දුම්_පයිප්ප_පුජාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දුම්_පයිප්ප_පුජාව

පව් පිං වලින් යැපීම හෙවත් මහරහතෙකු කළ ‘දුම් පයිප්ප‘ පූජාව -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 30)

Therawada--Chorawada-30.jpg






වාහනයක් කැබලි වලට කොටස් කළ පසු ඉතිරි වන්නේ සුන්බුන් ගොඩකි. මුලින් දුටු වාහනය එහි නැත. අපේ ශරීරයද මෙසේ කපා කොටා දැමූ කල්හි මස් ගොඩක් මිස සත්වයෙක් පුද්ගලයෙක් නැත . ඇසට රූපයද, කණට ශබ්දයද, දිවට රසයද, නාසයට ගන්ධයද, ශරීරයට ස්පර්ශයද දැනේ. මේ කිසිවක් සත්‍ය නොවේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍ය භාවයට පත්වෙන නාම රූප කෙරෙහි ඇලී බැඳී සිටීම මහා මුලාවකි. උපන් සත්වයාට මරණය උරුමය ය. එය නොවැළක්විය හැකි ධර්මතාවයකි. අපේ බුදු පියාණන් වහන්සේ “සබ්බේ සත්තා මරිස්සන්ති“ යනුවෙන් දේශණා කළේ ඒ නිසාය“. ඔබගේ ධනය අඹුදරුවන් නෑ හිතවතුන් මේ සියල්ල අතහැර දමා යම් දිනෙක මෙලොවෙන් නික්ම යාමට ඔබට සිදුවේ . එසේ යන විට රැගෙන යන්නේ ජීවත්ව සිටියදී සිදුකරගත් පව් පිං පමණි. පව් කළ උන් අපාගත වෙයි . පිං කළ උන් දෙව් ලොව උපදියි. භික්ෂුන්වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් උපස්ථාන කිරීමෙන් පිං සිද්ධ කරගැනීමට පුළුවන. වෙහෙර විහාර බුද්ධ මන්දිර ඉදිකර දීම, බෝධි රෝපනය, කැසිකිළි වැසිකිළි සාදා පූජා කිරීම, අට පිරිකර ඇඳ පුටු කොහු ඉදල් පාවහන් හට්ටි මුට්ටි පූජා කිරීම, බෝධි පූජා, මහාමායා පූජා, සිද්ධාර්ථ පූජා, පැවත්වීම මහත්ඵල මහානිශංස පිංකම්ය.මෙසේ භික්ෂූන් වහන්සෙලාට දාන මානාදියෙන් උවටැන් කරන උපභෝග පරිභෝග වස්තූන්ගෙන් සංග්‍රහ කරන පිංවත්හු මරණින් මතු සදිව්‍ය, බ්‍රහ්ම, මාර, මනුෂ්‍ය, ආදී සැපවත් ලෝකවල උපත ලබා අවසානයේදී අමා මහ නිර්වාන සම්පත්තිය වැළඳීමට හේතු වාසනාන්තයෝ වන්නාහ. පිං කරන්නෝ මෙලොව පරලොව දෙකේම සැප ලබති. පෙර ආත්ම භවවලදී පිංකළ ඇත්තෝ අද සැප විඳිති . පව් කාරයෝ දුක් විඳිති. ඔවුන්ට වෛර කිරීමෙන් තව තවත් සිදුවන්නේ පවක්ම පමණි .එම නිසා කිසිවෙකුටත් වෛර නොකළ යුතුය. මෛතී භාවනාව වැඩිය යුතුය. නිතර නිතර මරණය සිහිපත් කරමින් මරණානුස්මෘති භාවනාව පිරිය යුතුය.


