දුමින්ද සිල්වා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දුමින්ද සිල්වා

    ‘කෝටි හතරක මත්කුඩු සමඟ ලාලිත්‍ර අත්අඩංගුවට’ යන ශීර්ෂයෙන් ඉකුත් 13 වැනිදා (සඳුදා) ‘දිවයින’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක්‌ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (21) ‘දිවයින’ කාර්යාලයට පැමිණි රහස්‌ පොලිසියේ වානිජ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා එම ප්‍රවෘත්තිය ලියූ ‘දිවයින’ මාධ්‍යවේදියා දැඩි ප්‍රශ්න කිරීමකට ලක්‌ කර තිබේ.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා රහස්‌ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක්‌ සඳහා තමන් ‘දිවයින’ ට පැමිණි බව මෙහිදී කියා ඇති අනුර ද සිල්වා මහතා මෙම ප්‍රශ්න කිරීම අතරතුර ‘දිවයින’ නියෝජ්‍ය කර්තෘවරයාගෙන් ද කරුණු විමසා ඇත.

    ‘දිවයින’ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා විසින් ඉහත ප්‍රවෘත්තිය ලියා තිබුණු අතර රජයේ තරුණ මන්ත්‍රීවරයකු ‘ලාලිත්‍ර’ අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට බලපෑම් කර ඇතැයි ද එහි සඳහන් කර තිබිණි.


    එම ප්‍රවෘත්තියේ සඳහන් රජයේ තරුණ මන්ත්‍රීවරයා තමන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රහස්‌ පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද ‘දිවයින’ ට පැමිණි පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

    මෙම තොරතුරු තමන් වෙත ලැබුණු ආකාරය පිළිබඳව ද ඔහු දැඩි අවධාරණයෙන් විමසා තිබේ. එම තොරතුරු ලැබුණු ආකාරය මෙන්ම එම දේශපාලනඥයා කවරෙක්‌ද යන්න පිළිබඳව සඳහන් කළ යුතුව තිබුණු බව ද පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතාගේ අදහස වී ඇත.

    කෙසේ හෝ ඒ තතු හෙළි කිරීමට තමා බැඳී නැති බව ද නම් ගම් පළ කරනු ලබන්නේ අධිකරණයකදී ප්‍රකාශ වන්නේ නම් පමණක්‌ බව ද ඔහුට පිළිතුරු ලෙස හේමන්ත රන්දුණු මහතා කියා ඇත. අනතුරුව සිය ප්‍රශ්න විමසීම අවසන් කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා නික්‌ම ගොස් තිබේ.
    :angry::angry::angry::angry::angry::angry:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    piggyduminda.jpg

    SARATH REPLIES TO DUMINDA TODAY.
    THE WOMANIZER HAD SPOKEN AGAINST ME YESTERDAY.FOR A PERSON WHO BRAVELY CONFRONTED WITH THE BRUTAL LTTE TERRORISTS HAS NO FEAR TO CONFRONT WITH PIGS
    -SARATH FONSEKA
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද පත්තරේ තිබ්බ, හඳ පෙන්නූ විට ඇඟිල්ලෙන් ප්‍රශ්න කිරීම කියලා....
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කුඩු පුවතට නඩු "දිවයින"ට ද?

    "කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" අත්අඩංගුවට" යන හිසින් ඉකුත් 13 වැනිදා (සඳුදා) "දිවයින" පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක්‌ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (21 දා) "දිවයින" කාර්යාලයට පැමිණි රහස්‌ පොලිසියේ වානිජ අපරාධ අංශයේ (ඪ) ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා එම ප්‍රවෘත්තිය ලියූ "දිවයින" මාධ්‍යවේදියා දැඩි ප්‍රශ්න කිරීමකට ලක්‌ කළේය.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා රහස්‌ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක්‌ සඳහා තමන් "දිවයින" ට පැමිණි බව මෙහිදී කී අනුර ද සිල්වා මහතා මෙම ප්‍රශ්න කිරීම අතරතුර "දිවයින" නියෝජ්‍ය කර්තෘවරයාගෙන් ද කරුණු විමසීය.

    "දිවයින" මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා විසින් ඉහත ප්‍රවෘත්තිය ලියා තිබුණු අතර රජයේ තරුණ මන්ත්‍රීවරයකු "ලාලිත්‍ර" අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට බලපෑම් කර ඇතැයි ද එහි සඳහන් කර තිබිණි.

    එම ප්‍රවෘත්තියේ සඳහන් රජයේ තරුණ මන්ත්‍රීවරයා තමන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රහස්‌ පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද "දිවයින" ට පැමිණි පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා සඳහන් කළේය.

