෙනුවට එය පවරන්නේ වෑගපිටියගේ ලාෆ් එකෝ ශ්‍රී ලංකා සමාගමට සහ අක්බාර් බ්‍රදර්ස්ලාගේ ක්ලෙන්කෝ ලංකා සමාගමට වීමය. ඔවුන් මේ සඳහා ප්රාග් ධනය ලෙස වියදම් කර ඇත්තේ එක් සමාගමක් රුපියල් මිලියන 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් පමණි. නමුත් එක් වසරක ආදායම පමණක් මිලියන 5000 ට වැඩිය. මෙයින් ආණ්ඩුවට ලැබෙන්නේ 10% ක සොච්චම් ආදායමක් පමණක් යැයි කීවහොත් පිලිගත හැකිද? නමුත් සත්‍ය එයයි. අනෙක් 90% ම යන්නේ මෙකී පුද්ගලික සමාගම් දෙකට ය. හරිනම් සිදුවිය යුත්තේ මෙහි අනෙක් පැත්තයි. සියයට 90 ක් ආණ්ඩුවට හෙවත් මහජනයා අතට ගොස් සමාගම් වලට සියයට 10 ක් ලැබීමයි. මෙහිදී වඩා පුළුල් සමාගම වෑගපිටියගේ සමාගමයි. සත්‍ය වශයෙන්ම කිවහොත් මේ මහා ධනස්කන්ධය වක්‍රව යන්නේ දේශපාලනඥයන්ගේ අතට ය. පසුගිය රෙජීම සමයේ එය රාජපක්ෂ රෙජීමය විසින් ලබා ගත් අතර හිටපු පරිසර ඇමැති චම්පික රණවක අතටද ගානක් ගියේ නැතැයි කීමට නොහැකිය. දැන් මේ මහා ධනය යන්නේ වෑගපිටිය හරහා සිරිසේන සහ දූ පුත්‍ර සමාගමටය. එය සියයට 10 ක් යැයි කීවද ඊට වඩා බොහෝ වැඩි වැඩි බව දැන් දැන් ලැබෙන වාර්තා අනුව පෙනී යයි.
එසේ වී තිබියදී මෙලෙස රු. 1200 ක පමණ සාමාන්‍යයක් වූ මුදල රුපියල් 5000 ක් කළ විට එය කෙතරම් අසාධාරණ වැඩි කිරීමක්ද? මෙම මුදල අය වැයෙන් පැනවූ බද්දක් නොවේ. බදු මුදලක් නම් එය මහා භාණ්ඩාගාරයට ගියද මෙය බදු මුදලක් නොව අමු අමුවේම පෙර කී කොම්පැනි වල ගාස්තුව ඉහල දැමීමකි. මේ ඉහල දැමූ රුපියල් 5000 න් රජයට ලැබෙන්නේ රුපියල් 500 ක් වැනි සියයට 10 ක් පමනි. ඉතිරි 4500 ම යන්නේ වෑගපිටිය හරහා සිරිසේන සහ දූ පුත්‍ර සමාගමය.
මෙය නිවැරදි කරනවා නම් කළ යුත්තේ වාහනයක් වරායෙන් පිටතට පැමිණි අවස්ථාවේ සිට සියළු බදු මුදල් අයකරන පළාත් සභාවටම මෙය බදු ආදායමක් ලෙස පරිවර්තනය කර ලැබීමට සැලැස්වීම ය. ජනතාව යම් බද්දක් ගෙවන්නේ නම් එහි ප්‍රතිලාභය යලි ජනතාවටම ලැබිය යුතුවා මිස කොහේවත් සිටින වෑගපිටියට හෝ අක්බාර්ට හෝ ඒ හරහා දේශපාලුවන් අතට නොයා යුතුය.