සූත්‍ර පිටකයේ සඳහන් තමන්ට වාසි සහගත යම් යම් ධර්ම කාරණ ද උපුටා දක්වමින් (ගණිකා වෘත්තියෙහි යොදවමින්) චෝරවාදීන් විසින් පැය ගණන් දෙසා බානා යාං හෑලි තුල ඉහත කතාවට වඩා වෙනත් අන්තර්ගතයක් තිබේද? මේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ගිහියන් රවටා ඔවුන් සතු අන්තිම නූල්පොට දක්වා ඩැහැ ගැනීමට ලොල් වූ කපටි කෛරාටිකයන් විසින් පසුකාලීනව පාලි භාෂාවෙන් ලියන ලද කූඨ ලේඛණ ද බොහෝය. චෝර මුණ්ඩකයන් අපට ඒවා කියාපාන්නේ මහරහතන් වහන්සේලා දේශණා කළ ධර්ම පාඨ හැටියටය. එක් උදාහරණයක් මෙසේය.

“ධූම නෙත්තේ ජිනේ දත්වා, සංඝෙ ගුණ වරුත්තමේ,
තීනානිසංසේ අනුභෝමී, කම්මානුච්චවියේ මම“

මෙම ගාථාවෙන් කියැවෙන්නේ පිළින්දිවච්චි මහ රහතන්වහන්සේ පෙර භවයක දුන් අපූරු දානයක් පිළිබඳව ය. තමන් වහන්සේ පදුමුත්තර බුදුන් ඇතුළු මහ සඟ රුවනට “ධූම නෙත්ත“ පූජා කිරීමෙන් ආනිසංස තුනක් ලැබූ බව මෙහි සිංහල අරුතයි. කල්පනා ශක්තිය වර්ධනය වීම, නහර වැල් නිසියාකාරව සම්බන්ධ වීම, ලේ ගමන යහපත්වීම එම ආනිසංස තුන බව සෙසු ගාථාවලින් කියවේ. “ධූම නෙත්ත“ යන්න අටුවාවෙහි අර්ථ ගැන්වෙන්නේ “දුම් පයිප්ප“ යනුවෙනි. ඉතින් ඔබට මෙම කථාව විශ්වාස කළ හැකිද?

දුම් බීම ශරීරයට අහිතකර බව වෛද්‍ය විද්‍යාව විසින් තහවුරු කළ සත්‍යයකි. ඉහත ආනිසංස තුන වෙනුවට ඊට ප්‍රති විරුද්ධ භයානක ලෙඩරෝගවලට දුම්බොන්නෝ ගොදුරු වෙති.

දුම් පානයට ගිජුවූ මොකෙක් හෝ කහකඩයෙක් සිය අවශ්‍යතාවය පහසුවෙන් ඉටුකර ගැනීමට එය පාලි භාෂාවෙන් ගාථාවක් හැටියට කියා ඇති බව ඉතා පැහැදිලිය. රහතන් වහන්සේගේ නමක් ද එයට ගැට ගැසූ පසු වැඩේ තවත් පහසුය. මෙවැනි කප්පරක් කූඨ දේශණ බෞද්ධ සාහිත්‍යයෙන් බඩ පිරෙන්නට අහුලාගත හැකිය.

ලෝකයේ කිසිදු දියුණු රටක් පිං පව් මත යැපෙන්නේ නැත. අමරිකාව ජපානය රුසියාව චීනය ඕස්ට්‍රේලියාව ආදී රටවල වෙසෙන්නේ ද අප වැනිම මිනිසුන්ය. පෙනුම පමණක් වෙනස්ය. ඔවුන්ද විවිධ ව්‍යසනවලට ගොදුරු වී තිබේ. ස්වභාවික විපත් සහ දේශපාලනික අර්බුද ඇතුළු නොයෙකුත් ගැටළු ලොවටම පොදුය. දියුණු මිනිසුන් ඒ සියල්ලටම විසඳුම් සොයා ගනිති . විවිධ ලෙඩ රෝග සුවපත් කරන ඖෂධ වර්ග සැත්කම් වෛද්‍ය උපකරණ රෝග කාරක සොයා ගත්තේ ඔවුන්ය. අහස පොළව මහ සයුර සිසාරා යන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළේ ඔවුන්ය. එපමණක් නොව මානව අයිතීන් පිළිබඳව නිර්දේශ හඳුන්වා දෙන්නේ ද ඔවුන්ය. තවමත් ඔවුන්ගේ අධ්‍යයනයන්ගේ නිමාවක් නැත.