    මෙම තොරතුරු තමන් වෙත ලැබුණු ආකාරය පිළිබඳව ද ඔහු දැඩි අවධාරණයෙන් විමසා සිටියේය. එම තොරතුරු ලැබුණු ආකාරය මෙන්ම එම දේශපාලනඥයා කවරෙක්‌ද යන්න පිළිබඳව සඳහන් කළ යුතුව තිබුණු බව ද පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතාගේ අදහස විය. කෙසේ හෝ ඒ තතු හෙළි කිරීමට තමා බැඳී නැති බව ද නම් ගම් පළ කරනු ලබන්නේ අධිකරණයකදී ප්‍රකාශ වන්නේ නම් පමණක්‌ බව ද ඔහුට පිළිතුරු ලෙස කියා සිටියේය. අනතුරුව සිය ප්‍රශ්න විමසීම අවසන් කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා නික්‌ම ගියේය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හඳ පෙන්වූ විට ඇඟිල්ලෙන් ප්‍රශ්න කිරීම

    මතට තිත යනු විහිළුවක නමක්‌ නොවේ.

    ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සුවිශේෂ අවශ්‍යතාව මත නිර්මාණය වූ සහ නොපසුබටව ක්‍රියාත්මක වූ ප්‍රායෝගික වැඩපිළිවෙළකද නමකි.

    මේ ප්‍රායෝගික වැඩපිළිවෙළට පින්සිදුවන්නට මරු පහරක්‌ වැදුණු දුර්දාන්ත ක්‍රියාවන් දෙකක්‌ මේ රටේ තිබේ.

    එකක්‌ නම් මත්පැන් පානය කිරීමට සහ අලෙවි කිරීමට මේ රටේ පැවැති වල්බූරු නිදහසය. අනෙක නම්, මොන හස්‌තිරාජයා කීවත් මර්දනය කළ නොහැකිව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමය.

    මෙම ජාවාරම් මෙහෙයවන්නෝ අහිංසකයෝ නොවෙති. දැ හිතැත්තෝ හෝ ජාතික සංවර්ධනයට අංශුමාත්‍රයක සේවාවක්‌ සපයන්නෝ හෝ නොවෙති. රටක්‌ ජාතියක්‌ ක්‍රමයෙන් විනාශ කළ හැකි සියලු ශක්‍යතාවන් සහිත මොවුන් ත්‍රස්‌තවාදීන්ටත් වඩා බිහිසුණු සත්ත්ව කොට්‌ඨාසයක්‌ පමණක්‌ම වෙති.

    ත්‍රස්‌තවාදයෙන් රට මුදාගැනීම හැරුණු කොට වත්මන් රජයට මේ රටේ ජනතාවගේ ගෞරවය හිමිවන අනෙක්‌ ප්‍රධාන කරුණ වූයේ එය ජනතාවට පොරොන්දු වූ ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද යුද වැදීමය.

    අනාදිමත් කාලයක පටන් මේ රටේ සාමාන්‍ය අත්දැකීම වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම යනු හුදෙකලා දුෂ්ටයන් පිරිසකගේ ඒකල ව්‍යාපෘතියක්‌ නොව යම් යම් ප්‍රමාණවලින් සහ තරාතිරම්වලින් ඇතැම් දේශපාලනඥයන්ගේද ඇතැම් පොලිස්‌ නිලධාරීන්ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වූ බහු බල ව්‍යාපෘතියක්‌ බවය.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ සෑම රජයක්‌ම පාහේ මේ බහු බල ව්‍යාපෘතිය සමඟ එක්‌තරා ප්‍රමාණයකින් හෝ යුද වැදුණු බවද, එහෙත් ඒ හැමවිටම අවසානයේදී පරාජය වූ බවද නොදන්නා කෙනෙක්‌ මේ රටේ නැත. (මත්ද්‍රව්‍ය ජාවාරම ත්‍රස්‌තවාදයටත් වඩා භයානක යෑයි අප කියන්නේ ඒ නිසාය.)

    එහෙත් වත්මන් රජය මේ සංග්‍රාමයේදී ද පරාජය වන සැටියක්‌ පෙනෙන්නට නැත. පසුබැසීම්, නිහඬවීම් වරින්වර පෙනෙන්නට ඇති නමුදු එය මත් ජාවාරමට එරෙහි නිසැක ප්‍රහාර මාලාවක නිරතව සිටියි.

    රජයේ පූර්ණ ආශිර්වාදය සහිත පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ද ඊට අදාළ ජාවාරම්කරුවාද අත්අඩංගුවට ගත්තේ එහෙයිනි.

    "දිවයින" පුවත්පත මේ විශිෂ්ට ක්‍රියාව අනෙක්‌ පුවත්පත් මෙන්ම ප්‍රමුඛත්වයකින් යුතුව රටට හෙළිදරව් කළා පමණක්‌ නොව ඒ පිළිබඳව ඉදිරිපත් කළ පශ්චාත් ප්‍රවෘත්තිමය විග්‍රහයන් හිදී තමන් පොලිස්‌ ආරංචි මාර්ග වලින්ම ලබාගත් තොරතුරක්‌ පහත සඳහන් ආකාරයෙන් හෙළිදරව් කරනු ලද්දේ ද වෙයි.

    ඒ මෙසේය.