මෛත්‍රීපාල සිරිසේන මහා පරිසර හිතවාදියකු නම් කල යුතුව තිබුනේ මෙරට සූර්ය බලශක්ති ක්‍රම උදෙසා ආනයන බදු ඉවත් කිරීමත් විදුලි මෝටර් රථ සඳහා බදු ඉවත් කොට මෙරට පරිසරයේ වායු දුෂණය වැළක්වීමේ මුලීක පියවර තැබීමය. උදාහරණයකට නිසාන් සමාගමේ leaf 100% විදුළි මෝටර් රථය ජනවාරි 8 දාට ප්‍රථම මිල වුයේ රුපියල් ලක්ෂ 22 කි අද වන විට අවම මිල ලක්ෂ 34 ත් 42 ත් අතර ඉහල මිලකට පත්ව ඇත. නමුත් එක්සත් ජාතීන්ගේ හරිත සම්මේලනවලට ගොස් කොල බලාගෙන කරුණාරත්න පරණවිතාරණ ලියන කතා ගිරවකු මෙන් හඬ නගා කියා පැමිණේ. ලෝක නායකයන්ගේ භෝජන සංග්‍රහ මේසය තුල ගොළුවකු සේ හිඳ ලංකාවට පැමිණ සහභාගී වූ හරිත සම්මේලනය වෙනුවෙන් කරන කිසිදු ක්‍රියාමාර්ගයක් නැත. ඇත්තෙන්ම ග්‍රාමසේවක මහතෙකුගෙන් සහ ඇමැතිවරයෙක් ලෙස ගත කළ විසි වසරක ජීවිතයේදී රටට කිසිදු වැඩක් ඇති දෙයක් නොකළ පුද්ගලයෙකුගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්නද?
මෛත්‍රීපාල සිරිසේන පරිසර අමාත්‍යවරයාගෙන් කරුණාවෙන් අප ඉල්ලා සිටින්නේ මෙම මහා පරිමාණ කප්පම් යෝජනාව වහාම හකුලා ගන්නා ලෙසයි.
අවශ්‍යනම් මෙය ඉන්ධන ධාරිතාව අනුව හා වාහනයේ ඉන්ධන විමෝචනය වන අන්දම අනුව වෙනස් කල යුත්තේය. උදාහරණයකට ඉන්ධන ධාරිතාව 2000 cc රථවලට මෙය අය කලද කම් නැත. මක් නිසාද යත් එවැනි වාහන හිමිකරුවන්ට ඔබේ කප්පම් මුදල ගෙවීමේ හැකියාවක් ඇත. 2000cc වලින් ඉහල රථවාහන වල මිලද ඉහල බැවින් එවැනි මෝටර් රථයක් මිලදී ගන්නෙකුට මේ මුදල ගැටළුවක් විය නොහැක. මේ අතර ඉන්ධ ධාරිතාව 3000cc හා ඊට වැඩි මෝටර් රථ වලට රුපියල් 10,000 කළ ද ගැටළුවක් නැත. උදාහරණයකට toyota landcrusher වර්ගයේ මෝටර් රථයක් ජපානයේ භාවිත කළ එකක් වුවද මිල රුපියල් මිලියන 15 ක් පමණ වෙයි. එවැනි මුදල් හදල් ඇති අයට ඔබේ කප්පම් මුදල දෙගුණයක් වුවද ගෙවිය හැක .නමුත් ඉතා අමාරුවෙන් මිලදී ගත් මිල අඩු වාහන හිමියන් ගෙන් ඔබේ කප්පම් මුදල ඉල්ලීම හෙණ ගහන අපරාධයකි.
එවැනි හෙණ ඉල්ලන ජනයාගේ සාපයෙන් බේරීමට ඔබට කිසිවිටෙක නොහැකිය. පෙර ආත්මයේදී කළ යම් කුසල කර්මයකට රජ වීමට තරම් පින් ඇත්තා වූ ඔබ මීලඟ ආත්ම භවය තුල අවම වශයෙන් මිනිසෙකු වී ඉපදීමට නම් වහා කුසල් රැස් කර ගන්න.
මක් නිසාද යත් ඔබ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනතුරු බලා සිටින ජනතාව මෙන් මාර පුත්‍ර දිව්‍ය පුත්‍රයා බලා නොසිටින බැවිනි.
උපුටා ගත්තේ
http://lankaenews.com/news/3091/si
දැක්ක නිසා දැම්මේ