දුමින්ද සිල්වාගේ හිසට සිදුකළ බරපතල ශල්‍ය

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    දුමින්ද සිල්වාගේ හිසට සිදුකළ බරපතල ශල්‍ය

    f09bf31949.jpg

    මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප දැන් අප වෙත ලැබී තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්. මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී සැබවින්ම අගතියට පත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව තහවුරු කෙරෙන, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අප වෙත ලැබී තිබෙනවා. පහත දැක්වෙන්නේ එම වාර්තාව සහ ඡායාරූපයි.


    මේ අතර, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදුණේ කෙසේද ? වෙඩි තැබුවේ කවුද? ඒ, කුමන ගිනි අවියකින් ද ? යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වී නොමැත. එලෙස වෙඩි තැබූ ගිනි අවිය පවා මෙතෙක් සොයාගෙන නැත. එමෙන්ම මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී භාරත ලක්ෂ්මන් සමග පැමිණි මැර කණ්ඩායම තවමත් නිදැල්ලේය. ඔවුන් සියල්ලන්ම එම අවස්ථාවේ ගිනි අවි භාවිත කළ බවට ද තොරතුරු වාර්තා වී ඇත. නමුත්, මේ කිසිවක් පිළිබඳව තවමත් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, භාරත ලක්ෂ්මන්ගේ මෙම මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ද කි‍්‍රයා කර නැත.


    මුල්ලේරියාව සිද්ධියේ අධිකරණ කි‍්‍රයාවලිය පිළිබඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය ඉදිරිපත් කළ ප‍්‍රකාශය.

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තුවාල සිදු වූයේ කෙසේ ද සහ ඔහුට වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය පරීක්ෂාවට ලක් කිරිමේදී කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් රහස් පොලිසියට නියෝග කළා. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සිදුවූ තුවාල දැක්වෙන ස්කෑන් පරීක්ෂාවක ඡායාරූප 19 ක් අධිකරණයට ඉදිරිපත් කළා. මොලයට සහ හිස් කබලට සිදු වූ තුවාල, උණ්ඩ හිසට ඇතුලූ වූ සහ ඒවා පිට වූ තුවාල එම ඡායාරූපවල දැක්වුණා. මෙම වෙඩි තැබීම සෙන්ටිමීටර් 10 ත් 30 ත් අතර දුරකින් සිදුවී තිබෙන බවත් එහිදී පෙන්වා දෙනු ලැබුවා. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බිම බලාගෙන සිටියදීයි. තොරතුරුවලට අනුව භාරත ලක්ෂ්මන් සහ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා අතර ගැටුමක් සිදුවී ඇති බවත් භාරත ලක්ෂ්මන් බිම ඇද වැටුණු පසු ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඔහුගේ ඇඟ මතට වැටී ඇති බවත් එම ප‍්‍රකාශයේ සඳහන්. ප‍්‍රශ්නය තිබෙන්නේ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට වෙඩි තැබූවේ කවුරුන්ද යන්න පිළිබඳවයි. මන්ති‍්‍රවරයාට තුවාල සිදුවූයේ කෙසේද යන්න දැනට ලැබී තිබෙන පැමිණිලි සහ වාර්තා අනුව නිවැරදිව ප‍්‍රකාශ කළ නොහැකියි. තත්ත්පර 30 ක කාලයක් ඇතුළත මේ සියල්ල සිදුවී තිබෙනවා. ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සිදුවූ වෙඩි තැබීමෙන් පසුවයි අනෙකුත් සියලූම වෙඩි ප‍්‍රහාර සිදුවී ඇත්තේ. වෙඩි වැදුණු පසු ඔහු ලේ ගොඩක් මත බිම වැටී තිබෙනවා. අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් ප‍්‍රකාශ කළේ ඔහුට තුවාල සිදුවුයේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. පැමිණිකාර පාර්ශ්වය ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නිශ්ප‍්‍රභ කළා. අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් තවදුරටත් සඳහන් කළේ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ශි‍්‍ර ලංකාවට පැමිණි පසු ඔහුව උසාවියට ඉදිරිපත් කිරිමට රහස් පොලිසියට බලතල ඇති බවයි.


    9e0eac76cb.jpg


    d71b353aea.jpg

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප 01

    00f3eca1c9.jpg



    Dumindage Aththa Photo 1k

    f8a3cf966d.jpg
    :lol::lol::lol::lol::lol::lol:

    Source
    http://hirunews.lk/sinhala/23749
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඒකෙත් හැටි... අපිට එහෙම ඔහොම වෙඩි වැදුනා නම් සොරි වෙනවා.... ධනය සහ බලය තියෙනවා නම් මොනා කරන්න බැරිද..?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඒකෙත් හැටි... අපිට එහෙම ඔහොම වෙඩි වැදුනා නම් සොරි වෙනවා.... ධනය සහ බලය තියෙනවා නම් මොනා කරන්න බැරිද..?

    apita wadunanam aniwa melahakata paralowa sapath wela :P mu marenneth na ne.