    "............මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මුදා ගැනීම සඳහා රජයේ එක්‌තරා තරුණ මන්ත්‍රීවරයකු දැඩි උත්සාහයක නිරත වන බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය. මෙම මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට දිගින් දිගට දුරකථනයෙන් කතා කරමින් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අහිංසකයකු බව කියමින් ඔහු මුදාහරින ලෙස බලපෑම් එල්ලකොට ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි......."

    අර පේන්නේ හඳ යෑයි අප හඳ පෙන්වන කල ඇඟිල්ල දෙස බලා ප්‍රශ්න නඟන මෝඩයන් සිටින්නේ ජනකතාවල පමණක්‌ යෑයි අපි මෙතෙක්‌ සිතා සිටියෙමු. එහෙත්, එය එසේ නොවන්නේ යෑයි කිවහැකි සිදුවීමක්‌ද ප්‍රශ්නයක්‌ද මේ ඊයේ පෙරේදා අපගේ හිසමත කඩා වැටුණේය.

    එනම්, මෙම රජයේ මන්ත්‍රීවරයා කවුදැයි හෙළිකරන්නැයි සැර කරමින් ශ්‍රී ලංකා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිලධාරියකු මෙම ප්‍රවෘත්තිය වාර්තා කළ අපගේ ලේඛකයා පසුපස පැන්නීමය.

    ඉහත කී නිලධාරියා සේවය කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයත් යනු එකම පොලිස්‌ සේවාවකට අයත් අංශයන් දෙකකි.

    සැකකරු මුදාගැනීමට බලපෑම් කරන මන්ත්‍රීවරයා කවරෙක්‌දැයි යන්න දැනගැනීමට ඔහුට අවංක වුවමනාවක්‌ තිබේ නම් ඔහු ප්‍රථමයෙන් ඒ පිළිබඳව විමසිය යුත්තේ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයෙනි.

    මත්ද්‍රව්‍ය නාශක අංශය ඒ තොරතුරු ඔහුට සපයන්නේද නැද්ද යන්න අපි නොදනිමු. ඒ පිළිබඳ වගකීමක්‌ද අපට නැත. එහෙත් වගකීමකින් යුතුව ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන පුවත්පතක්‌ ලෙස යම් පුද්ගලයකු නීති මගින් සැකකරුවකු බවට පත්කරන තුරු ඒ පුද්ගලයාගේ නම පුවත්පත මඟින් ප්‍රසිද්ධ නොකිරීම අප පිළිගන්නා මාධ්‍ය ආචාර ධර්මයකි.

    දෙකක්‌ ඇන ඇසුවද තොරතුරු ලබාගත් මාර්ග හෙළි නොකිරීමද අප පිළිගන්නා ආචාර ධර්මයකි.

    පොලිසියේම එක කොටසක්‌, අප පොලිසියම කළ විශිෂ්ට සේවාව අගයමින් එයට දිරිදීම පිණිසම එයට අනිසි බලපෑම් කරන බලවතුන් පිළිබඳව නිර්නාමිකව හෙළිදරව් කිරීමෙන් මේසා කලබලයකට පත්වන්නේ මන්ද යන්න අපට පැහැදිලි නැත.

    මේ වූ කලී රටේ ජනාධිපතිතුමාත් ආරක්‍ෂක ලේකම්තුමාත් රටේ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට ගන්නා සෘජු ක්‍රියාදාමයන්ට එකඟවන්නක්‌ නොවන බව නම් අපට සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

    හඳ පෙන්වූ විට ඇඟිල්ලෙන් ප්‍රශ්න කිරීමේ කතාවක්‌ අප කීවේ ඒ නිසාය.

    ඒ කතාව හැර මේ කතාව තුළ තවත් කතා ද තිබිය හැකිය.

    ඒ කතා පසුවටය...
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මත් කුඩු ජාවාරමේ යෙදී සිටියදී අත්ඩංගුවට ගත් 'කුඩු ලාලිත්‍ර' නමැත්තා පිළිබඳව 'දිවයින' පුවත්පත පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඊයේ එම පුවත්පත් කාර්යාලයට පැමිණි රහස් පොලිස් නිලධාරීන් දැඩි ලෙස ප්‍රශ්න කොට තිබේ.

    එම පුවත්පත විසින් පළ කරන ලද වාර්තාවේ නම සඳහන් නොකරමින් සඳහන් කර ඇති රජයේ තරුණ මන්ත්‍රීවරයා තමන් බව පවසා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුවී තිබේ.

    'කුඩු ලාලිත්‍ර' අත්අඩංගුවට ගැනීම සම්බන්ධව රජයේ තරුණ මන්ත්‍රීවරයකු පොලිසියට බලපෑම් කරමින් සිටින බව එම පුවත්පත වාර්තා කර තිබිණි. මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන ආකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදු වූ බවද වාර්තා වේ.

    දුමින්ද සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වන අතර ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය
     
    දුමින්ද සිල්වා ඇතුළු පවුල ම කුඩු ජාවාරම් කරන බව අතිගරු ජනාධිපතිතුමා ඇරෙන්න මුළු රටම දන්නවා...
    ආසියාවේ ආශ්චර්ය...

    :oo::oo: :oo::oo:
     

    Similar threads