දුමාල් ද? ශිහාන් ද?

දුමාල්ද? ශිහාන් &#3503

  • දුමාල්

    Votes: 7 33.3%
  • ශිහාන්

    Votes: 14 66.7%

  • Total voters
    21

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දුමාල් ද? ශිහාන් ද?

    ඔබ ප්‍රේම කරලා තියෙනව ද?
    අනිවාර්යයෙන්ම ඔබ "ඔව්" කියයි.

    ඔබේ ආදරේ නැති වෙලා තියෙනව ද?
    99% ක් දෙනෙක් "ඔව්" කියයි.




    ඔබ තාමත් ඒකෙන් විඳවනව ද?
    5% "ඔව්" කියයි.

    අද ආදරේ නැති උනා නම් තවත් වසරක් යනකොට ඔබේ හිත වෙන කවුරුමහරි හොරකන් කරනවාමයි ඔබටත් හොරෙන්. එවිට ඔබ හිතන්නෙ " කලින් කෙනා නෙමෙයි මෙයා තමයි මට ගැලපෙනම කෙනා" කියලා.

    ආදරේ දාල යන්නෙ නෑ කවදාවත්.
    මොකද ආදරයක් නම් දාලා යන්න කිසිම හේතුවක් නෑ.
    මොකද ආදරේ කලා නම් කිසිම හේතුවක් දාලා යන්න තරම් ප්‍රභල වෙන්නෙ නෑ.

    මම කියන්නෙ මේ දිගු දෑස වගේ සුරංගනා කතා ගැන නෙමෙයි හැබෑ ලෝකෙ ජීවත් වෙන හැබෑ මිනිස්සු ගැන. ඔබ බොහෝ දෙනෙක්ට දෙදෙ‍නෙක් තිදෙනෙක් ආශ්‍රය කරලා තමයි හරි කෙනා හම්බෙන්නෙ. සමහරවිට ඔබ බඳින්න තීරණය කරන කෙනා උනත් වැරදි කෙනෙක් වෙන්න පුලුවන්.

    ඔබව දාලා යන පෙම්වතියට හෝ පෙම්වතාට ඔබේ දුක කියලා
    හැර යන ආදරේ ලබා ගන්න උත්සහ කරනවා නම්?
    සිංදුවක් කියලා ඇයට හෝ ඔහුට ඒ බව තේරුම් කරන්න උත්සහ කරනවා නම්?
    ඔබ කොයිතරම් මෝඩද.

    ආදරය කලේ ඔබට පමණක් නම් කිසිම දාක ඔබ ජීවත්ව සිටියදී හැරයන්නෙ නෑනෙ.
    ඉතින් ගියා කියන්නෙ ඔබට (පමණක්) නෙමෙයි ඔබ සතු යම් ‍දේකටයි ආදරේ කරලා තියෙන්නෙ.

    දුමාල් වර්ණකුලසූරිය ළඟදි සිංදුවක් කියනවා
    "හමු වුන හැම දේටම වඩා හමු උනේ ඔබමය,
    නැති උන හැම දේකටම වඩා නැති උනේ ඔබමය"
    අතිශය දීර්ඝ සිංදුවක්... ඒක කියන්නෙ හැර යන ආදරේට තමන්ගෙ දුක කියන්නලු
    අතිශය දුක්ඛිතයි. හඬා වැලපෙනවා.
    හරි කෙල්ල ගියා කියමු ඒ කෙල්ල ගියේ එක පාරයි.
    ඒත් මේ මනුස්සයා දවසට 10 පාරක් ඒ වේදනාව මෙනෙහි කරනවා.
    බලන්න කොයිතරම් මෝඩද කියලා.
    ඒ මදිවට ඒක රූපවාහිනියෙත් ඇවිත් කියනවා.

    ඒත් කියන්න තිබුණෙ එකම දෙයයි
    ඒ ශිහාන් කියන දේ
    ඔබ ගියා නම් යන්න... ඔබ ගියා කියලා මට බලපෑමක් වෙන්නෙ නෑ
    ඔබ ගියොත් මගේ තවත් එක් දුක් වෙන්නට තිබුණු දෙයක් නැති උන නිසා සතුටු වෙනවා.
    ඔබ අද අමාරුවෙක් රඳවගත්තත් හෙට තවත් හේතුවක දි ඔබ යනවා.

    " අද තනියෙන් මා - හඬන්නෙ නෑ මා
    මා දමා ඈ ගියා.. කියා.... මා දමා...
    සිත දුක් දෙන්නෑ. අද මට තනි නෑ
    ඔබ නෑ කියා...."