ඇමරිකානුවා සඳට යද්දී අපි ‘චන්ද්‍ර පිරිත‘ සජ්ජායානා කරමින් සඳුගෙන් ආශීර්වාද ඉල්ලන්නෙමු. ජපනා කෘතිම වැසි නිපදවද්දී අපි වැසි පතා ‘වැසි පිරිත්‘ කියන්නෙමු. චීනා සුර්‍ය බලශක්තියෙන් වැඩ ගනිද්දී අපි උදේ සවස හිරුගෙන් යස ඉසුරු අයදිමින් ‘සූරිය පිරිත‘ ජප කරන්නෙමු. ප්‍රසූතිය පහසු වීම සඳහා ‘අංගුලිමාල පිරිත‘ දෙසවාගෙන රෝහල් ගතව සිසේරියන් සැත්කමෙන් දරුවන් බිහිකරවා ගන්නෙමු.

පුල්මුඩේ ඛනිජ වැලි වලින් කොරියානුවා ලෝහ භාන්ඩ නිමවද්දී. අපේ තරුණයෝ එහි ගොස් උන්ගේ යකඩ තලා උදම් වෙති. කුලපීඩනයට එරෙහිව ඉන්දියාවේ මායාවතීලා බුදු දහම වැළඳගැනීමට සැරසෙද්දී. අපි කුලවාදී නිකායිකයන්ගේ දෙපා මුල වැඳ වැටී නිවන් පතා ඔවුන් පෝෂණය කරන්නෙමු. අප යැපෙන්නේ පෙර කළ පිං පව් වලින් නොව, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය, සරනාගතයන් පිළිබඳ එක්සත්ජාතීන්ගේ එකඟතාවය, ආසියානු මානව හිමිකම් කොමිසම ආදිය ඇතූළු විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ලංකාව ඇතිකරගෙන තිබෙන බැඳීම් නිසාය. යුද්ධය සුනාමිය වැනි බරපතල ආපාදාපන්න අවස්ථාවලදී මෙන්ම ගංවතුර තර්ජන නාය යාම් සුළි සුළං වසංගත රෝග ආදියේ දී අපට පිහිට වූයේ තුන් සූත්තරය නොවන බව ද කිව යුතුය.


කිසියම් ව්‍යසනයදී ලෝකයා අපට පිහිටවන්නේ පරිත්‍යාශීලීන් හැටියට මිස පිංවතුන් හැටියට නොවේ. ඔවුගේ එකම අභිලාශය විපතට පත්වූවන් එයින් ගලවා ගැනීමය. බෞද්ධයාගේ අරමුණ යමක් දන් දී ඒ පිණෙන් මෙලොව පරලොව දෙකේම යැපීමය.

අපට යම් යම් රජවරුන් කළ අභිමාණවත් අතීතයක් තිබූ බව සැබෑය. පෙර දිග ධාන්‍යාගාරය, වැනි විරුද නාමයන් හිමිකරගත්තේ ඒ නිසාය. ගම්වැසියන්ට පමණක් නොව රාජ රාජ මහාමත්‍යාදීන්ට අවශ්‍ය සියළු ලෝහ භාණ්ඩ රන් රිදී මුතු මැණික් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් මෙන්ම ආහාර පාන බේත් හේත් නිෂ්පාදනය කළේ රට තුලමය. එනම් අපි අපිමය. එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කරන්නට ඇත්තේ එවැනි යහපත් කාර්යයන් සඳහා විය යුතුය. අපේ සමහර රජවරුද පැවිද්දන්ගේ පදේටම නැටුවේ නැත. ජෙට්ටතිස්ස, වළගම්බා, මහසෙන් වැනි රජ දරුවන් කස්තිරම් ඇල්ලූ පබ්බජිතයන්ට දුන් දඬුවම් ගැන මීට පෙර පෙන්වා දී ඇත්තෙමු. මහා පරාක්‍රම බාහු රජතුමා මහා විහාර, අභයගිරි සහ සාගලික යන නිකායත්‍රය සමගි කරවා රටේ ආර්ථික සංවර්ධන සඳහා කළ මහඟු මෙහෙවර ද සුළු පටු නොවේ. නමුත් එවැනි රාජ්‍ය නායකයන් අද අපට නැත.

