දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුව

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුව

    දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුවෙයි!



    3094




    හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මෙරට ප්‍රකට වූයේ ඔහුට භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු ව හටගත් අමතක වීමේ භයානක රෝගය නිසා ය. එම රෝගය ඊයේ දිනයේ නැවත මතු වුණ බව අප වෙත වාර්තා වූයේ, ඊයේ අධිකරණ ප්‍රවෘත්ති වාර්තා කරන්නට ගිය අප වාර්තාකරුවාගෙනි.


    භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගය ඊයේ (26) විභාගයට ගැනෙමින් තිබිය දී මෙම තත්ත්වය මතු විය. දෙමටගොඩ චමින්ද නමැති විත්තිකරු ප්‍රකාශයක් කරමින් සිටිය දී තමා ඉන්නේ කොතනක දැ යි ද, තමා එම නඩුවේ 11 වැනි විත්තිකරු යැ යි ද, මේ පවතින්නේ මහින්ද රාජපක්ෂ රෙජිමය නොවේ යැ යි ද අමතක වූ දුමින්ද සිල්වා අධිකරණයේ අවසරයකින් තොරව පිටව යෑම එ් බව තහවුරු කළේ ය.


    දුමින්ද සිල්වා නැවත කැඳවා අධිකරණය විසින් තරයේ අවවාද කරනු ඉන් පසු ව දකින්නට ලැබුණි.


     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකට අමතක වෙන්නෙ නඩුව යනකොට විතරයි.බඩු ගහනකොටනන් ඔක්කොම මතකයි!!:P:angry::growl::growl::lol::lol: