දුමින්දගේ උණ්ඩ අධිකරණයට දී නෑ
මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ ගැටුමේදී මරණීය තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන තෙක් කිසිදු දැනුම් දීමක් කර නැතැයි වාර්තා වේ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ යම් කිසි අපරාධයක් සිදුවුවහොත් ඒ පිළිබඳ හැකි ඉක්මනින් අදාල පොලිස් වසමට අයිති ළඟම ඇති අධිකරණයට බී වාර්තාවක් මඟින් ඉදිරිපත් කල යුතුය.
ඝාතයට ලක්වූ භාරත ලක්ෂමන් මහතාගේ ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙඩි වැදීම සම්බන්ධයෙන් මේ වන තෙක් බී වාර්තාවක් ඉදිරිපත් කර නොමැත.
ගිණි අවි භාවිතා කරමින් ඝාතනයක් සිදුකිරීම සහ මරණීය තුවාල සිදුකිරීම යටතේ බී වාර්තාවක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කල යුතු අතර එහිදී තුවාල ලැබූ මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීමට මහේස්ත්රාත්වරයෙකු රෝහලට යා යුතුය. නමුත් මේ වන තෙක් එවන් සිදුවීමක් වාර්තා නොවේ.
මේ අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් මන්ත්‍රීවරයා දැක නැති අතර ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ මේ දක්වා සටහනක්ද ලබාගෙන නැත.
එසේම මන්ත්‍රිවරයාගේ හිසේ තිබී සැත්තමකින් ඉවත් කල උණඩද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් රස පරීක්ෂකවරයා මාර්ගයෙන් උණ්ඩය පිටවූ අවිය සොයාගත යුතු අතර මේ දක්වා මෙම කාර්යයද සිදුව නැත.

ehema kaloth mu mole damage wela marenwa sure

kudu mudalaliladeshamanya wena ratak dan meka