තමන්ට පස්පඩංගුවේ බැණ වදින, රාජ්‍ය පාලන කටයුතු අණ පනත් නිර්දය ලෙස විවේචනය කරන, අධිකරණ නීතිය පමණක් නොව බුද්ධ නීතිය ද සමච්චලයට ලක් කරන කාසාම්භරයන්ගේ දෙපාමුල වැඳ වැටෙන්නට තරම් නිවට නියාළු භාවයට පත්වෙන ජනතා පරමාධිපත්ති ලාභීන්ගෙන් ලබ්බක් බලාපොරොත්තු විය හැකිද?

මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මැතිතුමා යාපනේ අධිකරණ බල ප්‍රදේශය තුල ඇති කෝවිල් වල බිලි පූජාව සඳහා සතුන් මැරීම තහනම් කළේය. පූජාවට මස් අවශ්‍යනම් මස්කඩවලින් මිළදී ගන්නැයි නියෝග පැනවීය. බඩජාරි පූජකයන් අහිංසක හින්දු භක්තිකයන් මුලා කොට කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ජාවාරමක් නතර කළේ හින්දු විනිසුරු වරයෙකි. මෙයින් දෙවියන් උදහස් වූයේ නැත. එළුවන් කුකුළන් මිළදී ගෙන දේවාලයට බිළිදීම සඳහා ජනතාවට වැය වූ මුදල් ද ඉතුරු විය. බුදු සසුන යනුවෙන් අප අද වැද්දාගෙන සිටින්නේ ද හින්දු කුරුක්කල්ලා හඳුන්වා දී ඇති මෙම පූජා ක්‍රමයන්ටය. චෝර වාදීන් පංචස්කන්ධයෙන් පටන්ගෙන පව් පිං වලින් අවසන් කරන්නේ ද හින්දු රටාවමය.

උන් සතුන් බිළි ගනිති. මුන් ගිහියන්ගේ සබ්බ සකළමණාවම බිළි ගනිති. මෙසේ ගිල දමන්නේ රටේ සහ ජනතාවගේ සියළු සංවර්ධන ක්‍රියාදාමයන් සහ ධනාත්මක ආකල්පයන් මිස අන් කිසිවක් නොවේ.

ආර්. ජී. ධර්මදාස විසිනි
 
Last edited:
  • Like
Reactions: SCBmedia

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බුදු දහම කාලයෙන් කාලයට තමන්ගේ වාසියට වෙනස් කරගෙන ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෑ බුදු දහමට එක් කර එය බුදු දමාගෙ ඉගැනිවීම් කියා පෙන්වයි. දැන් පවතින්නේ විකුර්ති දහමකි.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
baudda ponnayo, kari bauddayo

මේ Tags එකතු කරපු එකාට කියන්නේ. නියම බෞද්ධයෝ පොන්නයෝ වෙන්නේ නැහැ. ආගමකට අපහාස කරන්නෝ අධික මනෝමය රෝගී තත්වයකින් පෙලෙන මානසික රෝගියෝය.
 

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Very true. Kenekta mei dewal pehadili karana eka hari amarui. Ai? Minissu ei dewal thadin allagena inna nisa. Tfs.